(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම දර්ගා නගරයේ අධිකාරිගොඩ ප්‍රදේශයේ කැලෑබද පාළු ඉඩමක බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගොස් ඇති ගව ඝාතනාගාර යක් වටලා මස් පිණිස මැරීමට තහනම් වන මී ගවයින් තිදෙනකු ඝාතනය කර තිබියදී එම සත්වයින්ගේ සිරුරු කොටස් සමග සැකකරුවන් තිදෙනෙකු අද (7)අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි.
අලුත්ගම පොලිසියට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමේදී දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35, 30 , 40, වයස් වල සැකකරුවන් තිදෙනකු මෙම සත්ත්වයින් ඝාතනය කිරීම කිරීමට උපයෝගි කරගත් මුවහත් ආයුධ කීපයක්ද සමග පොලිස් භාරයට ගෙන තිබෙන බව කිහ.
මේ අතර ඝාතනය කිරීමට රැගෙන විත් තිබූ තවත් මී ගවයන් සිව්දෙනකු ගේ දිවි බේරා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවී ඇතැයි ද කීහ.
එලෙස දිවිබේරාගත් මී ගවයින් අලුත්ගම මොරගල්ල සංචාරක පොලිස් ස්ථාන භූමියේ තෘණ කෑම මට සලස්වා ඇතැයි ද කීහ.
අත්අඩංගුවට ගත්සැකකරුවන් හෙට (8) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ මහත්වරුන්ගේ උපදෙස් මත අලුත්ගම පොලිස් ස්ථාන අධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම , පොලිස් සැරයන් ක්‍රිශාන්ත(58433) පොලිස් කොස්තාපල්වරුන් වන මුණසිංහ (39148) කුමාර(89861) යන මහත්වරු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ .
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගවයින් මස් කළ 3 ක් පොලිස් දැලේ