IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගුරු සංගම් නියෝජිතයෝ මහනුවරදී විරෝධයක

(ජේ ඒ එල් ජයසිංහ)

ගුරු සංගම් නියෝජිතයන් වු ජෝෂප් ස්ටාලින් මහින්ද ජයසිංහ  ඇතුළු ගුරු සංගම් නියෝජිතයන් මැදරට ගුරුවර ගරුවරියන් දහස් ගණනක් මහනුවර නගරයට එක්රොක්වී අද පසවරුවේ (20) ආරම්භ කල දැවැන්ත උද්ඝෝෂණය හේතුවෙන් මහනුවර නගරය උණුසුම් විය.

ගුරු වැටුප් විෂමතාවය ඉවත් කර ගුරුවැටුප් වැඩිකිරීම, විදුහල්පති පුරප්පාඩු පිරවීම  සහ දරුවන්ගෙන් මුදල් අයකිරීම, පාසැල් දරුවන්ට  උපකරණ ලබාදීම යන ඉල්ලීම් මුල්කරගනිමින් ගුරුවරු මෙම ගරුඋද්ඝෝෂණය සහ විරෝධතා පා ගමන  පවත්වා රජයට සිය විරෝධය පළ කළහ.

මහනුවර නගරයේ දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට පා ගමනින් විරෝධතා පෙළපාළියේ පැමිණි විරෝධතාවයට එක්වූ ගුරුවර ගරුවරියන් හා වෘත්තිය සමිති නායකයන් දළදා වීදීයේ මාර්ගයද අවහිර කරමින් සටන් පාඨ කියමින් පැමිණ නගරය මැදරැඳී උද්ඝෝෂණය පැවැත්වුහ.

පෙළපාළි යමින් මාර්ගය අවහිර කිරී ම් සිදු නොකරන ලෙස දන්වා මහනුවර පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝග ලබාගත්තද,විරෝධතාවයට එක්වූ ගුරු සංගම් නියෝජිතයන් සහ ගුරුවරු අධිකරණ නියෝග නොසළකා හැර නගරයේ පුධාන වීථී අවහිර කරමින් විරෝධතාවය පවත්වාගෙන ගියහ.

මෙම විරෝධතාවය සඳහා මහනුවර සහ අවට පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරින් නිලධාරිනියන්  පන්සීයකට අධික පිරිසක් නුවරට කැඳවා තිබිණි.බැටන් පොලු වලින් සන්නද්ධ පොලිස් භටයන් රැසක්  මෙදින ආරක්ෂාවට යොදවා තිබිණි.පැයකට අධික වෙිලාවක් උද්ඝෝෂණය කරමින් විරෝධතාවයේ යෙදුණු පිරිස් පසුව සාමකාමීව විසිර ගියහ.



අදහස් (0)

ගුරු සංගම් නියෝජිතයෝ මහනුවරදී විරෝධයක

ඔබේ අදහස් එවන්න

දියත

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 2 0

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1120 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


උප්පැන්න
2024 ඔක්තෝබර් මස 03 150 0

උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 149 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 143 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 437 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site