IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ගුරු වෘත්තියට නියම තැන දෙනවා

(ආරියරත්න රණබාහූ)

තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරනවා යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී පැවසීය.

උතුරේත් දකුණේත් නැගෙනහිරත් සෑම සියලු දෙනාම වෙනසක් බලාපොරොත්තු වෙන බව පැවසූ දිසානායක මහතා දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ගේ සහය ද ඒ සඳහා ඉල්ලා සිටින බව කීය.

ජාතික ජන බලවේගය සමඟ හැප්පීමට තරම් දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක් දැනට නැති බවද ඔහු සඳහන් කළේය.

දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ට ඒ භාෂාවෙන්ම රජය සමඟ කටයුතු කිරීමට අවස්ථාව දෙන බවද ඔවුන්ගේ ආගම සංස්කෘතිය ආරක්ෂා කරමින් ඒවා ගොඩනැගීම සඳහා අවශ්‍යය සියලු දේවල් සම්පාදනය කර දෙන බවද හෙතෙම කීය.

දිසානායක මහතා මේ අදහස් පළ කළේ පැවති ගුරු සමුළුව අමතමිනි.



අදහස් (19)

ගුරු වෘත්තියට නියම තැන දෙනවා

Jagath Liyanage Saturday, 29 June 2024 09:58 AM

මාලිමාවට ජයවේවා.. අඅනුර කුමාර ජනාධිපති වී අපට හොඳ කලදසාවක් එනකන් ඇඟිලි ගැන ගැන ඉන්නේ...

:       80       18

Pradeep Kumara Saturday, 29 June 2024 10:00 AM

වැඩ කරමු, පෙල ගැහෙමු, දූෂිතයින් පන්නා රටට හිතෛෂී පාලනයක් ඇති කරමු...

:       45       20

Pradeep KumaraSunday, 30 June 2024 01:01 PM

පේනවා නේද දූෂිත පාලකයින් පන්නා දමමු කිව්ව එකට ලැබිලා තියන ප්‍රතිචාර. තවමත් බහුතරයක් දෙනාට උවමනා කරන්නේ ඒ දූෂිතයින්ම තමයි. ඉතිං අපි පාලකයාට විතරක් බැන බැන ඉන්න එකේ වැඩක් තියනවද? ජනතාව තමන්ගේ අං තට්ටුව බිම නොතියනතාක් කල් මේ රට මෙහෙමම තමයි.

:       2       0

රංබොඩ Saturday, 29 June 2024 10:15 AM

ඔව් ඔව්. වැඩ වර්ජන නැති තැන. මොකද ස්ටාලින් ගොයියා යාලුවනේ...

:       8       69

Alwis Saturday, 29 June 2024 10:21 AM

දෙමළෙන් පිරිස අමතන්න බැරි අය දෙමළ භාෂාවට තැන දෙනවා කියන්නේ ඡන්දේ ගන්න විතරක් වෙන්න බැරිද?

:       22       47

fairoos Saturday, 29 June 2024 11:16 AM

ජයවේවා...! 

:       51       19

Chandimal Saturday, 29 June 2024 11:33 AM

පොදුවේ ගත්තොත් ගුරුවරුන්ට ලැබෙන වැටුප මදි. සියලුම රජයේ රැකියා කරන මිනිස්සුන්ගේ වැටුප මදි. ඒත් සියලුම රජයේ සේවකයින්ට ආණ්ඩුවෙන් රු.10000ක් පඩිය වැඩි කළා. ඒ කරලා ගත වුණේ මාස කීයද? ආයිත් පඩි වැඩි කරන්න ආණ්ඩුවකට වුණත් සල්ලි තිබේද? මේ දවස්වල ගුරුවරු පාරට බස්සවලා අවස්තාවාදී දේශපාලනයක් මේ මිනිස්සු කරන්නේ මේ.. මේ රටට ඒ වෘත්තීය සමිති කියන්නේ මහා පිලිලයක් මේ රටට. මේවා පිටිපස්සේ හැමදාම හිටියේ මේ අපතයින් ටික. ලෝකය වටේට අනුන්ට බැන බැන යනවා. අඩුම ගානේ පොදු වැසිකිලියක් හදලා තිබේද මොවුන්...?

:       17       79

Chandana Monday, 01 July 2024 11:43 AM

මහින්ද ජයසිංහ කියන්නේ ජේවීපී ඉහලම බල මණඩල විදායක කෙනෙක්.ඔහු මෙහෙයවා වර්ජනය කරලා දැන් කියනවා සුදුසු තැන දෙනවලු .තැන බලු කරගත්තේ ගුරු හොරුන්ම තමයි .ස්ටාලින් බලල අතක්

:       0       2

පිටිගල මිලානෝ Saturday, 29 June 2024 11:42 AM

ටියුෂන් අධ්‍යාපනය නිකං ටෙලිනාට්‍ය කලාවක් බවට පත්වෙලා ඉවරයි. ටියුෂන් ගුරා ඔහුගේ ප්‍රවීණත්වය පෙන්නන්නේ හැඩයට පීරූ කොණ්ඩයෙන් සහ තමා පදිනවා යැයි පෙන්වන්න හදන අති සුඛෝපභෝගී වාහනෙන්. පංතියේ ඉගැන්වීමද අළුත් කළාවක් සේ කරමින් ජෝකර් කෙනෙක් බවට පත්වේ. මුළු අධ්‍යාපන ක්‍රමයම වෙනසකට ලක්කළ යුතුව ඇත....

:       24       31

sudda Saturday, 29 June 2024 11:55 AM

ජෙප්පන්ගේ කීම අහලා අතන මෙතන වැඩවර්ජන කරමින් දඟලන අය නියම පාඩමක් ඉගෙන ගන්නේ.. වැරැදිලා හරි ජෙප්පෝ දිනුවොත් තමයි... මොකද ඔය කියන වැටුප් වැඩිවීම් දෙන්නයි බදු අඩුකරන්නැයි යනාදී මෙකි නොකී සුරංගනා කතා විපක්ෂයේ ඉන්නකොට කිව්වාට මහපොළවේ යථාර්තයක් නොවන නිසා...

:       12       59

මැක්ස් Saturday, 29 June 2024 12:06 PM

දැන් අනිත් අය දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ගනුදෙනු කරන්න ඉඩ දෙන්නේ නැහැලුද? සිංහල ජනතාව තරම් ලේසියෙන් දෙමළ ජනතාව රවටන්නට ජවිපෙට නොහැකි බවත්, දෙමළ ජනතාව වැඩ වර්ජන නමැති නීච ක්‍රමවේදයට ඈඳා ගන්නට බැරි බවත් අනුර කු. දිසානායක අවබෝධ කරගත යුතුයි.

:       9       40

ජයනාත් Saturday, 29 June 2024 12:19 PM

ඒ 10 දැන්මම කියනවාද?

:       2       34

සමන් Saturday, 29 June 2024 12:29 PM

ඔව් ඔව් දැනටමත් මහපාරේ නිසි තැන දීලාද තට්ට ස්ටාලිනයත් එක්ක, නැතිනම් ගුරුවරුන්ට ඔයා සුළු පෝය ගණනකින් ජනාධිපති වෙලා ඇවිත් ප්‍රශ්න විසඳනවා කිව්වාට එයාලා ඔයාලාගේ වචන විශ්වාස කරන්නැති එකද? මට නම් හිතෙන්නේ ඔය දෙකම...

:       7       49

ඉන්දික Saturday, 29 June 2024 02:19 PM

එයාලගේ නියම තැන මහපාර තමයි හැමදාම

:       11       59

ගමේ එකාලා Saturday, 29 June 2024 03:01 PM

ගුරු හොරු කිසිම දේකින් සෑහීමකට පත් නොවන අය. ගුරුකම සේවයක් කියලා සලකපු කාලයක් තිබුනා. අද නම් බිස්නස් එකක් ගාණට වැටිලා.

:       9       46

shantha Saturday, 29 June 2024 03:54 PM

ජාතික ජනබලවේගයට ජයවේවා..!!!

:       59       16

ChandimalSaturday, 29 June 2024 06:21 PM

ජාතික ජන බලවේගය දිනේවා

:       40       7

kapila Saturday, 29 June 2024 06:25 PM

අනුර මහත්තයා ආවම ඔය අයගේ වැටුප ලක්ෂයක් කරනවලු. ඊට පස්සේ හැමෝටම සොමියේ ඉන්ට පුළුවන්.

:       25       4

සෙනෙවිරත්න Saturday, 29 June 2024 07:52 PM

කවුරුත් මේ කියන කතා බොරුයි කියන්නේ නැහැ. වටේ ගිහින් මොනවා හරි කියනවා. වෘත්තිය සටන් ඉතිහාසයේ හැමදාම තිබුණා. ටියුෂන් වසංගතය වැළැක්විය හැක්කේ දෙමාපියන්ට පමණයි. රජයට සැබෑ අවශ්‍යතාවයක් තිබේ නම් එය කළ හැකිය. ජාතික ජනබලවේගයට ජයවේවා..!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2538 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1690 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2434 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3339 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site