IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු

(ටී.කේ.ජී.කපිල )

ව්‍යාපාරිකයෙකු  විසින් මෙරටට ගෙන ආ  රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාරික  කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඔහු කොළඹ - 10 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි , නිතර  ගුවන් ගමන් වල නිරත වෙමින් , විවිධ භාණ්ඩ වර්ග මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටින පුද්ගලයෙකි .

ඔහු එරට දී ග්‍රෑම් 118 යි මිලි ග්‍රෑම් 980 ක් බරැති රත්තරන් පෙන්ඩන්ට් 04 ක් මිළදී ගෙන තිබේ .

එම පෙන්ඩන්ට් 04 , අත පිසිනා කඩදාසි ලේන්සු දෙකක ඔතා , බ්‍රවුන් පේපර් කඩදාසි බෑගයක බහා ඇත්තේ , පිටතට චොක්ලට් ලෙස පෙනෙන පරිදිය .

ඔහු විසින් රැගෙන ආ අනෙකුත් භාණ්ඩ තොගය , ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්තයක පටවා , ඔහු හදුනන තවත් ව්‍යාපාරික කාන්තාවක් වෙත , ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යන ලෙස පවසා ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ දී  භාර දී තිබේ .

ඇය මෙම ට්‍රොලි කරත්තය , ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්ත තල්ලු කර ගෙන යාම සදහා සිටින  '' පෝටර්වරයෙකු " යොදා ගනිමින් , ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති , හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන විත් , භාර දී තිබේ .

ඇය 43 හැවිරිදි මීතොටමුල්ල , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි , ගුවන් මගින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරික කාන්තාවකි .



අදහස් (1)

ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු

sam Saturday, 09 November 2024 10:29 AM

දෙන්නම හොරුනේ... දෙන්නටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න...

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 448 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


සැපරියෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 1254 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 1894 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 786 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 474 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
2024 නොවැම්බර් මස 22 3051 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1989 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site