IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ)

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල්  අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක් පාඩුවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

බදුල්ල අම්පාර සහ මොනරාගල  යන  දිසාවන්හි ගල් කොරි හිමියන් මෙසේ ගෙවීම් පැහැර හැර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

බදුල්ලේ ගල් කොරි හිමියන් රුපියල් ලක්ෂ පනස් එකකට වැඩි මුදලක්ද අම්පාර ගල් කොරි හිමියන් තුන්කෝටි හතළිස් එක ලක්ෂයකට වැඩි මුදලක්ද  මොනරාගල ගල් කොරි හිමියන් හැත්තෑ හය   ලක්ෂයකට වැඩි මුදලක්ද  මෙසේ ගෙවීම පැහැර හැර තිබූ බව විගණන කාර්යාලය පවසයි

මේ අතර නුවරඑළිය දිසාවන කාර්යාල බලප්‍රදේශයේ ඉදිකර ඇති දුරකතන සම්ප්‍රේෂණ කුළුණු හයක බලපත්‍ර අලුත් නොකිරීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටියකට වැඩි ආදායමක් අහිමිව තිබූ බව වාර්තාවේ දැක්වේ

දෙපාර්තමේන්තුවේ  ගිනි  පාලන වැඩසටහන් හා ක්‍රමවේදයන් ප්‍රමාණවත් හා   විධිමත්  නොවීම හේතුවෙන් ,   ගිනි තැබීම්  නිසා වාර්ෂිකව විශාල භූමි ප්‍රමාණයක් හානියට පත්වන බව නිරීක්ෂණයවී යැයි විගණන අංශ පවසයි.

දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල පුරප්පාඩු  617 ක්  පවතින බවද වාර්තාව සඳහන් කරයි.

වලස්මුල්ල  පැළ  තවාන්වල සේවය සඳහා කම්කරුවන් 1059ක්  යොදවා ගෙන ලක්ෂ 18කට වැඩි වැටුප්  ගෙවා ඇති බවත් ඉන් දෙසීය දෙනෙකුගේ නම් ජාතික හැඳුනුම්පත් අංක ඡන්ද හිමි ලේඛනය සමග නිවැරදි  නොවන බවට  නිරීක්ෂණය වූයෙන් එම කම්කරුවන් සත්‍ය වශයෙන් ඒ කටයුතුවලට යොදාගත්තේදැයි සනාථ නොවන  බවත්   විගණන නිලධාරීහු  පෙන්වා දෙති

මේ තොරතුරු සඳහන් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත්  කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (1)

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

pj Tuesday, 31 December 2024 03:24 AM

මුහුණු පාට කරන කොණ්ඩා සැරසිලි හා මනාලියන් අන්දවන තැන්වලට කාන්තා සංරක්ෂණය යටතේ උපරිම බදු ගැසීමෙන් පොහොසත් සමාජයක් සමග පොහොසත් රටක්.....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරණි පොලිස් මූලස්ථානයේ සි සි ටී වි- ඩී වී ආර් යන්ත්‍රය හොරු අරන්
2025 ජනවාරි මස 03 162 0

කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ සී සී ටී වී කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇතැයි ක


‘‘සිරකරුවන් සත්තු වගේ ගේන්න එපා‘‘
2025 ජනවාරි මස 03 1565 0

’’සිරකරුවෝද මනුෂ්‍යයයෝය’’ යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග


පවතින වැස්සේ අඩු වීමක්
2025 ජනවාරි මස 03 183 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවැති වැසි තත්වය තාවකාලිකව අඩුවිමක් අද දිනයේ සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


නැනෝසිදුරු තාක්ෂණය වැඩ මුළුවෙන්
2025 ජනවාරි මස 02 721 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින


උතුරු මැද කලාප අධ්‍යක්ෂවරිය ගණිත කඳවුරෙනුත් ගහලා
2025 ජනවාරි මස 02 1618 0

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත ක


බිරියන් ලස්සනට තියන්න සැමියන්ට පුහුණුවක්
2025 ජනවාරි මස 02 1818 0

පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරා


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 372 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 194 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 176 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site