(නිශාන්ත කුමාර)
බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයට අයත් අති දුෂ්කර පාසලක් වන මීගහකිවුල බෝගහපතන විද්‍යාලයේ සේවය සඳහා අද (11) දින එකදු ගුරුවරයකු හෝ නොපැමිණීම හේතුවෙන් අද උදැසන පාසලට පැමිණි දරුවන්ට හිස් අතින්ම ආපසු නිවෙස් බලා යාමට සිදුවූ බව දරුවන්ගේ මව්පියෝ පැවැසූහ.
පාසලට ඇතුළත් වීමේ ප්‍රධාන ගේට්ටුව වසා දමා ඉබේ යතුරු යොදා තිබෙනු දැකගන්නට ලැබිණි.
පාසල් අසලදී හමුවූ දරුවන්ගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඔවුන් පවසා සිටියේ අද දින පාසල නොපැවැත්වෙන්න බැවින් තමුන්ට ආපසු නිවෙස් බලා යෑමට සිදුව ඇති බවකි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමව්පියන් කියා සිටියේ අද දින පාසලට එකදු ගුරුවරයකු හෝ නොපැමිනෙන බව දැන ගන්නට ලැබීම නිසා උදැසන පාසල වෙත රැගෙන ආ තම දරුවන් යළිත් නිවෙස් කරා රැගෙන යන බවය.
මේ සම්බන්ධයෙන් අප ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක රෝහිත අමරදාස මහතාගෙන් විමසීමට කීප විටක්ම උත්සාහ කළ ද එතුමාගේ දුරකථනය ක්‍රියා විරහිතව තිබිණි. තවදුරටත් එතුමා සම්බන්ධ කර ගැනීමට ඌව පළාත් අධයාපන දෙපාර්තමේන්තුවට ඇමැතුමක් ලබා ගත්තද අධ්‍යක්ෂකවරයා ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ රැස්වීමකට ගොස් සිටි බව දැනගන්නට ලැබිනි.
වියළුව කලාපයට අයත් අති දුෂ්කර පාසැලක් වන බෝගහපතන විද්‍යාලයේ සිසු දරු දැරියන් එකොළොස් දෙනෙකු අධ්‍යාපනය ලබන අතර විදුහල්පතිවරයාද ඇතුළුව ගුරුවරුන් තිදෙනකු සේවය කරති.
එහෙත් විදුහල්පතිවරයා මේ වන විට අනතුරකින් තුවාල ලබා වෙනත් පාසලකට අනුයුක්ත කර සිටින අතර එහි සේවය කළ තවත් ගුරුවරියක් ද ප්‍රසූතයට සූදානම් වන බැවින් අද (11) දින සිට වෙනත් පාසලකට අනුයුක්ත කොට ඇත.
ඉතිරි වූ අනෙත් ගුරුවරයාද අද දින අසනීප නිවාඩුවක් යොදා ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ දෙමව්පියෝ කීහ.
පාසලේ මුරකරු සිටින බව දැනගන්නට ලැබුණද ඔහුට හමුවීමටද නොහැකි විය.පාසැල ඊයේ (10) දින පැවැති අතර සාමාන්‍ය පරිදි ගුරුවරු දෙදෙනෙකු සේවය සදහා පැමින සිටියහ.
‘‘ හරිම අමාරුවෙන් ගමට ලැබුනු පාසැල. වැදල කියන්නම් වහන්නනම් එපා‘‘ යැයි පාසැල ඉදිරිපිටට පැමිනි දෙමාපියෝ හා ගුරුවරු පවසන්නට වූහ.
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නි
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගුරුවරු නැතිව වියළුව පාසලක් වහලා
අසරණ අපි Tuesday, 11 February 2025 02:34 PM
මේ අවනඩුව අපට කියන්න තියෙන්නෙ ඔබට පමණයි. චාමර මන්ත්‍රීතුමනි ඔබේ අවධානය පිණිසයි !
himal Tuesday, 11 February 2025 03:57 PM
ඉතින් ඔය ලිපිකරු මොකද ගුරුවරු ආවේ නැත්තෙ කියලා හොයාගෙන තියෙනවා, එතකොට අධ්‍යකෂකට කෝල් අරන් වැඩක් නෑනේ. අනික ළමයි 11යි ඉන්නේ කියන්නේ ගමේ අනෙක් ළමයි වෙන ඉස්කෝලවලට යනවා නම් ඒකට හේතු හොයන්න ඕන. එහෙම නැතුව බොරුවට ඉස්කෝල වහලා කියලා වැඩක් නෑ.