(රංජන් කස්තුරි)
උපාධි ධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය අත්හිටුවීමට තිරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
දකුණු පළාත,බස්නාහිර, නැගෙනහිර සහ උතුරු මැද පළාත යන පළාත් හතර සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට අයදුම්පත් කැඳවා තිබූ අතර ඒ සඳහා අයදුම්කරුවන් 30,000ක් පමණ ඉල්ලුම් කර තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
ඉල්ලුම්කරුවන් අයඳුම්පත් යොමු කිරීමේදී ඔවුන්ගෙන් විභාග ගාස්තු ලෙස රුපියල් 1000 බැඟින් අයකරගෙන තිබෙන අතර විභාගය නොපැවැත්වීමෙන් තමන් දැඩි අසාධාරණයකට ලක්වන බව ද විභාග අපෙක්ෂකයෝ කියති.
මේ අතර ගුරු තරග විභාගය නොපවත්වා දැන බඳවා ගෙන සිටින උපාධිකාරී අභ්‍යාසලාභීන් පිරිසක් ගුරු සේවයට අනුයුක්ත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දුවක් ගෙන ඇතැයි ද වාර්තා වෙයි
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරු තරග විභාගය අත්හිටුවයි
Lalith M Tuesday, 05 October 2021 08:18 AM
ඒ කියන්නේ තරඟ විභාග වලට මුහුණ දීමට බැරි කමකට නැති රෑනක් ගුරු සේවයට යන බව. වැඩිපුර විද්‍යාව ගණිතය, තාක්ෂණික අධ්‍යාපනයට යොමුවිය යුතු කාලයේ කලා වාණිජ කරපු අය සහ බොහෝ බාහිර උපාධිය ලබාගෙන තිබෙන අය නැතිව හරියට අවශ්‍ය අය ගුරු සේවයට ගන්න.
ගුණවර්ධන Tuesday, 05 October 2021 12:52 PM
පුදුම අසාධාරණ තීරණයක්නෙ මේක. එහෙනම් මොකටද විභාග කැඳෙව්වෙ..? අපි විභාගෙට සල්ලි ගෙවලා අයදුම් කරලා අතේ තිබුණු සල්ලි වියදම් කරගෙන පන්තිවලට ගියේ මේ ටික අහන්නද..?
Jayantha Tuesday, 05 October 2021 01:07 PM
ඒ කියන්නේ ආයෙත් දේශපාලනයට ගුරු පත්වීමත් ලබා දෙන යුගය පටන් ගත්තා. මාර වැඩේ ලංකාවට උනේ.
අශිකා කෙමීශ් Sunday, 02 October 2022 10:59 AM
අපිත් ඩිප්ලෝමා ගුරු විභාගය ලියලා තාම ඉන්නවා ප්‍රතිඵල නෑ. අපි ජීවිත කාලයක් ජොබ් නැතුව හරි අමාරුවෙන් තමයි දෙමව්පියෝ වුණත් තරුණ ළමයි ජොබ් නැතුව ගෙදර ඉද්දී අසරණ වෙනවනේ... එයාලාට සලකන්න ඕනෑ කාලේ එයාලා අපිට සලකනවා. දේශපාලනය කරන අය බොරු කරනවා. අපි එයාලාට බලයට එන්න ඡන්දේ දෙනවා එයාලා වැජඹෙනවා. අපිට ජොබ් එකක්වත් නැතුව අසරණ වෙනවා. පුළුවන් නම් ගුරු විභාග ප්‍රතිඵල නැතත් අපිව පුරප්පාඩු බලලා ඒ ඉස්කෝලවලට හරි දාන්න. හැමෝටම රට යන්න බෑනේ කියූ පමණින්. සාධාරණයක් කරන්න අපිටත්...!