(විනීතා එම් ගමගේ)
පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා 1971 දී ශ්‍රී ලාංකිකයෙකු වන කුමාර් ආනන්දන් තැබූ වාර්තාව බිඳිමින් නව ආසියානු වාර්තාවක් තැබූ ගුවන් හමුදාවේ නායක ගුවන්භට රොෂාන් අබේසුන්දරට පරිසර තානාපති ධූරයක් පිරිනැමීමට පරිසර අමාත්‍යංශ්‍ය පියවර ගත්තේය.
ඔහුට එම තානාපතිධූරය පිරිනැමීම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් අද (21) පරිසර අමාත්‍යංශයේ දී සිදුකෙරිණි.
තානාපතිවරයෙක් වශයෙන් පාසල් දරුවන් ඇතුළු ජනතාව දැනුවත් කරන්නට ඔහුගේ සේවය ලබා ගැනීමට තමන් පියවර ගන්නා බවත් ඔහුගේ සේවය ගුවන් හමුදාවට පමණක් නොව රටට ලැබෙන පරිදි කටයුතු කරන්නට පියවර ගන්නැයි තමන් ගුවන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් කී අමාත්‍යවරයා ජනාධිපතිතුමන් ගෙන් ද එම ඉල්ලීම කරන බවද කියා සිටියේය.
සිය වාර්තාව ගැන අදහස් දැක්වූ ඔහු කියා සිටියේ සාගරයට පොලිතින් ප්ලාස්ටික් නොදමන ලෙස සමස්ත ලෝකවාසින්ගෙන් ඉල්ලීම සඳහා තමන් මෙම දුර පිහිනා වාර්තාවක් තබමින් ජනතා අවධානය යොමු කරවාගත් බවය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) අද (05දා) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැ
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ගුවන් පිහිනුම් සූරයාට පරිසර තානාපති ධූරයක්
Dr. Lakshman Fernando Wednesday, 21 April 2021 09:24 AM
නියම වැඩක්
Nuwan Wednesday, 21 April 2021 10:17 AM
මේ මනුස්සයාගේ කර පිටින්වත් ගොඩ යමු දැන් ඇමැතිතුමෝ
ආනන්ද පිටබැද්දර Wednesday, 21 April 2021 10:21 AM
රටක් වටින කොල්ලෙක් .මමත් අබේසුන්දර කෙනෙක්. ඔබට උණුසුම් සුභ පැතුම්
banda Wednesday, 21 April 2021 11:00 AM
මම නම් හිතන්නේ මොහු කළ මෙම එඩිතර සහ වටින ක්‍රියාවට ජනමාධ්‍ය මගින් සාධාරණයක් ඉටු වුණේ නැහැ කියලා.