(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති දිනයේ පළමු තරගයේදී ගෝල් ටයිටන්ස් පිල සුපිරි ඕවරයේදී දඹුල්ල අවුරා පිල පරාජය කිරීමට සමත් විය.
දඹුල්ල අවුරා පිල සුපිරි ඕවරයේදී කඩුල්ලක් දැවී ලකුණු 9 ක් රැස් කළ අතර ගෝල් ටයිටන්ස් පිල එම ඉලක්කය පන්දු දෙකකදී සම්පූර්ණ කළේය.
තරගය ලකුණු 180 කට සම වීමෙන් ‘සුපිරි ඕවරය’ට යෑමට සිදුවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කය හඹාගිය දඹුල්ල අවුරා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 180 ක් රැස්කිරීමෙන් තරගය සමවිය.
දඹුල්ල අවුරා පිලට අවසන් ඕවරයට ලකුණු 16 ක් රැස්කිරීමට භාරවූ අතර අවසන් පන්දුවට ලකුණු දෙකක් රැස්කිරීමට සිදුවුවද එක ලකුණක් පමණක් රැස් කළේය.
ගෝල් පිලේ නායක දසුන් ශානක අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 27 කට කඩුලු 3 ක් ගැනීමට සමත්විය.
දසුන් ශානක වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 21 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් ගෝල් පිල ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් විය.
භානුක රාජපක්ෂ පළමුව පන්දුවට පහර දුන් ගෝල් ටයිටන්ස් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 34 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 48 ක් රැස් කළේය.
ගෝල් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලු 5 ට 180 (ෂෙවෝන් ඩැනියල් 33, භානුක රාජපක්ෂ 48, ශකීබ් අල් හසන් 23, දසුන් ශානක නොදැවී 42, බිනුර ප්‍රනාන්දු 32/1, ශනාවාෂ් දහනි 37/2, ධනංජය ද සිල්වා 38/1) දඹුල්ල අවුරා පිල ඕවර 20 කදී කඩුලු 7 ට 180 (ධනංජය ද සිල්වා 43, කුසල් පෙරේරා 40, සදීර සමරවික්‍රම 13, ඇලෙක්ස් රෝස් නොදැවී 39, හයිඩන් කීර් 20, දසුන් ශානක 27/3, කසුන් රාජිත 35/2, විශ්ව ප්‍රනාන්දු 20/1, ශකීබ් අල් හසන් 25/1)
‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගෝල් ටයිටන්ස් සුපිරි ඕවරයේදී ජය ලබයි