IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මරා රන් බඩු කොල්ල කාලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රන් අනාභරණ පැහැර ගැනීමේ අරමුණෙන් කොටුගොඩ ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකට කඩා වැදුණු පුද්ගලයකු එම නිවසේ පදිංචිව සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂකවරයකුට පිහියකින් ඇනීම නිසා බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම සිද්ධියෙන් දින තුනකට පසු මියගිය බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 61 හැවිරිදි වියේ පසුවූ කේ . අනුර ඉන්ද්‍රකුමාර ප්‍රනාන්දු මහතාය.

අනුර මහතා දියණියන් තිදෙනෙකුගේ තිදෙනෙකුගේ පියෙකි.

මෙම සිද්ධිය වූ දින අනුර මහතාගේ බිරිඳ සහ දියණියන් තිදෙනා දේවස්ථානයේ පැවැත්වෙන පූජාවට ගොස් සිට ඇති අතර නිවසේ සිට ඇත්තේ ගෘහ සේවිකාව සහ අනුර මහතා පමණක් යැයි පොලීසිය කියයි.

උඩු මහලට හොර රහසේ ඇතුළු වූ කිසියම් පුද්ගලයකු සේවිකාව ගැට ගසා ඇය පැළඳ සිටි රත්තරන් මාලයද රත්තරන් කරාබු ජෝඩුව පැහැරගෙන පහත මාලයට පැමිණ ඇතැයි පොලිසිය කියයි.

පහත මාලයේ රූපවාහිනිය නරඹමින් සිටි අනුර මහතාට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර ඔහු පැළඳ සිටි පවුන් තුනක් බර රන්මාලය ද පැළඳ සිටි රත්තරන් අත් පළඳනාව සහ මේසයක් මත තිබූ රත්තරන් මුදු තුනක් ද පැහැරගත් එම පුද්ගලයා පලාගොස් ඇතැයිපොලීසිය සඳහන් කරයි.

මෙම තොරතුරු පොලිසියට හෙළිකර ඇත්තේ අනුර මහතාගේ නිවසේ සිටි ගෘහ සේවිකාව ගෘහසේවිකාව විසිනි.

 



අදහස් (2)

ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මරා රන් බඩු කොල්ල කාලා

Perera Tuesday, 08 August 2023 05:27 AM

ගෘහ සේවිකාවත් වැඩේට හවුල් වගෙයි පෙනෙන්නේ

:       1       3

SISIRA Tuesday, 08 August 2023 01:43 PM

අම්මයි දූයි කියපුවා දෙයියොත් අහලා, ලක්ෂ ගණන් රත්තරං ගෙදරට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 406 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 453 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 951 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2190 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1816 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 267 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 413 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1418 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site