(අංජුල මහික වීරරත්න)
ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් සහ බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමටට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ.
ඔක්තෝබර් 1 වැනිදා සිට මෙම සහන ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් වල සඳහන් වේ.
2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා මෙම දීමනාව ලබා දීමට නියමිතය.
ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000 ක පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි වනු ඇත.
මෙම ගොවි සහ ධීවර සහනාධාර මුදල් සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරය මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගොවීන්ට - ධීවරයන්ට ජනපතිගෙන් සහනයක්
රම්බොඩ Thursday, 26 September 2024 07:13 PM
නිකම් දෙන්න කලින් රටේ ආදායම වැඩි කරගත යුතුයි. කෝටි දහස් ගණනක් මහා මැතිවරණයටත් යනවා. අන්තිමට රනිල් මහතා දායකවෙලා ගොඩදාගත්තා. ඒක නැවත හාන්සි වෙයි. පළපුරුදු නැතිකම නිසා. ගෝඨාභය මහතාටත් වුණේ ඒක...
RabbodAppaThursday, 26 September 2024 11:36 PM
ඒ ගාන හොයාගන්නේ කොහොමද දන්නවද? රනිල් මහත්තයා වගේ නිදහස් උත්සව, පදවි ප්‍රාප්ති උත්සව තියන්නේ නැතුව. බාර් පර්මිට්, කාර් පර්මිට් දෙන එක නතර කරලා.
wijeFriday, 27 September 2024 09:25 AM
ගොවිතැන උදෙසා ආධාර අනුබල දීම ධීවර සහනාදාර කියන්නේ නාස්තිකාර වියදම් නොවෙයි, රටක් නගන ආයෝජන ,ගෝටා කොහෙද ගොවිතැනට සහනාධාර දුන්නේ විනාශයක් කරේ, දියුණු යයි සම්මත රටවලත් ගොවිතැනට ධීවර කර්මාන්තයට සහනාධාර දෙනවා. හය හතර නොදන්නා අපතයෝ කුමක් කීවත්, ගරු ජනාධිපතිතුමනි මෙය අගනා උත්සාහයක්.
gunarathnaFriday, 27 September 2024 09:32 AM
රනිල් කලොත් වැරදි. අනුර කලොත් හරි.
Hmb herath Thursday, 26 September 2024 07:40 PM
ප්‍රවාහනය හා අතර මැදියන් සම්බන්ධයෙන් සුදුසු වැඩ පිළිවෙලක් සාකච්ඡා කළයුතුයි...!
Asanka Thursday, 26 September 2024 07:41 PM
නුවරඑළියේ එලවලු ගොවීන්ටත් සහනයක් දෙන්න ජනාධිපතිතුමනි,
Hmb herath Thursday, 26 September 2024 07:42 PM
ලොකු දෙයක්... සුදුසුම අයට ලබා දිය යුතුයි.
Tharaka. Thursday, 26 September 2024 07:43 PM
පසුගිය ආණ්ඩුවල මැතිඇමතිලාට වරප්ප්‍රසාද යටතේ යානවාහන හා අනෙකුත් දෑ සඳහා වියදම්කළ මුදල් නිසි දෙයකට යොදවනවා නම් මේ වගේ දේවල් පහසුවෙන් හා නිසිවෙලාවට ගොවියාගේ හා ධීවරයාගේ ජීවනතත්වය නගාසිටුවිය හැක. එයයි රටේ සන්වර්ධනය. ස්තුතියි කුමාරයාණන්ට....!
අරවින්ද මොනරවිල Friday, 27 September 2024 06:39 AM
රම්බොඩ පුරුද්දට උම්බෑ ගාන්න එපා, ගෝඨාභය වගේ නොවෙයි අනුර කුමාර, එයා ආර්ථික උපදෙස් ගන්නේ විෂයට අදාල අයගෙන් විතරයි, එහෙම නැතුව ඤාණා අක්කාගෙන් හරි පාදෙණිය දොස්තර ගෙන් එහෙම නොවෙයි. ඔයා ආවඩන රනිල්ගේ ආර්ථික කළමනාකරණය ගැන පොඩ්ඩක් හොයලා බලන්න 2015 සිට 2019 දක්වා ඩොලර් බිලියන 26.4 ක් ණයට අරන් තියෙනවා ඒකෙන් ඩොලර් බිලියන 12.5 ක් සීයට 7 ක් හො ඊට වැඩි ගිනි පොලියට ගත්ත ජාත්‍යන්තර ස්වෛරී බැදූම්කර. එහෙම අරගෙන එයා රටට කෙරුව දෙයක් නැහැ. එයා රට බාර ගන්නා විට ආර්ථික සංවර්ධනය තිබුණේ පහයි දශම ගණනකට එයා බැහැලා යන විට එය 2.3 පහළ දාලයි ගියේ. භාන්ඩ ආනයනය සීමා කරලා උපරිම බදු ගහලා මිනිසුන් නොමැරී මැරෙන තත්වයකට රට පත් කරලා දැන් රටේ ආර්ථිකය හොදයි කියලා කියන්න පුළුවන් වෙන්නේ ඔලුව නරක් වෙච්චි මිනිහෙක්ට විතරයි . රනිල් හොදටම කෙරුවේ මහ බැංකුවට ගැහුව එක විතරයි.
චතුරි Friday, 27 September 2024 02:44 AM
මේ ඉහළ. ඉන්න එකාට රජයේ. වාහන තුන හතර තියන්. ඉන්ධන නාස්ති කරමින් මගුලේ ගිය උන්ට ඔක කිවානම් හොදයි අසරණ ගොවින්ට. සහනයක් දෙනකොටද ආර්ථිකය මතක්වුන්නෙ. රනිල් රට කෑවාමිසක්. රට කෙරුවේ නැහැ. වාහන පෝලිමේ ඇවිත් ගාල් කරනවා ඒකියන්නෙ නිර්බිත කොනද පන තියෙන. නායකයා ආවා කියන එක එක. අනිත් උන්.
Jagath Friday, 27 September 2024 08:32 AM
තාරක කියපු දේ සීයට සීයක් ඇත්ත..
chinthaka Friday, 27 September 2024 08:47 AM
පාර්ලිමේන්තුවේ මෙතෙක්, හිටපු පින්ගුත්තරයින්ට නිකරුනේ ගෙවපු දීමනා ඉතුරුයිනේ, ඒවායින් සහන දීලා....
Buddika Friday, 27 September 2024 08:58 AM
කාට වුණත් සහන දෙන එක හොදයි. මිනිස්සු ලොකු ජීවන අරගලයක ඉන්නේ. ඒත් ලොකුම ප්‍රස්නය මෙහෙම සහන දෙන්න තරම් ආර්ථික සක්තියක් අපිට නෑ. ආදායම් ඉපයෙන්නෙ විදෙස් ශ්‍රමිකයන්ගෙන්, සංචාරකයන්ගෙන්, අපනයනයෙන්. ඒත් නිශ්පාදනය වැඩිවෙලා නෑ. සහන දෙන්න පෙර රටේ ආදායම් වැඩිකරගත යුතුයි. සමුර්දිය, අසවැසුම ගන්න බොහෝ අයට ආදායම් තියෙනවා.මම දන්න ගෙදරක 5 දෙනෙක් ඉන්නවා.එයින් 4ක් රැකියා කරද්දී සමෘද්ධියත් ගන්නවා. ඒ වගේම ලොක්ඩවුන් කාලෙ දුන්න මම දන්න කුරුනැගල කෙනෙක් රු.5000 ගත්තා.එයාට නවීන කාර් එකක්, තට්ටු දෙකක නවීන නිවසක්, කුලියට දුන්නු තට්ටු දෙකෙ ගොඩනැගිල්ල සහ එහි කඩ කාමර 12ක් තියනවා. බස් එකකුත් තියෙනවා. ඒත් විලිලැජ්ජ නැතිව 5000 ගත්තා. එනිසා මේව හරියට බැලුවොත් 50%ක් නුසුදුස්සෝ. දිය යුතු අයට දීලා පිනට කකා නොඉද නිෂ්දපානවලට හවුල් කරගත යුතුයි.
Che Friday, 27 September 2024 09:24 AM
සහනාධාර දෙනවා වගේම නිෂ්පාදනය වැඩිවනවද කියලා බලන්න ඕන. ඒ වාසිය පාරිභොගිකයාට දෙන්නත් ඕන.
Prabath Friday, 27 September 2024 09:53 AM
පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශ කර තියන අවස්තාවක මෙම දීමනා දෙන එක හරිද කියලා බලන්න
මල්කි විජේකෝන් Friday, 27 September 2024 10:42 AM
මේක මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් නෙමෙයිද කුමාර ජනාධිපතිපතිතුමෝ .... ඔයා සීයට තුනේ ඉන්නකොට නම් ආණ්ඩුවේ කවුරු හරි මේක කලා නම් මේ වෙනකොට දැන් මුළු රටම ගිනිතියලා ... මාලිමා මල්ලිලා ටික බුකියත් කැත කරලා... රනිල් කරපු දේම "ඔයා වෙස්මූණක්" දාගෙන ශේප් එක කරනවා විතරයි.
අරවින්ද මොනරවිල Friday, 27 September 2024 02:12 PM
අපොයි මල්කිගේ දේශපාලන ඤාණය. තවම නාමයෝජනා කැදවලාත් නැහැ, ඇප මුදල් තැන්පත් කරලා, නාම යෝජනා බාර දෙනතුරු මැතිවරණ කාලයක් ලෙස සලකන්නේ නැහැ. ඒ නිසා දැන් මැතිවරණ නීතී අදාල නැහැ. ඒ කොහොම උනත් සහන සැලසිය යුතු ජනතාවට සහන සැලසීම රජයේ යූතුකමක්. ඒක දේශපාලනට අදාල කර ගන්න ආණ්ඩුවට අයිතියකුත් නැහැ විපක්ෂ අයිතියකුත් නැහැ.
de silva berlin Friday, 27 September 2024 11:14 AM
දැන් ගොවියන් සහ ධීවරයන් එකතුවෙලා පාරිභෝගිකයාට සහනයක් දෙන්න ඕනේ , ජනාධිපති තුමනි එළවලු සහ පලතුරු ප්‍රවහනේදී සිදුවන අපතේයාම අවම කරගන්න යුරෝපේ භාවිත කරන ඇකිලිය හැකි ප්ලාස්ටික් පෙට්ටි වැනි වැනි දේවල් යොදාගැනීම ගැන සැලකිලිමත් වෙන්න , එළවලු පලතුරු කල්තබගැනීමට ශීතාගාර පහසුකම් වැනි දේවල් ඉදිකිර්ම ගැනත් සැලකිලිමත් වීමත් නුවනට හුරුය , විදේශ රටවල සිටින ශ්‍රී ලංකික ප්‍රජාව හවුල් කරගෙන ඔවුන්ව ආයෝජන සදහා දිරිමත් කරන්න පුළුවන් , යුරෝපේ දියුණු රටවල මෙම ප්‍රවාහන ක්‍රම සහ විදි ගැන දන්නා උගත් පළපුරුදු වෘර්තිය වේදියෝ ඉන්නවා , අරාබි රටවල් කරන ආකාරයට ඔවුන්ට මුදලක් ගෙවා ඔවුන්ගේ උපදෙස් අරගන්න පුළුවන් ,
දේසප්‍රේමියා Friday, 27 September 2024 11:33 AM
රම්බොඩයාට ටිකක් අවුල් වගේ? අවුරුදු 47ක් දේසපාලනේ කරපු රනිල් ගේ කෙරුවාවල් ගැනත් අපි නොදන්නවා නෙවෙයි .මහ බැංකු හොරා කියලනේ කිව්වෙත් ....ජනාදිපති තුමා ඔහුගේ රාජකාරිය කරාවි.හිටපු උන් රට කාපු හොරු?