IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ගාල්ලේ මළ සිරුර ආදාහනය කරයි

(සිරංගිකා ලොකුකරවිට) 

ගාල්ලේ දෙද්දුගොඩ දී පසුගිය 19 වනදා මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මළ සිරුර අද(24)  රජයේ වියදමින් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී ආදාහනය කෙරිණි.

මෙලෙස මියගොස් තිබුණේ  84 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි. ඔහුගේ මරණය හෘදයේ සංකූලතා හා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සිදුවූවක් බව මරණ පරීක්ෂණයේ දී තීරණය විය.
  
මුස්ලිම් ජාතිකයෙකු වූ මියගිය තැනැත්තාගේ සිරුර, ආදාහනයට විරුද්ධ වූ ඥාතීන් විසින් බාර නොගැනීම නිසා මෙලෙස රජයේ වියදමින් ආදාහන කටයුතු සිදුකරන ලදී.



අදහස් (28)

ගාල්ලේ මළ සිරුර ආදාහනය කරයි

ලුම්බිණි Thursday, 24 December 2020 06:26 AM

මියගිය කෙනෙකුගේ අයිතිය පවා අහිමි වෙමින් යනවා.

:       163       30

Damith Thursday, 24 December 2020 06:26 AM

මුස්ලිම් අයගේ ඊළම පැත්තකට දාමු. රජයට මාගේ ප්‍රණාමය... කොවිඩ් වලින් මිය ගිය සියලු දෙනාම සජිත් මහතාගේ වත්තේ භූමදානය කරන්න.

:       163       120

bandaThursday, 24 December 2020 01:05 PM

දමිත් මහත්තයෝ, තව ටික දවසකින් බලන්න මළමිනී භූමදානය කරන්නේ සජිත්ගේ වත්තේද? හාමුගේ මැදමුලන වත්තේද කියලා...

:       8       17

BamunuarachchiFriday, 25 December 2020 05:29 AM

ඔය තරම් මුසල්මානුවන්ට ආදරේද? සිංහලයාට මේදක්වා කෙළවුණේ ඔබලාවගේ මිනිස්සු නිසයි.

:       0       2

SuranjithFriday, 25 December 2020 03:15 AM

ඔබ වැනි මෝඩ අනුවණයින් කියන කතා සිංහල අපි පිළි නොගනී. රට වැසියා කුමන ආගමකට අයිති වුණත් ඔවුන්ගේ අයිතිවාසිකම් රකීවි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 24 December 2020 07:16 AM

රටක පොදු නීතිය සැමට එකවාගේ විය යුතුය. එය ආගමෙන් ආගමට, ජාතියෙන් ජාතියට වෙනස් නොවිය යුතුය. සියලු කොවිඩ් මෘත දේහ ආදාහනය කරන්න.

:       122       103

Ruhunu Thursday, 24 December 2020 07:33 AM

ජාති, ආගම් ඛෙදයකින් තොරව අපි සැවොම ඔබට නිවන්සුව පතන්නෙමු...

:       65       36

තම්බියා Thursday, 24 December 2020 08:03 AM

මුස්ලිම් මිනිසුන්ට පතන්න නිවනක් නැහැ. ආගමානුකුලව මිනිසුන් ඉපදින්නේ එක වතාවයි...

:       26       78

Ruhunu Thursday, 24 December 2020 08:49 AM

තනි ඇහැට ඇඩෙනවා. දේශයේ හැටියට වාසය කරන්න පුරුදු වෙන්න. මොන ආගම්වල අපි ඉපදුණත් වයිරසය කාටත් වැළදෙනවා. අහිංසක අපි එකමුතුව එය පරාජය කරමු.

:       73       23

jayasekaraThursday, 24 December 2020 08:52 AM

ඒක වෙන්න ඇති .... පාස්කු බෝම්ඛෙන් මිනිස් ජීවිත බරගාණක් මරාගෙන ... කොරහත් බිදගෙන ස්වර්ගෙට ගියේ.... අනේ පව්....!!!

:       21       28

BamunuarachchiFriday, 25 December 2020 05:22 AM

මොවුන්ව එකමුතු කර ගන්න පුළුවන් මනුෂ්‍ය වර්ගයක් නොවෙයි. ආගමෙන් එහා මොවුන් හිතන්න දන්නේ නැත.

:       0       0

ana Thursday, 24 December 2020 07:58 AM

කොවිඩ් 19 විසදා ගැනීමට විද්‍යාවේ සහාය පමණි අවශ්‍ය වෙන්නේ... අවිද්‍යාව වැළද ගතහොත් කොවිඩ් අපව වැළද ගනු ඇත. ජාති ආගම් සංස්කෘතීන්ට පළමුව ජීවිත බේරා ගත යුතු ය.

:       2       49

Siral fernando Thursday, 24 December 2020 08:40 AM

මළමිනී දේශපාලනයේ උච්චතම අවස්ථාව....

:       6       174

සඳුන් Thursday, 24 December 2020 08:40 AM

මේ ප්‍රශ්නය අනවශ්‍ය ප්‍රශ්ණාවලියක් ඇතිකරමින් පවතිනවා. අන්තිම කොන අවස්ථාවාදී ජාතිවාදයතට රට යොමුවීමයි. වලලනවාද, ආදාහනය කරනවාද යන්නට විද්‍යාත්මක එකඟතාවයක් ඉතා ඉක්මනින් අවශ්‍යයයි.

:       1       39

DarshanaThursday, 24 December 2020 11:29 AM

විද්‍යාත්මක පිළිවෙතට එකග නොවීම නිසයි මේ ගැටලුව... නීතිය කාටත් එකක් විය යුතුය.

:       3       12

Anees Thursday, 24 December 2020 09:05 AM

මට නම් මැරුණාට පස්සේ මොනවා වුණත් එකයි..

:       0       0

රුවන් Thursday, 24 December 2020 09:37 AM

ඥාතීන් විසින් බාර නොගන්නා සියලු සිරුරු රජය මගින් ආදාහනය කරන්නේ නම්, මියගිය තැනැත්තා සතු දේපොලද රාජසන්තක කල යුතුය.

:       1       10

SL Thursday, 24 December 2020 09:55 AM

ඔයා හරි ලුම්බිණි. 1. මුස්ලිම් අය වලනවට කැමතියි. 2.එයාලට 100% විශ්වාසයි වැළලීම නිසා ලෙඩේ බෝවෙන්න ඉඩක් නැහැ කියල 3. එම නිසා පල්ලියේ වත්තේ හරි ,මුස්ලිම් ගම්මානයක ඇති කනත්තක හරි වලලුවට කමක් නැහැ අනිත් අය 1.එයාලට බයයි. 2.එම නිසා අනිත් මලසිරිරු වළලන (ඔවුන් ගේ කොවිඩ් මලසිරිරු ආදාහනය කරන්න කැමතියි) පොදු සුසාන භුමි වල වලදමිම නොකලයුතුයි. මොකද ඔවුන් වලලපු කොවිඩ් සිරුරු නිසා බෝ වෙයි කියන මතයේ ඉන්නවා. ඔවුන්ගේ අයිතියද රැකිය යුතුයි. කැලේ සත්තුන්ටත් බෝවෙන්න පුළුවන් කියල අනිත් අය බයයි. එම නිසා කැලේ ඉන්න සත්තු අමාරුවේ දාන්නත් බැහැනේ. ඒ නිසා කැලේ වලලන්නත් එපා. කරන්න තියෙන එකම දේ... වලලුවොත් කිසිම දෙයක් වෙන්නේ නැහැ කියල කියන පිරිස ඉන්න පලාතක ඔවුන්ට ඔවුන්ගේ පල්ලියේ වත්තේ වලලන්න. එතකොට වලලන එකට බය අයත් බේරෙනවා. වළලන නිසා ප්‍රශ්නයක් නැහැ කියන අයත් බේරෙනවා....

:       1       7

mohomed Thursday, 24 December 2020 10:08 AM

මෙකට උත්තරයක් ලබන්නත් ලංකාව මහනායක හාමුදුරුවරු යවන්නම ඔනෑ... එතකොට තමයි හාමුදුරුවරු අපවත් වුණාම පුච්චනවද, වලදානවද කියලා කතාවක් ආවම...?

:       4       2

BamunuarachchiSaturday, 26 December 2020 08:48 AM

බෞද්ධයින්ට අපවත් වූ හාමුදුරුකෙනෙක් ආදාහනයද? භූමදානයද? කියන එක ප්‍රශ්නයක් නොවෙයි. මරණය ගැන සැක නම් නැවත ගොඩගැනීමේ අවශ්‍යතාවයක් ඇතිවෙයි... වලදැමීම හෝ ආදාහනය කිරීම අපායට හෝ දිව්‍යලෝකයට යනමග තීරණය කරන මෝඩයින්ගේ සංධිස්ථානයක් නොවෙයි.

:       0       0

Prabha Thursday, 24 December 2020 10:15 AM

හරි වුණත්, වැරැදි වුණත් කෙළින් තීරණ ගතහැකි පාලකයෙක්ට ඇබෑර්තුවක් තිඛෙ...

:       0       6

Abdul Thursday, 24 December 2020 01:05 PM

මෙක කරපු අයට අනිවාර්යයෙන් අල්ලා දඩුවම් දෙනවා.

:       13       2

Prasad Thursday, 24 December 2020 02:28 PM

බෞද්ධයින්ට පාංශුකූලය දෙන්න ඉඩදෙන්න... අඩුගානේ ඒ ගැන කතාකරන්න සජිත්ට කොන්ද පණ තිබුණා. මහලොකු සිංහලේ.... බෞද්ධ කියන බෝර්ඩ් ගහගත්තු අයට වඩා...

:       6       5

බණ්ඩාර Thursday, 24 December 2020 03:52 PM

සිංහල, බෞද්ධ හෝ ක්‍රිස්තියානි කිසිම කෙනෙක් මේ වසංගතය අස්සේ ආගමික කටයුතු කරන්න ඉල්ලුවේ නැහැ. සජිත් ගියේ මුස්ලිම් පිරිසක් තමනගේ මැරුණු අයට විතරක් වෙනම වීශේශයක් කරන්න ඕනේ කියලා තිබ්බ උද්ඝෝෂණයක්ට.. එතන ගිහින් සිංහල බෞද්ධ මිනිස්සු ශේප් කරකර ගන්න කරපු බොළඳ කතාවලට ඔහේල රැවටූනාට රටේ අනිත් මිනිස්සු රැවටෙන්නේ නැහැ.. නීතියක් කියන්නේ එක එක්කෙනාගෙ ආගම ජාතිය බලලා කරන එකක්නම් රටෙ නීති වැඩක් නැහැ. ටික දවසකින් කියයි ආගමේ විදිහට ශරියා නීතිය ඕනේ කියලා ..

:       1       13

PrasadFriday, 25 December 2020 02:40 AM

බණ්ඩාර, ඔයාලා වගේ අය රැවටුණාට මේ ලැජ්ජා සහගත පාලකයන්ට රටේ ඔක්කොම රැවටිලා නැහැ. කෝවිඩ් දේශපාලන කරන්නේ ඔහෙලගේ මහලොකු සර්ලා ටික... ලෝකෙම විද්‍යාත්මකව වැඩකරන කොට මිථ්‍යාව පස්සේ යන්නේ ඔයාගේ සර්නේ...

:       0       0

Kamal Friday, 25 December 2020 04:54 AM

මෙය නීතිවිරෝධී ක්‍රියාවකි. උසාවි නියෝගය කඩකිරීමකි.

:       0       0

Bamunuarachchi Friday, 25 December 2020 05:14 AM

මේ කව්ද? මොනවද කියන්නේ..? මැරිච්ච කෙනාගේ අයිතිවාසිකම් කතා කරනවා ජීවත් වෙන අයගේ අයතිවාසිකම් නොසලකා... මේවගේ අය ගෝල්ෆේස් පිට්ටනියට ගෙනෙනවා නම් මම ගල් ලෝඩ් එකක් එවන්නම්..

:       0       0

Bamunuarachchi Friday, 25 December 2020 05:18 AM

මේ ගෙනියන්නේ මුස්ලිම් මල සිරුරක් නොවෙයි. ඒ ගොල්ලෝ පෙට්ටිවල දමන්නේ නැහැ ටොපියක් වගේ ඔතලා වලදානවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 අප්‍රේල් මස 28 31 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 502 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 265 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 425 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 841 0



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 944 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 419 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 566 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site