(සුජිත් හේවාජුලිගේ)
පොහොර නිකුත් කිරීම සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ගොවීන් නිශ්චිතව හඳුනා ගත නොහැකි වීම හේතුවෙන් රුපියල් කෝටි 116කට වැඩි වටිනා වව්චර පත් දෙලක්ෂ එකළොස් දහස් පන්සිය අසූ තුනක් අවලංගු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ.
ජල කන්නේ ගොවීන් වගා නොකිරීම නිසා රුපියල් කෝටි තුනකට වැඩි වටිනා වව්චර පත් 5327ක් අවලංගු වී තිබූ බවද එහි සඳහන්වේ
2023 වර්ෂයේ යළකන්නේ වී වගා කරන ගොවීන්ට පොහොර ලබාදීම සඳහා රුපියල් කෝටි 11148 කට ආසන්න වටිනා වව්චර් පත්‍ර 1626000ක් මුද්‍රණය කර තිබූ බවත් එයින් වව්චර පත් 1466214 ක් ගොවීන්ට නිකුත් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
නිකුත් නොකෙරුණු රුපියල් කෝටි අනූවකට වැඩි වටිනා පව්චර පත් 159786ක් ප්‍රධාන කාර්යාලයට ආපසු හරවා ඒවා තිබිණැයි පවසන එම කාර්යාලය නිකුත් කළ වව්චර පද්ධ අතරින් රුපියල් කෝටි 22කට වැඩි වටිනා වව්චර පත් 46470ක් සඳහා පොහොර නිකුත් කර නොතිබූ බවද සඳහන් කරයි.
මේ අතර ගොවිජන සංවර්ධන අරමුදල ජපාන ආධාර ව්‍යාපෘතිය එයාට තේ ලබාදී ඇති රෝද දෙකේ ටැක්ටර සඳහා අය විය යුතු මුදල් 2015 වන විට අය කර ගත යුතු වුවත් 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන විටත් රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් ගොවීන්ගෙන් අයකරගෙන නොතිබූ බව වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ගොවි ජන සංවාදන දෙපාර්තමේන්තුව සහ ගොවි ජන සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් වාර්තාවේය.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගොවීන් දෙන්න තිබූ කෝටි 116ක වව්චර අවලංගු වෙලා
Governor Saturday, 11 January 2025 06:13 AM
ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමේ නිලධාරින්ගේ තියෙන අදක්ෂතාව නිසා තමයි ඔහොම වෙන්නේ. නගරාශ්‍රිතව සිටින සමහරක් අය නම් ටුක් ටුක් තියාගෙන හයර් කරන්නේ වැටුපට අමතරව ඉපැයීම සදහා තමයි. කොහොම වුණත් එම නිලධාරීන් කුඹුරුවලට ඇවිල්ලා තොරතුරු සොයනවා නම් ඔය ප්‍රශ්නය වෙන්නේ නැහැ ගොවි ජනපද ප්‍රදේශවල ප්‍රශ්න තියෙන්න බැහැ නේද? ඒවා ක්‍රමවේදයක් ඇතිව බෙදපුවානේ... පැරැණි ගම්වල කුඹුරු තියෙන්නේ ඉතාමත් අඩුවෙන් නිසා වසමේ කුඹුරු ලැයිස්තුව අරගෙන වසමේ දිනක් ඇවිද්දාම සියලුම තොරතුරු නිවැරැදිව ගන්න පුළුවන්...