IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගොවි බිමක වෙඩි තැබීමක් : අයෙක් අත්අඩංගුවට

 (බී.ජි. චතුරංග සහ දයාරත්න ඇඹෝගම) 

අනුරාධපුර, තලාව  මැදවැව ප්‍රදේශයේ ගොවි බිමක සිදු වූ වෙඩි තැබීමකින් හා පහර දීමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් වෙඩි තැබීම සිදු කර පලා ගිය පුද්ගලයා මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය පවසයි. 

මෙලෙස  රෝහල්ගත කර ඇත්තේ වෙඩි තැබීම සිදු කල  පුද්ගලයාගේ 23 හැවිරිදි පුත්‍රයා සහ වෙඩි වැදීමට ලක් වූ 44 හැවිරිදි පුද්ගලයෙකු  බව පොලිසිය පවසයි .

මැද වැව ප්‍රදේශයේ පැපොල් වගා කරන  ගොවි බිමක, එම වගාව සදහා යොදා ගත්  ජලනල කීපයක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් විමසා එම ගොවි බිමෙහි අයිතිකරු  තවත් පිරිසක් සමග  රාත්‍රියේදී යාබද වගා බිමෙහි තාවකාලික නිවසක සිටි පුද්ගලයෙකුට  සහ ඔහුගේ  පුත්‍රයාට පහරදී ඇති බව පොලිසිය කියයි.

පහර කෑමට ලක් වීමෙන්  එම පුත්‍රයා බරපතල තුවාල ලබා ඇති බවත් ඉන් අනතුරුව එම පියා විසින් පහර දීමට පැමිණි පිරිසට වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙහිදී පහර දීමට පැමිණි පිරිස වෙත සිදු කල වෙඩි තැබීමෙන් එම පිරිසේ සිටි  එක් පුද්ගලයෙකු  බර පතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී වෙඩි තැබීම සිදු කල පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කල පරීක්ෂාවකදී එම සැකකරු  සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් හමු වූ බව පොලිසිය කියයි.



අදහස් (1)

ගොවි බිමක වෙඩි තැබීමක් : අයෙක් අත්අඩංගුවට

kumara Thursday, 29 August 2024 12:05 PM

අර මෝඩ ඇමති තව කියනවා වගා බිම් ආරක්ෂා කරන්න තුවක්කු දෙන්න කියලා. ඔය රැකලා තියෙන්නේ අපූරුවට. ඇමතිට විරුද්ධව වගකීම පැහැර හැරීම සහ අපරාධ වලට අනුබල දීම යටතේ නඩු දාන්න ඔ්න මේ යන විදියට. නොදකිං ලංකාවෙ ඇමතියො.

:       5       9

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 30 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 19 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 511 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 526 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4277 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21162 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20442 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site