(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නත්තරන්පොත ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකු ගේ නිවසට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් ,මුදල් සහ රුපියල් විසි දහසක් වටිනා සුවඳ විලවුන් බෝතලයක් හොරා ගෙන ගිය බව කියන පුද්ගලයකු, ,අත්අඩංගුවට ගැනීමට මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නිල සුනඛ ‘‘ඒගර්‘‘ විසින් ලබාදුන් හෝඩුවාවක් අනුව වත්තේගම පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පොලිස් නිල සුනඛයා සැකකරු ගේ නිවසට ඇතුළු වන අවස්ථාවේ එම සැකකරු නිවසේ සිට නොමැත.
මෙම සොරකම සිදු වූ නිවසින් සොරාගත් සුවඳ විලවුන් කුප්පිය බහා තිබූ පෙට්ටියට පොලිස් නිල සුනඛ යාට ඉව කිරීමට ලබාදුන් බව අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සුවඳ විලවුන් පෙට්ටියට ඉව කළ පොලිස් නිල සුනඛ කිලෝමීටර් තුනක් පමණ දුරක් ගෙවා සැකකාර පුද්ගලයා පදිංචිව සිටින නිවසට ඇතුළු වී එම නිවසේ කාමරයක බිම තිබූ ලෑල්ල කට ඉව කර එම ස්ථානයේ වැතිරුණු බව පොලිස් නිල සුනඛ කොට්ඨාශය පවසයි.
සැකකරු රාත්‍රි කාලයේ නිදා ගන්නේ මෙම ලෑල්ල මත බව නිවසේ සිටි අය පොලිසියට පවසා ඇත.
පොලිස් නිල සුනඛයා මෙහෙයවනු ලැබුවේ මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පොලිස් සැරයන් පී ජී ජයරත්න(42320)මහතා විසිනි. එමකොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා මෙහිදී අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගොයම් කොලෙන් ඝාතකයා ඇල්ලූ ‘‘ඒගල්‘‘ ගෙන් තවත් කරනමක්
නිහාල් Saturday, 18 March 2023 08:16 AM
පොලිස් නිලධාරීන් ඉවත්කර සුනඛයින් සේවයට බඳවාගන්න...
Bunny Preena Saturday, 18 March 2023 09:02 AM
සුනඛයෙක් නිසා හැමදාම හොඳට රාජකාරිය කරලා හොරු අල්ලාවි.
ගමේ එකාලා Saturday, 18 March 2023 07:47 PM
කකුල් දෙකේ උන්ට වඩා කකුල් හතරේ සුනඛයෝ වැඩියෙන් ඉන්න තරමට හොන්දා කියලා හිතෙනවා.
Lalla Saturday, 18 March 2023 10:03 PM
පොලිසිය බල්ලට ගිහිල්ල කියල නේද මේ කියන්නේ....