(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් හෙට (28 ) සිට සිය රාජකාරී වලින් බැහැරව ගැනීමට නියමිතව තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මණ්ඩල ද සොයිසා මහතා පැවසීය.
ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆ්වුස් නියාස් මහතා විසින් ගාල්ල මහා නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ටම් ද සිල්වා මහතාට බැන තර්ජනය කිරීමට කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධිය මුල් කරගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් කර තිබිණි.
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මහ නගර සභාවෙන් බැහැරව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට නගරාධිපතිවරයා පියවර ගැනීම සහ හෙට (28) දින ගාල්ල මහනගර සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා නියෝජ්‍ය නගරාධිපති වරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට බැනවැදීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ලබා ගැනීමට ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පොරොන්දු වීම නිසා වර්ජනය නැවැත්වීමට තීරණය කර ඇතැයි ද වෛද්‍ය මංජුල ද සොයිසා මහතා වැඩිදුරටත් කීය.
ඒ අනුව ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (27) දින සිට ගාල්ල දංගෙදර රෝයල් සිටි නැමති ස්ථානයේ ස්ථාපිත කළ බවද කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා මේ වන විට කොවිඩ් මර්දන කටයුතු ඇතුළු සියලුම රාජකාරි ඉටු කරමින් පවතින බවද කීය.
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගාල්ලේ වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති
අතුල සෞදි Sunday, 27 December 2020 09:13 AM
රජයේ වගකියයුතු රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම අත් අඩංගුවට ගතහැකි වරදක්. ඇයි මේ නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ? ඔක්කොම පොඩි මිනිස්සුන්ට විතර ද ? පොලිස්පතිතුමනි, අපි අවධානයෙන්.