IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගුවන් ප්‍රමාදයේ පාඩුව කෝටි 195යි

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා පසුගිය දින කිහිපයේදී ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 195 ක පාඩුවක් සිදුව ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මේ හේතුවෙන් මේ අවස්ථාවේදී සේවකයන්ට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවාවට ඇති අයිතීන්ද රැකගෙන වෙනත් ගුවන් සේවාවන් මෙම ගුවන් ගමන් වාර සීමා පැවැත්වීමට අයිතිය ලබාදීමට තීරණය කළ බව ඔහු කීවේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය ඇමරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක් ද ඒ සඳහා පොළියක්ද ගෙවිය යුතු බව පැවසූ අමාත්‍යවරයා ගුවන් සේවාවේ ඵලදායිතාව වැඩි කළහොත් ඵලදායිතාව පදනම් කරගෙන යම් ගෙවීමක් කළ හැකි බවද වෘත්තිය සමිති නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් අටක් පමණ එකවර ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවයන් පිළිබඳව කරුණු විමසීම සඳහා එම ගුවන් සේවයේ පාලනාධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (2) පැවැත්විණි. අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ ඒ අවස්ථාවේදීය.

 



අදහස් (7)

ගුවන් ප්‍රමාදයේ පාඩුව කෝටි 195යි

ගමේ එකාලා Monday, 02 October 2023 08:56 PM

අවුරුදු ගාණක් දේශපාලනේ කරලත් හරියට වැඩක් කරගන්ඩ බැරිකම. මෙයා දන්න ඒවා කියන්න ගියොත් හෙළුවෙන් දුවන්න වෙන්නේ...

:       0       0

ajith Monday, 02 October 2023 10:53 PM

පාඩු ලබන සුදුඅලියාගේ හෙණ්ඩුව වෙන කෙනෙකුට දෙන්න... එසේ නොමැති නම් අලියාව බලාගත හැකි කෙනෙකුට දෙන්න.

:       0       0

විජිත් Monday, 02 October 2023 11:32 PM

කරන්න බැරි වැඩ කරට අරගෙන, අන්තිමට ඇනගෙන, දැන් පාඩුව ගැනත් කතාකරනවා නේද? සෞඛ්‍ය ඇමැති වෙලා හිටපු කාලේ බෙහෙත්වලින් හොඳට හොරකම්කළා. වෘත්තීය සමිති නිසා ශ්‍රීලන්කන් එකෙන් ලොකු හොරකමක් කරන්න බැරිවෙලාලු... පසුගිය සුමානේ ගුවන් යානා ප්‍රශ්න ඇතිවුනේ ඔයාගේ පරිපාලනයේ වරදින් !!! ඒ නිසා ඔය පාඩුවුණු රුපියල් කෝටි 195 ගෙවනවා. ඔයාගේ සාක්කුවෙන් !!!

:       0       0

Sisira Kumara Tuesday, 03 October 2023 03:54 AM

හා හා අපේ සිරිපාල මහත්තයා නින්දෙන් නැගිටලා වගේ.... ඇති යාන්තම්..!

:       0       0

Nimal Tuesday, 03 October 2023 08:49 AM

පඩි වැඩි කරන්න ?මෙච්චර පාඩු ලබලත් ?

:       0       0

Lankan Lover Tuesday, 03 October 2023 11:02 AM

ඕක විකුනනවා ඕයි .කරුමේ .එයා ඉන්දියා ත් වික්කානම් මේක මොන මගුලක්ද ඕයි .පිස්සු කාලකන්නි

:       0       0

Rata Perata Tuesday, 03 October 2023 12:03 PM

ඕක කියන්න ඇමතියෙක් මොකටද බන් ?පරක්කු වෙන්නේ මොකද කියලා බලලා එක විසඳුමක් දීපන්කො මොලයක් තියනවා නම් .එක අතකට ප්ලේන් එකේ නිදාගෙන විතරක් අත්දැකීම් තියන මිනිහෙක් වෙන මොනවා කතා කරන්නද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1589 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 474 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 173 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 261 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 127 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 84 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39987 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25941 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site