ගුවන්යානාවලට යොදා ගැනෙන ගෑස් ටර්බයින එන්ජිමක් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව නිපදවා තිබේ.
යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ගුවන් නාවුක ඉංජිනේරු අංශයේ අවසන් වසර ඉගෙනුම ලැබූ එච්.ඞී.වී. අමරතුංග, ඞී.එම්. අන්නාසිවත්ත, එච්.එම්.එස්. ඩිලාංජය සහ වයි.ඒ.එම්. පරාක්‍රම යන සිසුන් විසින් මෙය නිපදවූ අතර එම ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය ලැබූ ප්‍රථම සිසුන් කණ්ඩායම ද ඔවුහු වෙති.
ගුවන් නාවුක ඉංජිනේරු අංශයේ සම්බන්ධීකාරක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සාලිය ජයසේකර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය නිපදවීය.
මෙම ගෑස් ටර්බයින එන්ජිමේ ඇති සුවිශේෂත්වය නම් දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිපදවීමය.
මෙම එන්ජිම මධ්‍යයේ පිහිටුවා ඇති සම්පීඩකය මගින් එහි වටා ඇති කැනූල ප්‍රමාණයේ කුටීරවලට වාතය සම්පීඩනය කරන අතර එමගින් ඉන්ධන සම්පූර්ණයෙන්ම දහනය කිරීමට පහසුව සැලසේ. එමෙන්ම පිළිස්සුන ගෑස් සෘජුවම ටර්බයිනයේ භ්‍රමකයට ගමන් කරන අතර කාර්යක්ෂමව බලශක්තිය ලබාදීම සිදුකෙරේ.
මෙම එන්ජිමේ බොහෝ උපාංග දේශීය නිපදවා ඇති අතර ඉන්ධන ඉන්ජෙක්ටර් ලබාගෙන ඇත්තේ පැරැණි මෝටර් රථයකිනි. එමෙන්ම දාහක පාලන විද්‍යුත් පරිපථය නිර්මාණය තිබෙන්නේ ඉවත දමන ලද ඉලෙක්ට්‍රොනික උපකරණවල ඇති කොටස් උපයෝගී කරගෙන බව නිර්මාණකරුවෝ පවසති.
(ගයාන් සූරියආරච්චි)
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉ
බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්ප
මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙ
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ගුවන් යානා එන්ජිමක් නිර්මාණය කළ අපේ හපන්නු
sharm warn Monday, 15 March 2021 04:22 AM
ගුවන් යානා සහ යුද නැව් හදලා පිට රටවලට විකුණපු බුද්ධිමත් ජාතියක් හිටපු රටක් මේක.. අද පරපුරට මේ ටික කරන්න බැරි වෙනවා නම් ඒ ගැනයි ලැජ්ජා වෙන්න ඕනෑ. මම බලාගෙන ඉන්නේ දඬුමොනරයේ තාක්ෂණය ගැන කවුද පරීක්ෂණයක් කරලා ඒක නැවත උපද්දවන්නේ කියලා.
sachith Monday, 15 March 2021 06:32 AM
ඉතාම හොඳයි, තාක්ෂනය වැඩි දියුණු කරලා දේශීය සැහැල්ලු ගුවන්යානා හදන්න හැකියාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 March 2021 07:34 AM
මේ බුද්ධිමත් විශ්ව විද්‍යාලයීය සිසුන්ට සැමගේ උපහාරය..!!! මෙවන් උගත් සිසුන් සිටිනා රටේ තමයි ජාතික විශ්ව විද්‍යාල ඇතැම් දෙනා පහත්කොට සලකන්නේ... සිසුන්ට වඩවඩාත් පහසුකම් සැපයීම සිදුකොට බුද්ධිමතුන්ගෙන් මේ රටට වැඩි දායකත්වයක් ලබාගැනීමට සිතීම වැදගත්.... එසේම විශ්ව විද්‍යාල තුළ ඇති අන්තවාදී දේශපාලන රැල්ල අධ්‍යාපන කටයුතුවලට ගෙනදෙන්නේ විශාල පාඩුවක්.
ravin Monday, 15 March 2021 08:43 AM
උදව්වක් දෙන්න.. රට තුළ භාවිතය සඳහා බෝට්ටු එන්ජිමක්, දෙකක් සාම්පල ලෙස හදාගත්තොත් නරකද?.
Raveendra Monday, 15 March 2021 08:53 AM
පුතාලාට අපගේ උණුසුම් සුබපැතුම්..!!! සෑම රෙද්දක්ම දියව් දියව් කියමින් වටිනා කාලය නැතිනාස්ති කරන අන්තරේ හෝතඹුවන්ට, මේ දරුවන්ව ආදර්ශයක් වේවා..!!
SUNIL MILANO Monday, 15 March 2021 09:26 AM
ශ්‍රී ලංකාවට ලොකු අභිමානයක් දැරුවනේ... යම්දිනක අපගේ මව්බිම හිනිපෙත්තටම ඔසවා තැබීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා ඉතසිතින් පතමි.
Layiyaa Monday, 15 March 2021 11:08 PM
ගොඩක් හොඳයි....ඒත් අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන ආකාරයට කොටස් නිෂ්පාදනයට යොමුවන්න.