(අංජුල මහික වීරරත්න)
පසුගිය මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට ලබා දුන් මුදල් වලින් පොහොර මිල දී ගෙන තිබෙන්නේ ගොවීන්ගෙන් සියයට පහක් පමණක් බව හෙළි වී තිබෙි.
2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියා සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන අටක මුදලක් රජයට ලබා දුන් අතර එම මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොවි ගිණුම් වලට මුදල් බැර කරනු ලැබීය.
හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 10,000ක් බැගින් හා හෙක්ටෙයාර් දෙකක් සඳහා රුපියල් 20,000ක් වශයෙන් ලබා දුන් එම මුදල් වලින් බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා කටයුතු කර තිබෙන්නේ ගොවීන් සියයට පහක් පමණක් බව අනාවරණය විය.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආනයනය කළ ද ගොවීන් එයින් මිල දී ගෙන තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් සියයට පහක් පමණක් බව රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පෑවති සාකච්ඡාවක දී පවසා ඇත.
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගොවීන් සියයට 95කට පෝර ගන්න දුන්න සල්ලි වතුරේ
පැරකුම් Sunday, 07 May 2023 11:02 AM
මේ රජයේ පරිපාලන දුර්වලතාවය පෙන්වන තවත් උදාහරණයක්... දීමනාව පොහොර සමාගම් වෙත ලබාදී ගොවීන්ට පොහොර නොමිලේ දුන්නා නම් ඇති ගැටලුවක් තිබේ දැයි නොදනිමි...
යෝගා Sunday, 07 May 2023 11:20 AM
පොහොර ගත්තොත් පමණක් මුදල් ප්‍රතිපූර්ණය කරන්න. එහෙම නැතුව ඔය මුදල් තොරොම්බල් කාරයෝ අතට පත්වීම නවත්තන්න බෑ...
NDF Leader Sunday, 07 May 2023 06:42 PM
පොඩි මිනිහාගේ දේ ලොකුකර පෙන්වන්න ඒකකය වෙනස් කර පෙන්වනවා. ගොවියන් ලාස්, පෑල්, බුසල්, අක්කරවලින් තම ඉඩම් මනින්නේ... හෙක්ටයාරයක් යනු අක්. 2.5කි. ඒ අනුව අක්කරයට දී ඇත්තේ රු. 4000කි. ඒකට මුලු කුඹුරටම මෙයා බණ්ඩි පොහොර දෙනවද? මොවුන්ට ඡන්දෙ දුන්නු හිතේ දුකට ගල් බෝතලයයි, බියර් දෙකයි ඇරන් ආණ්ඩුවේ අම්මා මුත්තා යන්න බනින්න ඇති...
ගොයම් ගස Monday, 08 May 2023 07:21 AM
225 කට අවුරුදු ගාණක් තිස්සේ වියදම් කරපු සල්ලිත් වතුරේ, එහෙම නේද මහින්ද අමරවීර? ඔහේ සැප වාහනේක ගමන් බිමන් ගියාට ඊට සමාන සේවයක් ඔහේගෙන් රටට වුණාද? ඔහේ රට වෙනුවෙන් ඩොලර් කීයක් උපයලා තියනවද? 0 නේද? ඔහේගේ පාර්ලිමේන්තු වරප්‍රසාද ඔක්කෝම ටික මැද පෙරදිග වළං හෝදන අපේ කාන්තාවකට දුන්නා නම් හොඳයි නේද?