(අජන්ත කුමාර අගලකඩ)
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නය ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයන් සමඟ අද(27) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් විය යුතු බව මෙන්ම ගුරු සේවය වෙනම සේවාවක් බවට පත් විය යුතුය යන්න පිළිගන්නා බවද අගමැතිවරයා සඳහන් කළේ ය.
එසේ වුවද රටේ පවතින ආර්ථික තත්වය අනුව වැටුප් විෂමතා ඉවත්කිරීමේ හැකියාවක් නොමැති බවද අගමැතිවරයා සඳහන් කර ඇත.
අගමැතිවරයා සහ ගුරු වෘත්තීය සංගම් අතර මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවැත්විණි
අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස් ,ආචාර්ය බන්දුල ගුණවර්ධන ,විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, වෛද්‍ය රමේෂ් පතිරණ, සුසිල් ප්‍රේම ජයන්ත සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුද ,ගුරු හා විදුහල්පති සංගම් නියෝජනය කරමින් ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු වෘත්තිය සංගම් නියෝජිතයෝ පිරිසක් ද මීට සහභාගී වුහ .
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගුරු වැටුප් ගැටළුව ලබන සතියේ යළි සාකච්ඡාවට
Babasingngno Burullapitiya Tuesday, 27 July 2021 03:47 PM
අධ්‍යාපනය, අධ්‍යයනය කියන වචන දෙකේ තේරුම නොදන්න අධ්‍යාපන ඇමැතියි, විමලෙයි සමග එකතු වෙලා මොන සාකච්ඡාද? විදුහල්පති ගුරු සංගම් මහත්වරුනි, උප්පැන්න සහතිකය ලියවාගන්නද?
Puppa Tuesday, 27 July 2021 04:22 PM
දැන් මිනිස්සුන්ට සාකච්ඡා තියලා අන්දන්න අමාරුයි ලොක්කා. ලොක්කමනේ ඇහුවේ දැන් සැපයිද කියලා..
Prase Tuesday, 27 July 2021 05:55 PM
අගමැතිතුමනි, කෙළින්ම කියන්න... රට ආර්ථික අර්බුදයක... කාටවත් කිසිම දෙයක් දෙන්න බැහැ... ඒ මොකද රජයේ සේවකයෝ විතරයිද කන්නේ...?
ThilakThursday, 29 July 2021 09:28 PM
දෛනික වැටුපට වැඩ කරන ජනතාව හරිම අපහසුතාවයෙන් මේ කාලය තුළ ජීවත් වෙන්නේ. මේ අයට මෙසේ වැටුප ඉඳලාම හම්බ වෙනවා. හරිම අසාධාරණ ස්ට්‍රයික් එකක්... කොරෝනාවෙන් පීඩා විඳින වෙලාවේ. ඔය ස්ටාර්ලින් වගේ අය මොන ලෝකෙද යන්නේ? නම අහනකොටත් අප්පිරියයි.
මුණසිංහ Tuesday, 27 July 2021 07:10 PM
ඉස්කෝලේ ඉගැන්වීම් නතර වුණාට කමක් නැහැ... ඒ ගුරුවරු ටියුෂන් වල උගන්වන නිසා. ළමයින්ට පාඩුවක් නැහැ...
SL Wednesday, 28 July 2021 11:04 AM
ගම් වල පාසැල් වල ගුරුවරු හරියට උගන්වනවා නම් , ලංකාවේ ගම්වල දරුවන් කීදෙනෙක් විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙලාද ? ගුරුවරු හරියට උගන්වනවා නම් පුද්ගලික උපකාරක පන්ති මොකට ද ? පඩි වැඩි උනහම උපකාරක පන්ති වහන්න පුළුවන් වෙයි ද ?
Thilina Tuesday, 27 July 2021 10:17 PM
මේ වෙලාවේ කිසිම පඩි වැවැඩිවීමක් සිදු නොකළ යුතුයි . රටම වසංගතයකට මූණ දෙමින් ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවේ මොනවද මේ කරන බාල වැඩ..අපි පුද්ගලික අංශයේ සේවකයෝ විදිහට නොයෙකුත් මූල්‍ය කප්පාදු මැද්දේ රැකියාව කරන්නේ ආයතනයත් රැකගන්න අවශ්‍ය නිසා. පහුගිය අවුරුදු එක හමාරම මොවුන් හිටියේ ගෙදර .සියලු අමතර වියදම් අඩු වෙලා සම්පූර්ණ පඩිය අරගෙන මේ කරන්නේ තනිකරම ආත්මාර්ථකාමී දේශපාලන වැඩසටහනක් . කෝවිඩ් නීති අමු අමුවේ උල්ලංඝනය කරලා උද්ඝෝෂණය කරනවා. පාරේ යන වාහනවල හුළං අරිනවා..මේ වගේ මිනිස්සුද අර ගරු ගුරු වෘත්තීය කරන්න ඉන්නේ..ඉස්සර මේ වගේ ගුරුවරු අපිටනම් හිටියේ නැහැ ..ඇත්තටම මොවුන් ලැජ්ජා විය යුතුයි
Dewa Wednesday, 28 July 2021 07:51 AM
බලධාරීන් ප්‍රශ්නය කල් දම දමා පැනලා යන්න එපා.. පිළිතුරු ලබාදෙන්න...