(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මාර්තු 2 වැනිදා පැවැත්වේ.
ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් ගුවන් යානා සන්දර්ශන, ගුවන් හමුදා පාපැදි සවාරිය, ගුවන් හමුදා රග්බි තරගාවලිය ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා පැවසීය.
ගුවන් හමුදා සංවත්සරය සම්බන්ධයෙන් ගුවන් හමුදා මුලස්ථානයේදී අද (17) මාධ්‍ය හමුවක් කැඳවමින් සුදර්ශන පතිරණ මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව මාර්තු 1 වැනිදා කැලණිය රජ මහා විහාරයේදී පිච්චමල් පූජාවක් පැවැත්වීමට නියමිත අතර, 70 වැනි සංවත්සරය වෙනුවෙන් ආචාර පෙළපාලිය පැවැත්වීම ගුවන් හමුදාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී සිදු කෙරේ.
එයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් සහ සමරු මුද්දරයක් නිකුත් කරන බවද ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය.
මාර්තු 3 වැනිදා සිට 5 වැනිදා දක්වා ගාලු මුවදොර පිටියේදී ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වේ. ඒ සඳහා ඉන්දියානු ගුවන් හමුදා ගුවන් යානා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් යානා එක්වීමට නියමිත බවද ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ ය.
මාර්තු 5 වැනිදා ගුවන් හමුදදා අංක පහ ජෙට් ප්‍රහාරක බලගණයට හා අංක හය ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝනයන් වෙත ජනාධිපති වර්ණ ප්රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
හැත්තෑ වසරක ගුවන් හමුදාවේ ගුවන් බලය පිළිබඳ ලියැවුණු කෘතීන් එළිදැක්වීම එදිනම සිදුකිරීමට නියමිතය.
විසි දෙවන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 7 වැනිදා පැවැත්වෙන බවද ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය.
අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුව ගුවන් හමුදා ධජ ආශිර්වාද ගැන්වීමේ පූජෝත්සවය මාර්තු 10 වැනිදාත්, ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට එක්වන බැතිමතුන් විසින් අවට පරිසරයට මුදා හරිනු ලබන කුණු කසළ ඉවත් කොට ශ්‍රී පාද මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් මාර්තු 12 වැනිදාත් පැවැත්වේ.
මාර්තු 20-21 සහ 26-27 යන දිනවලදී ගුවන් හමුදාපති රග්බි තරගාවලිය පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ඉන්දියාව, පකිස්ථානය. බංගලාදේශය ඇතුලු රටවල් හතරක ගුවන් හමුදාපතිවරුන් පැමිණීමට නියමිත බවද ගුවන් හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය මහ ඉහළින්
චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 17 February 2021 03:00 PM
ඉන්දියානු ගුවන් හමුදා යානාද එක්වේ..? ඒ කියන්නේ ඉන්දියානු සුකෝයි - 30... තේජාස්....මිග් -29 වගේ ප්‍රහාරක යානාත් එක් වෙනවද..? එහෙම නැතිනම් සූර්ය කිරන් වැනි සරඹ වලට පමණක් සිමාවුණු ඉන්දීය ගුවන් කණ්ඩායම් යොදා ගන්නවද...? මේවා ඉතා සියුම්ව බලන්න ඕනෑ කාරණා... සරඹ වලට පමණක් සීමා වූ ගුවන් සරඹ කණ්ඩායම් නම් කමක් නැහැ.. හැබැයි අර මුලින් වගේ ඉන්දියාවේ ප්‍රහාරක හැකියාවන් ලංකාවේ පෙන්වන ප්‍රහාරක යානා යොදා ගන්නවා නම් ඒක ටිකක් හිතලා බලන්න ඕනෑ කාරණයක් කියලයි මට නම් හිතෙන්නේ...