(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම් පත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව ඇති අතර, ඒ සඳහා අනුමැතිය ඉල්ලා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමැතිවරුන් දෙදෙනකු එක්ව ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරි පත් කර ඇත .
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් එක්ව එම කැබිනට් සංදේශය ඉදිරි පත් කර ඇත .
ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට ගව ඝාතන පනත ,සත්ව පනත, මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනත ඇතුළු පනත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව තිබේ .
ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය 2020 සැප්තැම්බර් මස 28 වැනි දා තීරණය කර ඇති අතර ,අදාළ පනත් සංශෝධනය කර නොමැති නිසා, එය තවමත් ක්‍රියාත්මක වී නැත .
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගව ඝාතනය කඩිනමින් නතර කරන්න යයි
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 17 October 2021 06:09 PM
මේක කලිනුත් නැවැත්තුවා නේද ?
fairoos Sunday, 17 October 2021 06:12 PM
අන්තිම තුරුම්පුව තුරුම්පුව ජනතාව අතර ආගමික ප්‍රශ්නයක් මතුකරලා ජනතාව නොමග යැවීම තමයි.
BamunuarachchiMonday, 18 October 2021 12:48 PM
අන්තිම තුරුම්පුව නොවෙයි.. ඕක පළවෙනි තුරුම්පුව. වයින් බොන පුරුද්ද මෙරටට ගෙනාවේ පෘතුගීසි කාරයින්. හරක්මස් කන එක ගෙනාවේ හම්බයින්....
Lalith M Sunday, 17 October 2021 06:40 PM
එතකොට ගොන්නු ටික පාර්ලිමේන්තුවට එවන්නද කියන්නේ...? කිරි ගන්නා වැස්සියන්, කිරි පට්ටි ඔක්කොම වහලා දමන්න වෙනවා. ඉන්පසුව මොනකිරි බොන්න කියයිද? මන්ද බුද්ධික රෑන රට මන්ද පෝෂණය කරා මෙහෙයවීම...
PereraMonday, 18 October 2021 09:27 AM
පාර්ලිමේන්තුවට එන්න දෙයක් නැහැ. ඔය ඉන්නේ අපූරුවට දැනටමත් ඇවිල්ලා.
WCA Sunday, 17 October 2021 06:47 PM
ආයේ හරක් ටික රවට්ටන්න වගේ හදන්නේ...
sena Sunday, 17 October 2021 06:47 PM
ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට ගව ඝාතන පනත, සත්ව පනත, මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනත ඇතුළු පනත්වල සියල්ල එක පනතකට (සියලු පනත් මගින් සිදුවන්නේ සත්ව ඝාතනය වැළැක්වීම නම් සත්ව පනත යටතට) ගෙන අන් සියලු පනත් අහෝසි කිරීමෙන් හෝ මේ සියලු පනත් එක ආයතනයක් යටතට ගැනීමෙන් ඉක්මන් තීන්දු ගැනීමේ හැකියාවක් නිර්මාණය කරගැනීමට රජයට නොහැකිද?
Gamage Sunday, 17 October 2021 06:58 PM
හරි හරි... අපි දැන් බඩු මිල ගෑස් මිල, කිරිපිටි මිල.., පොහොර හිඟය, ඩොලර් හිඟය... නිසා ළඟදීම එන පෙට්‍රල් හිඟය වගේ දේවල් ඔක්කොම අමතක කරලා දාලා හරක් මරන එක තහනම් කිරීම ගැන කතා කරන්නම්... තව සති දෙක තුනක් යනකම්... එතකොට ඔබතුමන්ලාට රටින් තව කැල්ලක් දීගන්න පුළුවන් ලොකු කොමිස් කුට්ටියකට...
Bamunuarachchi Sunday, 17 October 2021 07:13 PM
වැඩේ නියමයි. හරක් මස් කන්න ඕනේ කට්ටිය පිටරටින් ගෙන්න ගනිල්ලා.
DonMonday, 18 October 2021 07:39 AM
ඩොලර් නෑනේ.
naushiMonday, 18 October 2021 12:03 PM
මස් පිටරට පටවන්න ගත්ත ෆැක්ටරි එක...?
BamunuarachchiMonday, 18 October 2021 05:40 PM
ගෙදර ගිහිල්ලා තියාගන්න... හිතන් ඉන්න ඇති බෙල්ලේ එල්ලගෙන හරක් මස් කන්න. පුරුදුවෙන්න හැම්බේකන් කන්න...
BamunuarachchiMonday, 18 October 2021 12:45 PM
ඩොලර් කාපු නිසයි හරක්ට මස් කන්න ඩොලර් නැත්තේ. උන් උන් මරාගෙන කෑවාදෙන්. බෞද්ද අපි හරක් මස් කෑමෙන් වලක්වන්න ඕනේ.
හරකා Sunday, 17 October 2021 09:54 PM
මේක මහ මෝඩ තීරනයක්. ගිහින් බලන්න ගව පට්ටිවල ඉන්නෙ 98% කට වඩා වැස්සියෝ. එළදෙන්නු වසු පැටව් විතරද දාන්නේ...? නැහැනේ්. වහු පැටව් ටිකක් ලොකු වෙනකොට මසට විකුණනවා. කිරි අරගෙන ඉවර වුණාම වයසක වැස්සියන්ටන් ඒකම තමයි වෙන්නේ. අවසානෙට ගවපට්ටි කරුගේ ශුද්ද ලබය තමයි ඒ. කිරි විකුණලා විතරක් ගව පට්ටියකින් ලාබ ගන්න බැහැ. මේ වැඩෙන් වෙන්නේ ගව පාලනයත් ඉවරවෙන එකයි...
Rohana Sunday, 17 October 2021 10:27 PM
ජනතා අප්‍රසාදය අමතක කරවන්න නැවතත් ගව ඝාතන වැලැක්වීමේ සෙල්ලම පටන්ගන්නයි යන්නේ...
ලක්ෂ්මන් Monday, 18 October 2021 06:53 AM
පළාත් පාලන ආයතන විශේෂයෙන් මහ නනගර සභා විශාල ආදායම් ලබන්නේ ගව ඝාතනය හා මස්කඩ බදු දීමෙන් පළාත් පාලන ආයතන නඩත්තු වෙන්නෙ මෙයින්ම කිව්වට වරදක් නැහැ ඒවාට අහිමි වෙන ආදායම් සොයන්න වෙන්නෙ ජනතාව පීඩාවට පත්කරලද.
Mee haraka Monday, 18 October 2021 07:59 AM
ගව ඝාතනය නවත්වන්න කලින් මනුෂ්‍ය ඝාතනය නවත්වන්න.
sachith Monday, 18 October 2021 08:35 AM
තැනින් තැන ආයුධ මතු වෙනවා, දැන් මේවගේ එකක් ආයෙම උඩට ගේනවා. තව මසා 3ක් ඇතුලත ඡන්දේ තියයි වගේ.