(සමන් පාලිත නානායක්කාර)
පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ බෙරගල කොස්ලන්ද මාර්ගයේ පහළ ගල් කන්ද ප්‍රදේශයට විශාල ගල් පෙරැලීමේ හා පස්කඳු කඩා වැටීමේ අවදානමක් මතු වීමත් සමඟ ඒ අවට පදිංචි පවුල් 36ක පුද්ගලයන් 153 දෙනෙකු ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා අද ( 20 ) පැවසීය.
ඔවුන් ජීවත්වන කාමර පේළි අතරින් විශාල ජල පහරවල් ගලා යාමත් සමග නාය යාමේ සහ විශාල ගල් ඇන්ඳකින් ගල් කඩා වැටීමේ අවදානමක් මතු වූ බැවින් වහාම ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත්කර පහළ ගල් කන්ද ප්‍රාථමික විද්‍යාලයේ තාවකාලික කඳවුරක රඳවා ඇති බව ද හෙතෙම පැවසීය.
මෙම ජනතාව නායයාමේ අධි අවදානම් කලාපයක ජීවත්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කළ භූමි පරීක්ෂාවකින් තහවුරු කිරීමෙන් පසු එම ස්ථානවල පදිංචියෙන්ම ඔවුන් ඉවත් කිරීමට නිර්දේශ ලබා දී ඇති බවත් මේ වන විට පවුල් 16ක් සඳහා විකල්ප ඉඩමක නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගල් පෙරැළීමේ අවදානමකින් පවුල් 36ක් ඉවත් කෙරේ