IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගුවන්තොටුපොළ සැප බස් සේවය ගැන මැකොට දන්වයි

(මහින්ද නිශ්ශංක)

ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම සහ ප්‍රවාහන අමාත්‍යංශය එක්ව ආරම්භ කරන ලද සුඛෝපභෝගී බස් සේවාව වහා අත්හිටුවන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංගමය අද (16) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරමින් ඉල්ලීමක් කළේය.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක මෙම සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කිරීම මැතිවරණ නීති උල්ලංගනය කිරීමක් මෙන්ම නීති විරෝධී යයිද එම සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පැවසීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අවසරයකින් තොරව මෙම සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළහ.

මේ අතර නව සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කිරීමට විරෝධය දක්වා ඊයේ ආරම්භ කළ මාර්ග අංක 187 ගුවන් තොටුපොල - කොටුව සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු වැඩි දුරටත් පැවසූහ.

 



අදහස් (11)

ගුවන්තොටුපොළ සැප බස් සේවය ගැන මැකොට දන්වයි

chandima Friday, 16 August 2024 10:24 PM

ඉතින් මේ වර්ජනයෙන් වෙන්නේ අලුත් බස් කොම්පැනියට වාසියක් නේ?

:       0       3

නන්දන Friday, 16 August 2024 11:24 PM

ගුවන් තොටුපළ ශටල් බස් සේවාව මේ රටට ඉතාමත් වැදගත් අත්‍යවශ්‍ය සේවාවක්. ලෝකයේ අනෙකුත් රටවල් වල මෙම ශටල් සේවය පවතින්නේ දශක ගනනාවකට පෙර සිටයි ප්‍රමාද වී හෝ එය ආරම්භ කිරීම විදේශයන්හි සේවය කර මෙරටට මුදල් උපයා දෙන පිරිසට ඉතාම සුබදායක වනු ඇති. එමෙන්ම පැමිණීමේ හා පිටත් විමේ පර්යන්ත වල වාහන තදබදය අඩු වීම නිසා ගුවන් තොටුපළ ආරක්ෂාවටද එය හිතකර වේ.. ගුවන් තොටුපළ ශටල් බස් සේවාව කිසිසේත් ම නතර කිරීමට ඉඩ නොදිය යුතුය. මෙම වසරේ පසු ගිය මාස හතට ඇමරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් මෙරටට උපයා දී මේරට ණය බරින් මුදවා ගැනීමට ඉදිරිපත්වූ විදේශයන්හි සේවය කරන පිරිසට මෙයින් සිදු වන සේවය සියලු බලධාරීන් ගේ සැලකිල්ලට ලක් විය යුතුය.

:       0       36

udayanga Sunday, 18 August 2024 08:09 PM

මීට කලින් CTB එකෙන් A/C බස් දාලා තිබුනා.. මීට අවුරුද්දකට කලින් විතර ඒක නැවැත්තුවා රු 350 වගේ කොටුවට ගත්තේ... දැන් පටන්ගත්ත බස් එකේ යන්න රු3000 ගන්නවා. මේ බස් එකත් පුද්ගලික ආයතනයකින් කරන්නේ..වෙනත් රටවල සාමාන්‍ය බස් ගාස්තුවමයි අය කරන්නේ..

:       0       2

Nishan Saturday, 17 August 2024 05:02 AM

ගුවන්තොටුපලට සැප බස් දාන්නේ සංචාරකයින් වෙනුවෙන්. ඒකෙන් රටේ නමටයි හොඳ. ඒකටත් ඉරිසියා කරන කඩාකප්පල් කාරයෝ තමයි අද සුද්ද වන්තයෝ වගේ රටවල් ගොඩ නගන්න කතා කරන්නේ...! 

:       0       32

EBERT Saturday, 17 August 2024 08:08 AM

විදෙස්ගතව රැකියා කර පැමිණෙන හෝ විදෙස් සංචාරකයින් ගසා කන ප්‍රවාහන කපුටන් මෙවැනි යහපත් සේවයකට විරුද්ධයි. මේ බස් රථ සේවය හොඳ වැඩක් එය කඩාකප්පල් කරන්න දෙන්න එපා. මැතිවරණයට කිසිසේත් අදාල දෙයක් නොවේ.

:       0       31

Saman Dissanayake Saturday, 17 August 2024 08:53 AM

රනිල් කරත්, සජිත් කළත්, අනුර කළත් මිනිසුන්ට හොඳ සේවයක් වෙනවා නම් එක නවතන්න හදන්න එපා. තොපි අහින්සක මිනිසුන් හුරා කන ජතියක්. විනයක් නෑ. මිනිසුන්ට කත කරන දන්නේ නෑ. රෑ තිස්සෙ බිලා මුනවත් හොදන්නේ නැතිව බස් වල වැඩ කරන්නේ... අප්පිර්යයි. හෙට අනිද්දා වෙනකොට කක්කුස්සි යන්නත් මැතිවරණ කොමිසමෙන් අනුමැතිය ගන්න වෙන සීන් එකක් තියෙන්නේ....!

:       0       34

niramana Saturday, 17 August 2024 09:33 AM

තව අවුරුදු 100 කටවත් රට හදන්න බැහැ...

:       1       31

මංගල Saturday, 17 August 2024 02:45 PM

මේ වගේ වැඩවලට අකුල් හෙලන අවජාතකයෝ හිතන් ඉන්නවද දන්නේ නෑ සංචාරකයා එන්නේ චන්ද දාන්න කියලා. කිසිසේත්ම මේ සේවය නවත්වන්න එපා. මේක ඡන්දයට කිසිම බලපෑමක් නෑ කියලා කොමිසමට තේරෙන්නේ නැති වෙන්න කොමිසමේ ඉන්නේ පල් මෝඩයෝ නෙවෙයි.

:       0       32

de silva Saturday, 17 August 2024 03:43 PM

බස් එකේ යන්නේ සල්ලි දීලා, දේශපාලකයෝ නොමිලේ ජනතාව ප්‍රවාහනය කරන්නේ නැහැ. මේකට මැතිවරණ කොමිසම ඇඟිලි ගහන්න එපා... මේකේ යන මගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් විදේශිකයෝ සහ පිටරට සේවය කරන සහ පිටරට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ, එමනිසා ඔවුන්ට මෙහෙ ඡන්ද නැහැ.

:       0       17

de silva Saturday, 17 August 2024 09:20 PM

ගෝටභය පැනලා ගිය අවස්ථාවේ පොහොටුවට පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් තිබුන , ඔවුන්ට පුළුවන් කම තිබුන රටේ ආර්ථිකය යහමගට ගන්න අවශ්‍ය ඕනෙම පනතක් ගෙන එන්න , එහෙම තිබුන වාතාවරණයක් ඔවුන්ට ජනපති වශයෙන් රනිල් පත්කරගන්න හෝ සජිත් , අනුර සමග සන්ධාන ගත වෙන්න හෝ කිසිම නීතිමය අවශ්‍යතාවයක් තිබුනේ නැහැ , අවශ්‍ය නම් ඔවුන්ට පුළුවන්කම තිබුන ඔවුන්ගෙන් කෙනෙක් ජනපති කරගෙන ඉදිරියට ආණ්ඩුව කරගෙන යන්න , නමුත් ඔවුන්ගේ නොහැකියාව නිසා ඔවුන් රනිල් පත්කරගෙන විපක්ෂෙට ආණ්ඩුවට එන්න කිවා.

:       20       2

R.T.sarath Sunday, 18 August 2024 10:33 AM

ගුවන් තොටුපල ශටල් සේවයක් අත්‍යවශ්‍ය වෙනවා නමුත් මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ එකම පුද්ගලයෙකුට හෝ සමාගමකට මෙම බස් සේවාව කරගෙන යන්න ඉඩ දීමත් ඉතා කෙටි දුරක් රුපියල් 3000 වැනි අධික මුදලක් අය කිරීමත් නිසා ඔහු අධික ලාභයක් ලැබීමත් , උදාහරණයක් වශයෙන් සුකොපභෝගී බස් රථයක කොටුවේ සිට මාතරට ගියත් රුපියල් 2000 වත් ගන්නේ නැහැ , එමනිසා මේක අසාධාරණය , මම හිතන විදිහට මගියා සහ ඔහුගේ කිලෝ 40 පමණ වන ගමන් මලු සදහා රුපියල් 800-1000 වැනි මුදලක් අය කලානම් සාධාරණය , මෙම සේවාව සදහා එකම පුද්ගලයෙකුට දීමත් අසාධාරණය , සාමාන්‍ය සේවා සපයන 187 බස් සේවාවටත් ගුවන්තොටුපලේ යම් ස්ථානයක් අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බව මගේ අදහසය

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 83 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 57 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 532 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 476 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3289 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 147 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22073 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21914 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site