IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


ගුරු සංගම් ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්

 

(විනීතා එම් ගමගේ) 

ස්ථාන මාරු ලබා පැමිණි ගුරුවරයෙකුට බැන තර්ජනය කර සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය විසිකර දැමූ විශාඛා විදුහල්පතිනියගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව අධ්‍යාපන බලධාරින් නිසි පියවර නොගතහොත් සියලු ගුරු වෘත්තිය සමිති එක්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (08) පැවසීය.                                      
ස්ථාන මාරුවක් ලබා කොළඹ ශාන්ත පාවුළු බාලිකාවේ සිට විශාඛා විදුහලට ඉකුත් හතරවැනිදා පැමිණි ගුරුවරයෙකුට ශාන්ත පාවුළු බාලිකාවේ විදුහල්පතිනියගේ නම සඳහන් කරමින් ඇයගේ ගෝලයන්ට වැඩ භාර නොදෙන බව පවසා ලිපිය විසිකර ඇති බවත් ආරක්ෂක නිලධාරින් ගෙන්වා එම ගුරුවරයා එළියට දමා ඇති බවත් පවසන ජෝෂප් මහතා එය ගුරුවරයෙකුගේ ආත්ම ගෞරවයට හානි කළ අපහාසාත්මක සිද්ධියක් බවත් පෙන්වා දෙයි.                                                               

විශාඛා විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරියට ද බැනවැදී ඇති බවත් සිද්ධියට බඳුන් වූ ගුරුවරයා මේ සම්බන්ධව බම්බලපිටිය පොලිසියේ පැමිණිල්ලක් ද සටහන් කර ඇති බවත් ගුරු සංගම් ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ වනවිටත් චෝදනා 15 කට ලක්ව සිටින මෙම විදුහල්පතිවරිය අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙස පත්කිරීමට රජයේ බලධාරින් කටයුතු කිරීම පිළිබඳව ද ඔහු චෝදනා කරයි.

එකී ගුරුවරයාට එල්ල කරන ලද අපහාස පිළිබඳව විනය ක්‍රියාමාර්ග නොගතහොත් ගුරු වෘත්තිය සමිති හා සාකච්ඡා කොට වෘත්තිය ක්‍රියාමාර්ගයකට අනිවාර්යයෙන්ම යන බව ද ස්ටාලින් මහතා කියා සිටියේය.



අදහස් (10)

ගුරු සංගම් ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්

Sooriyapperuma dasanayaka. Saturday, 09 January 2021 12:42 AM

නිසි දඬුවම් ලබාදිය යුතුයි.

:       3       0

anura Saturday, 09 January 2021 02:00 AM

මෙම සිද්ධිය දුටු විට, 2013 වසරේදී මට වූ සිද්ධියක් සිහිපත් විය. එම වසරේ මා සේවය කළ පාසැලේ සිට බොරැල්ල සුප්‍රසිද්ධ බාලිකා පාසැලකට රජයේ ගුරුමාරු ප්‍රතිපත්තිය යටතේ මාව ස්ථාන මාරුකරන ලදී. තවමත් එම පාසැලේ විදුහල්පතිකම දරණ විදුහල්පතිනිය එදා මගේ මාරුවීම් ලිපිය විසිකර දමා මට තර්ජනය කරන ලදී. මෙවැන්නියන් මේ තරම් බල පුළුවන් කාරකම් කරන්නේ කුමන බලයකින්දැයි සැකයකි. රාජ්‍ය සේවය පිරිසිදු කරන්නට නම්, කුමන තරාතිරමක සිටියත් මෙවැනි පුද්ගලයන් රාජ්‍ය සේවයෙන් ඉවත් කළ යුතුයි.

:       3       0

p.d goonawardena Saturday, 09 January 2021 05:06 AM

කොහෙවත් යන කුණු මොකටද ගෙදරට වැද්ද ගන්නේ...?

:       0       3

beau Saturday, 09 January 2021 10:36 AM

ගැහැණු ළමයින්ට හිරිහැර කරන පෝරිසාදයෙකු ගැන කැක්කුමක් තියෙන මේ ලේකම් තුමාත් ඒවායින්ම පෝරිසාදයෙක් බවයි අපිට පෙනෙන්නේ... මෙයාව යවන්නේ හඳට... ළමයි නැති තැනකට...

:       2       4

දිලාන් Saturday, 09 January 2021 11:01 AM

රටේ රජයේ පාසල් ප්‍රසිද්ධ ළමුන්ට නිසි අාකාරයෙන් උගන්වන්නේ නැති, ගුරුවරුන් අරගලවල යෙදෙනවා විනා අධ්‍යාපනය වෙනුවෙන් නිසි කැපකිරීමක් නොකරන.., හිතුමතේ නිවාඩු ගන්නා විද්‍යාල ලෙසයි... නමුත් කොළඹ විශාඛා ගම්පහ රත්නාවලී වගේ පාසල් අතළොස්සක් එහි විදුහල්පතිවරුන්ගේද නොමද කැපවීමෙන් රටේ ජනතාවගේ ඉතාම හොඳ ආකල්පයක්.., ආදරයක් දිනාගෙන තිබෙනවා. විදුහල්පතිනිය ඒ ගුරුවරයාට ඒ කීර්තිමත් පාසලේ තැනක් නොදෙන්න ඇත්තේ හේතුවක් ඇතුව වෙන්න ඕනෑ. මේ වෘත්තිය සමිති කාරයින්ට කොන්ත්‍රාත් කාරයින්ට පිස්සු නටලා මේ ඉස්කෝල ටිකත් කාලා දාන්න දෙන්න එපා.

:       2       7

චින්තක Saturday, 09 January 2021 06:06 PM

100%ක් එකඟයි. ඔය වෘත්තිය සමිති කාරයින්ට නින්ද යන්නේ අතේ ඇඟිලි ගාණට තියන කීර්තිමත් පාසල් වල විදුහල්තිතුමන්ලා ඇතුළු ගුරු මණ්ඩලය අප්‍රතිහත කැපවීමෙන් කරන පාසල් අතලොස්සත් මේ ගොයියන්ගේ අනසක යටතේ තියන අකාර්යක්ෂම ඉස්කෝල ගොඩට දා ගත්තට පස්සේ. එතකොට ළමයි යන්නේ දැන් පිරිහිලා තියන ජාත්‍යන්තර පාසල් වලටනේ, එතකොට කොමිස් කුට්ටිය මේ වෘත්තිය සමිති කාරයින්ටනේ, කාටද ආඩම්බරනේ..?

:       0       3

සම්පත් Saturday, 09 January 2021 06:12 PM

ඒක නම් ඇත්ත, අපි දැක්කා පසු කොරෝනා කාල සීමාවේ පුද්ගලික පාසල් ඉගැන්වීම කටයුතු කරගෙන යනකොට ඔය වෘත්තීය සමිති කාරයා ආණ්ඩුවේ පලු අරිනවා. මේ වසංගතේ අස්සේ රජයේ පාසැල් අරින්න එපා කියලා. අන්තිමට එකම විභාගෙකට මුහුණ දීලා රජයේ පාසල්වල ඉගෙන ගන්න දුප්පත් අපේ ළමයි ගෙදර, පුද්ගලික පාසල්වල පෝසත් ළමයි විශ්ව විද්‍යාලවල. හොඳම දේ කියන්නේ මේ සමිති කාරයාගේ ළමයා ඉගෙනගන්නේ පිටරට පුද්ගලික විශ්ව විද්‍යාලෙක. ඒකට සල්ලි හොයන්නත් ඕනෑනේ...

:       0       2

Raveendra Saturday, 09 January 2021 12:36 PM

ස්ටාලින් ගොයියා කියන "කතාව සත්‍ය නම්" (වෘත්තීය සමිති ලොක්කෝ කියන්නේ බොරදියේ අලි පැටව්, හැලකිඹුල්ලු අල්ලන්න අති දක්ෂ රට ඇම්ඩන්ලනේ) මේ ගුරු උන්දෑ පාසලකට කෙසේ වෙතත් අපායේ ගුරු පත්වීමකටවත් කොහෙත්ම සුදුසු නැත යන්න අපගේ හැඟීමයි.

:       1       6

chandana Saturday, 09 January 2021 06:50 PM

කාන්තා පාසලකට සාහිත්‍ය උගන්වන්න පිරිමි ගුරුවරයකුම යවන්න තරම් නොසැලකිලිමත් වීම පරිපාලනය ගත් වැරදි තීරණයකි. ලංකාවේ සාහිත්‍ය ගුරුවරියන් නැත්නම්ද, සිටියත් විශාඛා විද්‍යාලයට යාමට ඔවුන් අකමැති වූයේ නම්ද මෙම තත්වය ගැටළුවක් නොවේ. විදුහල්පතිනිය ප්‍රශ්නයකට පටලවාගැනීම සඳහාම ගත් ක්‍රියාමාර්ගයක්ද විය හැකිය. ගෞරවණීය ගුරුවෘත්තිය මෙවැනි අගක් මුලක් නොමැතිව කට මැත දොඩන සංගම්කාරයන් නිසා අපකීර්තියට පත්වේ...

:       0       2

Chamari obeysekera. Sunday, 10 January 2021 11:48 AM

මේ පාසල් ටිකත් නැති කරලා ඉන්ටර්නැෂනල් පාසල් වලට තැන දෙන්න බලනවා. විදුහල් පතිනි දරුවන් වෙනුවෙන් කැපවූ කෙනෙක්. විනය පළමු තැන මෙම විදුහල. අපෙ සම්ප්‍රධාය රැකිය යුතුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 487 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1234 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 678 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 613 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 911 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 452 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site