(සුජිත් ප්‍රසංග)
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක,නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය.
ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක ලෙස 1978 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය 1981 වර්ෂයේ සහන නිවේදිකාවක ලෙස නිවේදක මණිඩලයට එක්වූවාය.
ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවයේ වසර 38ක් සේවය කළ ඇය දක්ෂතම නිවේදිකාවක වූ අතර ඇය මෙහෙය වූ විවිධ වැඩසටහන් ගණන විශාල සංඛ්‍යාවකි.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඇය අද (18) අඵයම අභාවප්‍රාප්ත වූවාය.
ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූ ඇය සෙනෙහෙබර මවකි.දේහය ඇරැව්වල උස්වත්ත මැදපාර නිවෙසේ ප.ව. 2.00 සිට තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන
මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගුවන් විදුලි නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්තවේ
SUNIL MILANO Monday, 18 September 2023 02:58 PM
ඔබතුමිය රට ජාතියට කළ සේවයට හිස නමා ගෞරව කරන අතර අජරාමර නිවන් සම්පත්තිය ලැබේවායි පතමි.
ගමේ එකාලා Monday, 18 September 2023 07:10 PM
ඔබතුමියට අමාමහ නිවන්සුව අත්වේවා...!