IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගුවන් හමුදාවෙන් උතුරට මිලියන 125ක්

(ගයාන් සූරියආරච්චි)

ගුවන් හමුදාවට වසර 73 ක් සපිරීම නිමිත්තෙන් මිලියන 125ක ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පැවැසීය.

ගුවන් හමුදාපතිවරයා ඒ බව පැවැසූවේ ඊයේ (14) ගුවන්හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ගුවන්හමුදාපතිවරයා මෙසේද පැවැසීය.

1951 වසරේ මාර්තු 2 වැනි දින රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකා ගුවන්හමුදාව ස්ථාපිත වුණා. ඒ අනුව ලබන මාර්තු මස 2 වැනි දිනට ගුවන් හමුදාවට 73 වසරක් සපිරෙනවා. එයට සමගාමීව ‘වින්ග්ස් ඔෆ් ෆ්රෙන්ඩ්ෂිප්‘ හෙවත් මිත්‍රත්වයේ පියාපත් නමින් ප්‍රජා සත්කාර වැඩසටහන් ව්‍යාපෘති කීපයක් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව යාපනය, කිළිනොච්චිය, මන්නාරම, වව්නියාව, මුලතිව් යන ප්‍රදේශ ආවරණය වන පරිදි පාසල් 73 ක් සංවර්ධන සහ ඉදිකිරීම් කටයුතු සදහා ඇස්තමේන්තු ගත මිලියන 100 ක මුදලක් යෙදවීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම උතුරු පළාතේ පාසල් දරුවන්ට ‘මගෙන් පොතක්‘ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 25 වැයකොට  පාසල් පොත් කට්ටල 73,000 ක් බෙදාදීමටත් තවත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මෙම පොත්පත් සපයා ගැනීම සදහා විදේශ ගත ශ්‍රී ලාංකිකයන්, ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.

ලබන මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා යාපනය මුට්ට්‍රෙව්ලි ක්‍රීඩාංගණයේදී ‘එයාර් ෆෝස් ටැටූ -2024‘ තාක්ෂණික අධ්‍යාපනික ප්‍රදර්ශනයක් හා සැනකෙළියක් සංවිධානය කෙරෙන අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන්යානා නැරැඹීම සදහා අවස්ථාව උදාවෙනවා.

එමෙන්ම දෙස් විදෙස් ගුවන් භටයන්ගේ සහභාගිත්වයෙන් ගුවන් සංදර්ශනයක් ලබන මස 31 වැනි දින සිට ජූනි 2 වැනිදා දක්වා කොළඹ පෝට් සිටි හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තියෙනවා.‘ යැයි යැයි ගුවන් හමුදාපතිවරයා පැවැසීය.

(ඡායාරූප රුසිරු කොළඹ තන්ත්‍රිෙග්)



අදහස් (7)

ගුවන් හමුදාවෙන් උතුරට මිලියන 125ක්

පිටිගල මිලානෝ Wednesday, 14 February 2024 05:39 PM

අයවැය හරහා ගුවන් හමුදාවට වියදමට බදු මුදල් දෙනවා. ගුවන් හමුදාව ඒ මුදල් වැඩියි කියලා දාන මාන දෙනවා. මුදල් අතිරික්තයක් ඇත්නම් ඒ බව රජයේ භාණ්ඩාගාරය හරහා ලබන වසරට තබාගන්න. උතුරේ හෝ දකුණේ ප්‍රජා සහ අධ්‍යාපන කටයුතු රජයේ ප්‍රතිපත්තිවලට අනුව වෙන් කරන මුදල්වලින් අදාල පාර්ශව කරගෙන යයි. රටක ගුවන් හමුදාව කළ යුත්තේ ඔවුන්ගේ රාජකාරිය මිසක් රටේ තෝරාගත් ප්‍රදේශවලට තම මුදල් සංචිත වියදම් කිරීම නෙවෙයි. මෙවැනි වැඩක් වෙන රටක කළේ නම් අදාල අයගේ සේවය පවා නැතිවී හිරේද යන්න වෙනවා. අනික මේ වංගු වැඩවලින් බොහෝ දූෂණ වංචා වලට මග පෑදෙනවා...

:       4       19

UPALIThursday, 15 February 2024 09:35 AM

විශිෂ්ට විශ්ලේෂණයක්......එය ගුවන් හමුදාවේ ව්‍යාපාරයක් නොවේ... මුදල් භාණ්ඩාගාරයට ආපසු දෙන්න.

:       1       2

නන්දන පනා-මිලානෝ Wednesday, 14 February 2024 09:04 PM

ආණ්ඩුව අයවැය හරහා මුදල් වැඩිපුර දීලා හමුදාවන් චන්ද මංකොල්ලයක යොදවනවා….. ඒ අස්සේ මේවා බෙදන අයට හොද ගැහිලි. මිලියන් එකසියවිසිපහක බඩු…

:       2       0

dileepa1986 Thursday, 15 February 2024 07:55 AM

තේරෙන්න‍ෙ නැද්ද. පිනා විසින් ගුවන් හමුදාව ලවා චන්ද ගුණ්ඩු ලබාදීම සිදුකරනවා.

:       2       2

janaka Thursday, 15 February 2024 08:20 AM

ඉතා අගනා කටයුත්තක්. එත් එතකොට උතුරේ අධ්‍යාපන අමාත්‍යාංශය මොනවද කරන්නේ .කව්රු මොනව කීවත් උතුරේ මනුස්සයෝ විඳින්නේ මාර දුකක් වතුර නැතිව ඒ දුක දැනෙන්න නම් පොඩ්ඩක් උතුරේ යන්නම ඕන

:       2       2

rattu Thursday, 15 February 2024 08:40 AM

උතුරු නැගෙනහිර සහ වතුකරයේ දුක විතරයි පෙනෙන්නේ.අපිව මරාගෙන බදු අරගෙන උතුරට විතරක් සලකනවා .දකුණේ කොච්චර අඩු පහසුකම් පාසල් තියනවද .උතුරේ 90% කම පවුල්වල අය ඉන්නේ යුරෝපා රටවල.දෙන දෙයක් රටේ හැම කෙන්කාටම දීපියව්

:       1       3

selwaraj jaffna Thursday, 15 February 2024 12:07 PM

උතුරු පළාතේ අපි විඳින දුක දන්නේ අපි විතරයි. අපේ පළාතට ඇවිත් පාසල් දියුණු කරන්න, අපේ දරුවන්ට පාසල් පොත්පත් ලබාදීම ගැන අපි රටේ හමුදාවට ස්තුතිවන්ත වෙනවා. එවැනි ක්‍රියාවක් අගය කරනවා වෙනුවට ඒ පිළිබඳව මෙවැනි අශුභවාදී අදහස් පළ කිරීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

:       2       7

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 587 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 13 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1145 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1700 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 428 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1140 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38797 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site