IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


ගෙල කපා තරුණයා මරා දමලා

(චන්ද්‍රසිරි ගුණසේකර)

තේ කප්පාදු කරන පිහියකින් ගෙලට පහර දීමෙන් 26 හැවිරිදි තරුණයෙකු මරා දමා ඇතැයි නෙළුව පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ නෙළුව දනවල,පිංකන්දහේන පදිංචිව සිටි කළුආරච්චිගේ තුෂාර ලක්මාල් නැමැති 26 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා පදිංචි නිවෙස අසළ නිවසක පදිංචි පියෙකු හා පුතෙකු අතර ඉකුත් සිකුරාදා සවස ආරවුලක් ඇති වී ඇති අතර මියගොස් සිටින තරුණයා එහි ගොස් එම පියපුතු ගැටුම සමථයකට පත්කිරීමට උත්සාහ දරා ඇත.එම අවස්ථාවේදී ඉන් එක් අයෙකු අතවූ තේ කප්පාදු පිහියකින් එම තරුණයාගේ ගෙලට පහර දීමෙන් ඔහු මියගොස් ඇති බව නෙළුව පොලිසිය කළ පරීක්ෂණ වලදී හෙළිවූ බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය උඩුගම මහේස්ත්‍රාත් එච්.එම්.එස්.බණ්ඩාර මහතා විසින් ඊයේ (02) සවස සිදුකරන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) සිදුකිරීමට නියමිතය.

සිද්ධියට සම්බන්ධ පියා සහ පුතා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අද (03) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නෙළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක හේමන්ත බස්නායක මහතා සහ උප පොලිස් පරීක්ෂක ධනපාල විජේනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති. 



අදහස් (0)

ගෙල කපා තරුණයා මරා දමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුවත්පත් මණ්ඩලයේ නියමුවෝ පත් වෙති
2025 අප්‍රේල් මස 02 138 0

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් පත් කරනු ලැබ සිටිති.


රක්ෂණ අනතුරු වන්දියෙන් මගඩියක්
2025 අප්‍රේල් මස 02 503 0

ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති.


ඇඹිලිපිටිය ප්‍රා.ස.හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 02 324 0

සබරගමු පළාත් සභාවට අදාල ව්‍යාපෘති 77 කට අදාලව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිධාරීන් කිහිප දෙනකු ම


දේශබන්දු ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 02 214 3

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව අප්‍රේල් 8 වැනිදා සම්මත කිරී


සහල් රටින් ගේන්න ආහාර කමිටුව නිර්දේශ කරයි
2025 අප්‍රේල් මස 02 581 2

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.


කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 02 402 0

දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 193 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 785 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 779 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site