(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,ඉන්දිකා රාමනායක සහ අමදෝරු අමරජීව)
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ පුහුණුවීම සඳහා යොදා ගන්නා ජී.ටී .6 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් අද උදේ 11.45 ට පමණ කඩා වැටීමෙන්එහි ගුවන් නියමුවා සහ ගුවන් හමුදා ඉංජිනේරුවරයා මියගොස් ඇතැයි චීන වරාය පොලිසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ ගුවන් නියමුවා වන තරිඳු හේරත් මහතා සහ ඉංජිනේරු මධුසංඛ වර්ණකුලසූරිය මහතා ය.
සැහැල්ලු ගුවන් යානය ධාවන පථයෙන් මද දුරක් ඉහලට ගිය අවස්ථාවේ එක්වරම කඩා වැටී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ධාවන පථයෙන් ඉහලට ඔසවා විනාඩි තුනක පමණ කාලයක් ඇතුළත ගුවන් යානය කඩා වැටී ඇති බව පෙනී යන්නේ යැයි ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
මෙම සැහැල්ලු ගුවන් යානය පරීක්ෂණ කටයුත්තක් සඳහාගුවන් ගත කර ඇතැයිද ගුවන් හමුදා ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
ගුවන් යානය ධාවන පථයට කඩා කඩා වැටීමෙන් පසු එම ස්ථානයේදීම මෙම දෙදෙනා මියගොස් ඇතැයි චීන වරාය පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
(අමදෝරු අමරජීව)
චීන වරාය ගුවන්තොටුපොළින් ගුවන් ගත වූ පුහුණු කිරීමේ සැහැල්ලු ගුවන් යානයක් චින වරාය පරිශ්‍රයට කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ගුවන් හමුදාවට අයත් මෙම ගුවන් යානයේ පුහුණු වීම් කළ නුපුහුණු ගුවන් නියමුවකු සහ පුහුණු කිරීමේ කටයුතු කළ ගුවන් නියමුවා මියගොස් ඇත.
වැඩි විස්තර පසුව
(ඡායාරූප: අමදෝරු අමරජීව)
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගුවන් අනතුරින් ඉංජිනේරුවා, ගුවන් නියමුවා මරුට
පිටරැටියා Monday, 07 August 2023 03:40 PM
හරිම කණගාටුදායක පුවතක්. දෙදෙනාටම නිවන්සුව අත්වේවා...!
gunarathna Monday, 07 August 2023 08:35 PM
ගුවන් යානයක් හැදුවට පස්සේ පොඩ්ඩක් දුවලා බලලා එමු කියලා යන්න පුළුවන් වාහනයක් නෙමෙයි .100% නිවැරදියි කියලා තහවුරු කරන්න ඕනේ ගුවන් යානා කාර්මිකයින්
WCA Monday, 07 August 2023 10:42 PM
මේක දැක්කම දුකයි.... එයාලට මේ පෞරාණික ගුවන් යානා ආදේශ කරන්න තිබුණා. ඒවා තිබිය යුත්තේ කෞතුකාගාරයක මිස වාතයේ නොවේ.
Bunny Preena Tuesday, 08 August 2023 01:50 PM
බොහොම කනගාටුදායක පුවතක්. හදිසි අවස්තාවකදී ඉජෙක්ට් වෙන්න ක්‍රමයක් මෙම යානයට තිබුනෙ නැතිද. ලංකා මාතාව වෙනුවෙන් බොහො කාලයක් සෙවය කරන්ට පුලුවන් වටිනා ජීවිත දෙකක්. ඔවුනට නිවන් සුව ප්‍රාර්තනා කරමි.