(නිහාල් ජයවීර )
තෙල් මිල හා බඩු මිල වහා අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරිමට සංවිධානය කළ උද්ඝෝෂණයක් ගිරිබාව නගරයේ දී අද (18) පැවැත් විය.
කළු කොඩි ඹසවාගෙන හා සටන් පාඨ ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් යතුරු පැදි පෙළපාලියකින් ගිරිබාව නගරයට පැමිණි උද්ඝෝෂකයෝ බස් නැවතුම්පොළ අසළදි මේ උද්ඝෝෂණය පැවැත් වූහ .
"ජනතාව කබලෙන් ලිපට.බඩු මිල වහා අඩු කරනු." ජනතාවට සහන සලසනු." "රුපියල් කෝටි 2000 තෙල් මිල පාලන අරමුදලට සිදු වු දේ වහා හෙළි කරකරනු ." "බොරු කතා එපා .බඩු මිල වහා අඩු කරනු ." " නාඩගම් එපා .තෙල් මිල අඩු කරනු." ආදි සටන් පාඨ ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් පැය දෙකක පමණ කාලයක් මේ උද්ඝෝෂණය පැවැත් වූහ .
ජනතා විමුක්ති පෙරමුණ මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැදවුම්කරු නාමල් කරුණාරත්න ,ගිරිබාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී උපාලි ජයසිංහ ,ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී විජේරත්න බංඩාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටියහ.
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ගිරිබාව නගරයේ උද්ඝෝෂණයක්
Sri Lanka Sunday, 18 July 2021 05:21 PM
දේශපාලන සංස්කෘතියට අනුව ළඟදීම අඩුකරනවා. ජයවේවා..!!!