(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගර සභා සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේවල කොවිඩ් වයිරසය ආසාදිත වූ පුද්ගලයන් තිස්හත් දෙනකු ප්‍රතිකාර මධ්‍යස්ථාන රැගෙන යාම සදහා ප්‍රවාහන පහසුකම් නොමැති කමින් නිවෙස්වලට වි සිටින බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසයි.
දඹුල්ල හින්මොරගොල්ල, දඹුලුගම, නවපාදෙණිය,ආදී ප්‍රදේශවල මෙන්ම නගර සභා බල ප්‍රදේශයෙන් පිට පුද්ගලයන් දෙදෙනකුද මෙයාකාරයෙන් දින දෙකක පමණ කාලයක සිට ප්‍රවාහන අපහසුතා නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමට සිටින බව නගරාධිපතිවරයා කියයි.
දඹුල්ල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා කියා සිටියේ මෙම වයිරසය ආසාදිත වූ පුද්ගලයන් කඩිනමින් ප්‍රවාහනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටියද ගිලන්රථ නොමැතිවීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි .
නිවෙස් වල සිටින එම පුද්ගලයින් දඹුල්ල සති පොල භූමියට සීගිරිය රෝහලේ ගිලන් රථයෙන් රැගෙන විත් කෙසේ බස් රථයකින් එම කණ්ඩායම් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය .
තමා පමණක් ඇමතිවරයා විදියට මාසයකට ලක්ෂ පනහක් රජයට ඉතිරි කර දෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අද පස්වරු 1.30ට පමණ සිදුකිරීමට නියමිතය.
කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි තරුණයකුට අද අලුයම 05.35 තම නිවෙසට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු ටී. 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව කටු
සිරි දළදා වන්දනාවට සහභාගි වී ජනතාවට ආපසු එන්නට පමණක් මහනුවර සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් හෙට (27) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තම
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගිලන් රථ නැතිව දඹුල්ලේ කොරෝනා රෝගීන් නිවෙස්වල
දොලේවත්ත Friday, 30 April 2021 03:25 AM
ගිලන්රථ මොන මඟුලකටද? ඕනෑතරම් ප්‍රභූ රථ තියෙන්නේ... ඒකම මදිද?
සමිත සේනක අලුත්ගමගේ. Friday, 30 April 2021 03:34 AM
සැබෑ තත්ත්වය මෙහෙමයි. ඒත්, රජවාසල සමහර ඇත්තන් කෑ මොර දුන්නේ, ඔක්සිජන් ඕනෑතරම් තියෙනවා ඕනෑම තත්ත්වයකට සූදානම් කියලා. බොරු කතා...
Banda Friday, 30 April 2021 04:20 AM
දඹුල්ලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් සිසිරගේ ගෙදරට අරන් යන්න...
Mihira Friday, 30 April 2021 06:21 AM
අපි තමා හොදටම කරෙ කිව නෙද රනිල් ගෙනාපු ගිලන් රථ නොතිබෙන්න බලන්න තිබුණා හොදටම කරන හැටි
kamal Friday, 30 April 2021 10:27 AM
බොරුවට තමන්ගේ වැරැද්දට මොන හෝ ආණ්ඩුවකට බනින්න එපා මේ රෝගය සාදා ගත්ත හැමෝම තමන්ගේ වරදින්ම හදාගත්ත එකයි. රටේ සැබෑ තත්වය දැනගෙන තමන්ගේ සෞඛ්‍ය රැකගන්න බැරි මෝඩ රැළක්. දැන් පේනවාද කොහොමද 69 ලක්ෂයක් හදා ගැනීම කොයි තරම් ලේසිද කියලා?
fairoosSunday, 02 May 2021 07:57 AM
කමල්ටත් ලොන්ඩරියක් කරන්න සුදුසුකම් තියෙනවා.