(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගේ පාදයකට අද (4) පැය තුනහමාරක පමණ ශල්‍යකර්මයක් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට යොමු කළ බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාදයේ අස්ථියක් බිඳීයාම හේතුවෙන් ඔහුට මෙම ශල්‍යකර්මය කර ඇත.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඇතිවූ ගැටුමකින් ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලැබුවේ පෙරේදා (3) පස්වරුවේය.
ගැටුමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතා ෙපෙර්දා 03 රාතිෙය් කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ බව රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේ තමා ගුණතිලක රාජපක්ෂ මහතාගේ කමීස කොළරයෙන් ඇල්ලුවා මිස ඔහුට ඒක අතක්වත් නොතැබූ බවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෝරියට මැදි වූ මන්ත්‍රී ගුණතිලකට පැය 3ක සැත්කමක්
kotiya Wednesday, 05 June 2024 04:39 AM
අර තව කවුද කලා වගේ අත නැතුව කකුලද දන්නෑ තිබ්බේ....
Daya Wednesday, 05 June 2024 04:55 AM
කාටවත් අයිතියක් නෑ තව කෙනෙක්ව අල්ලන්න. මේ මෝඩයා හිතනවා කමක් නෑ කියලා .නෑ . ඔහුට දඬුවම් දිය යුතුයි
Shan Wednesday, 05 June 2024 05:28 AM
අතක් නොතියා කකුල කැඩුවේ කොහොමද ?
nanda Wednesday, 05 June 2024 06:32 AM
පාර්ලිමේන්තුවට ආවට මුන්ගේ ජන්මේ පුරුදු අත අරින්න බැහැ කිසිම සංයමයක් නැති
රංබොඩ Wednesday, 05 June 2024 09:22 AM
ටයි කොට් දාගත්ත පාතාලයන් පාර්ලිමේන්තුවේ ඉන්න වගට තවත් සාක්ෂියක්
Buddika Wednesday, 05 June 2024 09:26 AM
මේක පුදුම රටක්.මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් තව කෙනෙක්ට පහර දීල රෝහල්ගත උනොත් ගුටි කාපු කෙනා රෝහලෙන් එළියට එනතෙක් පහරදුන් කෙනාව පොලිස් අතඅඩන්ගුවේ.දැන් මේ මන්ත්‍රීවරයා පහර කාල සැත්කමක් කරල ඉන්නෙ අයිසියු එකේ.ඒත් පහරදුන්නු මහින්දානන්ද මේ මොහොතෙත් නිදැල්ලෙ.පුදුම නීතියක්නෙ මේක.පොලිස් ප්‍රකාසක කියනව ප්‍රකාසයක් ගන්න බැරිලු දැඩි සත්කාර ඒකකයේ ඉන්න නිසා.ඒ නිසාද අත්අඩංගුවට නොගන්නෙ?එතකොට පහරකාපු කෙනා මියගියා නම් කොහොමද ප්‍රකාස ගන්නෙ? විහිලු නේද මේව?
Lalla Wednesday, 05 June 2024 10:49 AM
ජඩයින්ට ඡන්ද දීලා පාර්ලිමේන්තුවට යවපු එවුන් අත්අඩංගුවට ගන්න ඕන..
sachithWednesday, 05 June 2024 11:31 AM
අනේද කියන්නේ, අපිට පොඩ්ඩක් එහා මෙහා වුණානම් තමයි පොලිසියේ වැඩටික බලාගන්න තිබ්බේ. එහෙනම් සිද්ධාලේප බැරල් පිටින් අරන් දෙයි අපිව හොයාගෙන...
Pradeep KumaraWednesday, 05 June 2024 12:10 PM
අපේ රටේ නීතිය හරියට මකුළු දැලක් වගෙයි මිත්‍රයා. ඒකෙ පැටලෙන්නේ පොඩි පොඩි මැසි මදුරුවෝ විතරයි. ලොකු කුරුමිණියෙක් දැලේ වැදුන ගමන්ම දැල කැඩිලා යනවා.
බද්රානිWednesday, 05 June 2024 01:34 PM
ඇත්තම කියනවා නම් මේක බල්ලන්ටම ගිය රටක් බුද්ධික මහත්තයෝ...එක අතකට ඔවුන් ගහ ගන්නවා වෙනුවට, එකිනෙකා මරා ගන්නවා නම් ඒක මේ රටට කොතරම් සෙතක්ද..? අර පොලිස් සුනඛයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න දුන්නා නම් ඔයිට වඩා හොඳට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරනවා... දේශපාලකයින් ඉදිරියේ යුනිෆෝම් එකේ මල මුත්‍ර පහවෙන පොලිසියක් තමයි ලංකාවේ තියෙන්නේ...ලැජ්ජයි!!
wedage Wednesday, 05 June 2024 11:06 AM
කොහොමත් වාහන සීසර් කරන කෙනෙකුගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
Rata Perata Wednesday, 05 June 2024 11:47 AM
ගෙදර ගෑණිටත් ගහපු මේ වගේ අපතයින් තමයි ඔය පොහොට්ටුව කියන අටමගලේ ඉන්නේ. කතාව නම් බොහොම ජනප්‍රිය මාතෘකා ගැන. රාජපක්ෂලාගේ ඉඳලා ඕකෙ ඉන්න ඔක්කොම එකයි.
Nimal Wednesday, 05 June 2024 12:01 PM
මොනවා කිව්වත් ඇමැතිලාට නම් මේ කාලෙ මාර අපලයි.
Kamal Koyrala Wednesday, 05 June 2024 06:05 PM
මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේ තමා ගුණතිලක රාජපක්ෂ මහතාගේ කමීස කොලරයෙන් ඇල්ලුවා මිස ඔහුට එක අතක්වත් නොතැබූ බවයි. කොලරය ඇල්ලුවේ මොකෙන්ද දන්නේ නැහැනේ...!
Sharm Tuesday, 11 June 2024 08:22 PM
මේ ඉතිං ගරුතර පාර්ලිමේන්තු මන්ත්‍රීලා හොඳේ... පුදුම ගෞරවයක් තමයි දැනෙන්නේ.. තව පටන් ගත්තා විතරයි.. ඉදිරියේදී තවත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න ප්ලීස්.. එහෙනම්.. අපට ජය වේවා..