(අජන්ත කුමාර අගලකඩ)
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව සඳහා සාධාරණ විසදුමක් ලබාදීමට පියවර ගතයුතු යැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමති අනු කමිටුව සිය වාර්තාව මගින් රජයට නිර්දේශ කර ඇත .
රට තුළ පවත්නා වසංගත තත්වය හේතුකොටගෙන සමස්ත ආර්ථිකයට සිදුව ඇති බලපෑම සැලකිල්ලට ගෙන ,මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම අයවැයෙන් ප්‍රකාශයට පත්කර ,අදියර ගතව ක්‍රියාත්මක කිරීම සුදුසු බව ද කමිටුව නිර්දේශ කර තිබේ .
ගුරු, විදුහල්පති ,ගුරු උපදේශක සහ අධ්‍යාපන පරිපාලන යන සේවා ඒකාබද්ධ කොට, එය සංවෘත සේවාවක් බවට පත් කළ යුතු යැයි ද කමිටුව සිය වාර්තාවෙන් යෝජනා කර ඇත.
එහි පළමු විසඳුම ලෙස, ගුරු විදුහල්පති සේවා සංවෘත සේවාවක් බවට පත් කිරීමේ විධිවිධාන ලබන නොවැම්බර් මස විසි වැනිදාට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන්නැයි ද කමිටුව රජයට නිර්දේශ කර ඇත .
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව ඉකුත් සදුදා පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය ලබන සතියේ සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතව ඇත .
අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග සහ මහින්ද අමරවීර යන මහත්වරු එම අනු කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ .
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ගුරු-විදුහල්පති ගැටළුවට සාධාරණ විසඳුමක් දිය යුතුයි‘‘
mihira Wednesday, 25 August 2021 01:16 PM
ඕක අමුතුවෙන කියන්න දෙයක් නැහැ. දිය යුතුයි කියල තමා මේ පෙළපාලි ගිහින් කියන්නේ
sisiraWednesday, 25 August 2021 04:31 PM
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව සඳහා සාධාරණ විසඳුමක් ලබාදීමට පියවර ගතයුතු යැයි කියා සිටින දේශපාලකයන් තිදෙනෙකු ගුරු වැටුප් ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට නුසුදුසු වන්නේ ඔවුන් 03 දෙනාම නඩුවලට පැටලුණු, පාසල් කාලයේ අසමත් වූ අය බැවිණි. විභාග අසමත් වූ අයගෙන් ගුරුවරුන් හට උපදෙස් ගත හැකිද?
chandanaWednesday, 25 August 2021 07:35 PM
මිනිසකුගේ කටපාඩම් කර ලබාගත් දැනුමද, අත්දැකීම්වලින් ලබා ගන්නා දැනුමද, සහජයෙන් ලද බුද්ධියද, දැනුම හා සම්මිශ්ර වූ බුද්ධියද එකිනෙක වෙනස්ය. ඇතැම් විට සාමාන්‍ය පෙළ දක්වා උගන්වන ගුරුවරයකු ඉක්මවා ගිය බුද්ධියක් ගුරුවරයකු නොවන්නකු ලඟ තිබිය හැකිය. අනෙක් අතට සමස්ථ සමාජයම නිර්මාණය කරන වෘත්තීන් අතර ගුරු වෘත්තියද තවත් එක් වෘත්තියක් පමණකි. ගුරුවරු නැත්නම් කිසිවකුට ඉගෙන ගැනීමට නොලැබෙතැයි කියා හෝ ගුරුවරු නිසා අන් සියළු දෙනා ඒ් ඒ් වෘත්තීන් වලට ගොස් ඇති බවත් ඇතැම් විට තර්ක කරනු ඇත. එසේ කියන්නේ නම් සියළු දෙනා බිහි කිරීමට වෛද්‍ය, හෙද, වින්නඹු වෘත්තීන් තිබිය යුතුයි. එහෙත් අප නැත්නම් කිසිවකුට ඉපදිය නොහැකි බවත්, ගුරුවරුන් බිහි වී ඇත්තේද අප නිසා බවටත්, කිසිදාක ඔවුන් පවසා නැත. ඇතැම් රටක ගුරුවරුන්ට ඉහළ වැටුප් ලැබෙද්දී තවත් රටක කම්කරුවාට ඉහළ වැටුප් ලැබේ. එබැවින් වැටුපද සාපේක්ෂ නිර්ණායකයක් පමණි. එබැවින් තමාම උසස් යැයි සිතා අන්‍යයන්ගේ බුද්ධියට නොගරහන්නට ගුරුතුමෙකුගෙන් ඉගෙන ගන්න. ඔබලා කිහිප දෙනෙකු වැටුප මත පදනම්ව ගුරුකම වෘත්තියක් කර ඇති බැවින් ඒහි ගෞරවය හීන වී ඇත. තවත් කිවයුතු කරුණු ඕනෑ තරම් ඇත...
බමුණු.Friday, 27 August 2021 07:38 PM
චන්දන මොන බහුබූත කිව්වත්, ඔහු උඩ දැමීමට වෙර දරන්නේ රටටම එපා වූ, දේශපාලුවන් තිදෙනෙකි. ඔහු නොදන්නවාට ඔහු මෙහිදී ඔවුන්ට කඩේ යන්නේ රෙදි නැතිව බව පෙනේ. සිසිර මහතා කියා ඇත්තේ ඔවුන් නඩුවලට පැටළුණු, පාසල් ජීවිතේ අසාර්ථක, විභාග අසමත් අය නිසා, විභාග සමත් ගුරුවරුන් ගැන විනිශ්චයක් දීමට ඔවුන් සුදුසු වේද යන්නයි. ඒ දේට රෙදි ඇඳගෙන උත්තර දීමට නොහැකි නිසා, චන්දන වෙනත් අදාළ නැති අපබ්‍රංස කියවන බව පෙනේ. අනේ පව් ..!!!
Rata Perata Wednesday, 25 August 2021 02:52 PM
දේශපාලුවන්ට කෝටි ගණන්වල වාහන ගන්න නම් එක කැබිනට් පත්‍රිකාවයි දාන්න ඕනෑ.
Kumara Wednesday, 25 August 2021 04:25 PM
නියම අන්දරේලා සෙට් එක.. රටට විහිළු සපයනවා.
samWednesday, 25 August 2021 07:07 PM
දැකපු අය කියනවා මේ 04 දෙනාව මේ 04 දෙනාම කොහේ හෝ අත්‍යාවශ්‍ය ලැයිස්තුවේ ඉන්නවදෝ කියලත්...
godfrey Wednesday, 25 August 2021 04:28 PM
නුඹලා හතරදෙනාට තේරුණාට, නුඹලාගේම අනිත් අයට නොතේරීම අපිලගේම කාලකණ්ණිකම බොලවුණේ...
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 25 August 2021 05:43 PM
සිතෙනා හැටියට මේ කමිටුවේ කට්ටියගෙන් එක්කෙකෙක් තමයි ටිකක්වත් හොඳ. උගතුන් ගැන තීරණ ගන්න ඕනෑ උගතුන්. ඒත්, මෙතන වෙලා තියෙන්නේ වෙනස්ම දෙයක්. මේ දෙයින්ම තේරෙනවා කමිටු පත්කරන්නන්ගේ බුද්ධි මහිමයේ තරම. නයි කයිද රෝස් පාන් කිව්වාලු.
chandanaThursday, 26 August 2021 02:34 PM
ඔබෙ උගත් කම මනින මිම්ම පොත් පාඩම් කර ගත් දැනුම නම්, ඒයින්ම ඔබගේ නූගත්කම ප්‍රදර්ශය කෙරේ. උගතකු තම දැනුම පාසැලෙන් පමණක් නොව, පොත්පත් කියවීමෙන් පමණක් නොව සහතික වලින් පමණක් නොව සමස්ථ සමාජයෙන්ම දැනුම උකහා ගනී. අවශ්‍ය වන්නේ දැනුම නොව බුද්ධියයි. මක් නිසාද යත් බුද්ධිමතාට දැනුම උකහාගිනීමත් ඒම දැනුම ප්රායේගිකව භාවිතා කිරීමටත් ඉතා පහසු බැවිනි. බුද්ධියක් නැති උගතා ගිරවෙක් වැනිය. බුද්ධියක් නැති උගතා තමා පාඩම් කල දෙය කුමක් සඳහාදැයි කියා වත් නොදනී. ඔහු ඒය සහතිකයකට කොටු කරගෙන ප්රදර්ඹණය කරමින් අන්‍යයන්ට ගැරහීමට ඒය යොදා ගනී. නූතන පරගැති චින්තනය ඔබගේ චින්තන ශක්තිය කෙතරම් හීන කර ඇත්ද. ලෝකය දෙස බලන්න.
සමිත සේනක අලුත්ගමගේ.Friday, 27 August 2021 05:55 PM
ඔබ දන්නා පරගැති චින්තනය ? ඔබ මොන වගේ කෙනෙකුද යන්න ඔබේ නොහික්මුණු අදහස් වලින්ම පේනවා.පොත් නොකියවා, වැඩිදුර පාසල් නොගිය බුද්ධිමත් අය ඉන්නවා. ඒ අයට අප ගරුකරනවා.ඒ උනාට ඔබගේ ඔය කියන ඉස්කෝලේ නොගිය කානු කටවල් තියෙන, වාචාල දේශපාලුවන් ගේ කෙරුවාව රටම දන්නවා.
මංගල Wednesday, 25 August 2021 07:41 PM
මේ ගැටලුව අනිවාර්යයෙන්ම විසදිය යුතුයි. නමුත් ඒ විසදුම මගින් අනිකුත් සේවාවන් ට අසාධාරණයක් ද නොවිය යුතුයි. නැතිනම් සමස්ත රාජ්‍ය සේවයම හා මුළු රටම අර්බුදයක් කරා යාවි.
Prabha Wednesday, 25 August 2021 07:42 PM
මේ අයගෙන් උසස් පෙළ සමත් කෙනා කවුද.?
gunarathnaWednesday, 25 August 2021 08:21 PM
දැන් මේ කියන්නේ උසස් පෙළ සමත් වුණොත් ඒ පුද්ගලයා උගතෙක්ද? ගෙදර බල්බ් එකක් වැඩකරන්නේ නැතිනම් ඒක හදාගන්න බැරි උපාධිදාරියෝ කොපමණ ඉන්නවද? පුද්ගලයෙකුගේ උගත්කම මනින්නේ උසස්පෙළින් නම් ඒ රටට දෙවියන්ගේම පිහිටයි.
බමුණු.Wednesday, 25 August 2021 09:24 PM
ගුණරත්න කියන්නේ ඔයාගේ පක්ෂයේ නූගත් අය මේ රට පාලනය කරන විදිහ හොඳයි කියලා නේ. නූගත් මිනිස්සු න් රට පාලනය ගැන කෙසේ වෙතත්, කෙරුවාව ගැන නම් කියලා වැඩක් නැහැ. ඔයා කියන්නේ නූගත් අයට ඔබලා ඡන්දේ දුන්නාට මොළේ දෙන්න පුළුවන් කියලද ? නිකං ඉස්කෝලේ නොගිය අය කියනා කතානේ ඔයා කියන්නේ. ඒ කතාවෙන් ඔයාගේ අධ්‍යාපන දැනුම හා වටපිටාව ගැන හොඳහැටි ප්‍රදර්ශනය වෙනවා.
තනුජා Wednesday, 25 August 2021 08:27 PM
මෙතැන තියෙන්නේ කමිටුව උගත් නෑ කියන මන්ද බුද්ධික කමෙන්ටුනේ... ගුරු විදුහල්පති සංගම් මොකටද එහෙනම් මේ කමිටුව ඉදිරියට ගියේ?
බමුණු.Wednesday, 25 August 2021 10:05 PM
කමිටුව උගත්වීම අවශ්‍ය නෑ කියන ඔබම නේද මන්ද බුද්ධික. ටිකක් හිතා බලන්න. කමිටුව පත්කළ අය නේද ඊට වගකිවයුතු වන්නේ.
SISIRAWednesday, 25 August 2021 10:24 PM
අපට තිබ්බ ප්‍රශ්නෙත් ඒකම තමා, අවුරුදු 26කට පස්සෙද මතක් වුනේ වැටුප් ප්රශ්නය.
ගමේ එකාලා Wednesday, 25 August 2021 08:49 PM
මරු කමිටුව.. සාධාරණ විසඳුම් ගැන කියන්නම... මේ වෙලාවේ ලකුණු දාගන්න හදනවා. මේ දුෂිත දේශපාලකයින්ගේ වැඩ ගැන අපි නොදන්නවා නෙවෙයි නේ...
Lelwala Wednesday, 25 August 2021 09:31 PM
වෘත්තීය සමිති නායකයින්ට අවශ්‍ය වූයේ ආණ්ඩුව පෙරළීමට ය. ඔවුන් බොහෝ දේ ඉල්ලති. ඔවුන්ට එරෙහිව රජය දැඩි පියවර ගත යුතුයි.
Demuni Uduwara Wednesday, 25 August 2021 09:45 PM
එය මීට කලින් කරන්න තිබ්බා, ළමයින් තවමත් ගොදුරු වී ඇත.
Shan Wednesday, 25 August 2021 09:48 PM
හතර දෙනාම සුරයෝ.
Appuhami Wednesday, 25 August 2021 10:11 PM
මේ ලෝකෙට අලුත් නිර්මාණ සොයා ගැනීම් කරපු කිසි කෙනෙක් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත අය නොවෙයි.
ruwan Wednesday, 25 August 2021 10:58 PM
ගුරුවරු මොනවා නැතත් ප්රිවෙට් ක්ලාස් ටිකනම් වෙලාවට කරනවා. පඩිය වගේම අමතර ගානක් ඒ අය උපයනවා. සල්ලි නැති දෙමාපියන්ට හුල්ලනවා තමන්ගේ දරුවට මොකද වෙන්නේ කියලා . පුද්ගලික අංශයේ බහුතරයගේ වැටුප 50% කපලා . ඒ අය වගකීමක් ඇති පුරවැසියෝ විදිහට තමන්ගේ ආයතන වෙනුවෙන් මේ වෙලාවේ උපරිමයෙන් වැඩ කරනවා. මේ වගේ අමාරු වෙලාවක මෙහෙම කරන ගුරුවරු ඉන්නේ මේ ලෝකෙද කියල වෙලාවකට හිතෙනවා.
Nirmal Thursday, 26 August 2021 01:18 AM
ගුරුවරු ගෙනාපු ඔන්ලයින් පෙත්සමට තාම බාගයක්වත් ගුරුවරුම අත්සන් කරලා නැ . අත්සන් කරපු වැඩි හරියක් ගුරුවරුමද කියල ෂුවර් නැහැ. එකෙන්ම තේරෙනවා මේ වර්ජනේ අරමුණ. සැබෑ ගුරුවරයා මේ වර්ජනයයේ නැහැ . කැම්පස් ගිය කාලේ පාරවල් දිගේ පිකටින් කර කර ඉදල අවසානයේ ගුරු පත්විමකින් නැවතුන අය දැන් අලුත් වටයකින් තමන්ගේම පරණ පුරුදු පටන් අරගෙන . බැරිනම් කරුණාකර අස්වෙලා යන්න.
බණ්ඩාර Thursday, 26 August 2021 09:06 AM
රජයේ පාසල්වල ඉන්න බහුතර ගුරුවරුන්ට ඔන්ලයින් තාක්ෂණය ගැන කිසිම දැනුමක් නොමැත. එම නිසා පාසලේ වත් හරියට උගන්වන්නේ නැති බහුතර ගුරුවරුන්ගෙන් මොන ඔන්ලයින් ඉගැන්වීමක්ද.
Bamunuarachchi Thursday, 26 August 2021 09:56 AM
විසඳුමක් දෙන්න කලබලේ නොවෙයි. එහෙම උනොත් දිනුවා වෙනවා. උද්ඝෝෂණයෙදී ගුරුවරු වෙච්ච අය දැන් 2000 ගන්න පෝලිමේ. අපි හිඟන්නෝ කියාගෙන පෝලිමේ ඉන්නවා.
chandana Thursday, 26 August 2021 01:41 PM
අවුරුදු 26 ක් නොව මා දන්න අවුරුදු 32 ක පටන්ම ගුරුවරුන්ද ඇතුුළුව අනෙකුත් හෙද, වෙද, ලිපිකරු, පොලිස්, යනාදී සියළුම තනතුරු වල වැටුප් පරිමාණයන් සියළුම වැටුප් සංශෝධන අවස්ථා වලදී නියමිත පරිදිම නිවැරදිව ගලපා ඇත. ඒ්වා වෙනස් කිරීමෙන් අනෙකුත් සියළුම තනතුරු අතර විෂම තත්වයක් හට ගනී. අඩන්න බලාගෙන ඉන්න ඒකාට ඇඟිල්ලෙන් අනින් සේ වන පිළිතුරක් ලබා දීමෙන් අනෙක් සියළු දෙනාද සටනට අවතීර්ණ වනු ඇත. වැටුප් සංශෝධන විෂයය ගැන ප්‍රාමාණික අවබෝධයක් ඇතිවකු ලෙස මාගේ අදහස වන්නේ ගුරුවරුන්ට පමණක් වැටුප් පරිමාණ වල විෂමතාවයක් හට ගෙන නොමැති බවයි. තමාද අධ්‍යාපන සේවයේ සිටියකු බැවින් ඒයට සැලකීමක් වශයෙන්දෝ හිටපු ඇතිවරයෙක් විෂම ලෙස මොවුන්ගේ වැටුප් වැඩිකිරීමක් සිදු කල බව හොඳින් මතකය. මේ අයගේ සටන 100% ක්ම දේශපාලන අරමුණු මතය. මග සිටියත්, ගෙදරගියත් නසින තත්වයට ආණ්ඩුව පත්විය යුතු නැත. ළමයින්ට ඉගැනවීම සඳහා මාසෙටම රු. 1,000/- ක් වත් වියදම් නොවන ක්‍රම ඇති බව නොදන්නා අය වැටුප් විෂමතාවයන් ගැන කුමක්දැයි සිතේ.
chandana Thursday, 26 August 2021 02:00 PM
මහජන මුදලින් වැටුප් ගෙන මහජනතාවට සේවය කල නොහැකි කිසදු වෘත්තියකින් වැඩක් නැත. ඔවුනට නිවෙස් වලටම වී සිටින්නැයි කියා රජය පළමුව චරිත මත නොරැඳී හොද මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දිය යුතුය. මේ සඳහා ඒක්තරා පෙෘද්ගලික ව්‍යාපාරික මහත්මයකු යූ ටියුබ් මාධ්‍යයෙන් නොමිලේ ඉගාමත්ම ගුණාත්මක පාඩම් සපයමින් හොඳ පූර්වාදරශයක් සපයා ඇත. දෙවනුව නිවසේ සිට හෝ සේවයේ යෙදිය යුතු වීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් නීය දැඩිව ක්රියාවේ යෙදවිය යුතුය. අවශ්‍ය තරම් ශක්තිමත් දැඩි නීති පැනවිය යුතුය. 2/3 ක වරමක් දී ඇති රජයකට ජනතාව වෙනුවෙන් රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් ඒවැනි දැඩි නීති රීති පැනවිය නොහැකි නම් ඒය රජයේ අසාර්ථකත්වයයි. පොදු ජනතාවට හානිදායක වන කුමන හෝ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නේ නම් ඒදින සිටම සදාකාලිකවම නිවසට වී සිටීමටත්, ඒම අවස්ථාව රැකිය විරහිත දක්ෂ උපාධිධාරීන්ගෙන් සැපිරීමටත් ශක්තිමත් නීති ගෙන ආ යුතුය. සංවෘත සේවාවන් කිරීම යනු තවත් මිත්‍යාවක් පමණි. වැඩවර්ජන උද්ගෝෂණ යනු ප්‍රශ්ණ විසඳීමේ ආතල්ම ක්‍රියා පටිපාටිය බව දැනටමත් ළමුන් කල්පනා කරනවා ඇත. ඉතින් ඔවුන් අනාගත විශ්වවිද්‍යල තුල කුමක් කරනු ඇත්ද.