IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’’ ගෙවල් තුනක ඉන්නවා කියලා ඔප්පු කළොත් මන්ත්‍රීධූරයෙන් ඉවත් වෙනවා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තමා ගෙවල් තුනක් යා කර සෑදූ නිවෙසක සිටින බවට මහින්දානන්ද අලුත්ගමගේ  ඇමැතිවරයා කළ ප්‍රකාශය ඔප්පු කළහොත් තමා මන්ත්‍රීධූරයෙන් ඉවත් වන බව හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.

අළුත්ගමගේ ඇමැතිවරයාගේ ඒ ප්‍රකාශය ගැන  තමා කනගාටු වන බවද  හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනපතිවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තමාට මේ නිවස ලැබුණේ  කෙහෙළිය රඹුක්වැල්ල  ඇමැතිවරයාගෙන් බවත් තමා පාවිච්චි  කළ නිවෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවත් ඔහු පැවසුවේය.

තමා විස්කි බිබි කළැයි කියන සාකච්ඡාවක් ගැනද  ඔහු සඳහන් කර තිබූ බවත් තමා මත්පැන් සිගරට් බොන අයකු  නොවේ යයි තමා සිහිපත් කර දෙන බවත් සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එම ප්‍රකාශයෙන් පසු අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය  සම්බන්ධයෙන්  තම ඉදිරියේදී ප්‍රකාශයක් කරන බව පැවැසීය.



අදහස් (13)

’’ ගෙවල් තුනක ඉන්නවා කියලා ඔප්පු කළොත් මන්ත්‍රීධූරයෙන් ඉවත් වෙනවා’’

ලමය Thursday, 11 November 2021 02:29 PM

බොරු සෝබන එපා... පැජට් පාරේ මාලිගාවකට රිංගලා අපේ සල්ලිවලින් සැප ගන්නවාට ඔහේට කවදාවත් හොඳක් වෙන්නේ නෑ. ඔහේ මේ රටට කරපු අපරාධවලට වන්දි ගෙවන්න වෙන්නේ පොලිත් එක්ක... ඒක දැනගන්න...

:       3       21

Senarath Thursday, 11 November 2021 02:42 PM

ඔයාගේ නියමිත කාලය තුල රටට වැඩක් කලා නම් ගෙවල් 3 ක් නෙමෙයි 5 ක හිටියත් කමක් නැහැ .අඩුම ටහ්රමේ ග්‍රාමසේවක කෙනෙක් කරන ටිකවත් කලාද ?පාස්කු ප්‍රශ්නය වලක්වන්න කටයුතු කරනවා වෙනුවට කලේ ඇඟ බේරාගෙන වැඩ නිකන් හිටපු එක

:       3       19

SL Thursday, 11 November 2021 02:45 PM

කිසිම දේශපාලකයෙක් හොර කම් ,මැරකම්, 10% ගැහිලි ගහන්නේ නැහැ , බොරු කියන්නේ නැහැ .හැබැයි යාන වාහන ,හොඳ ගෙවල්, අක්කර ගණන් වතු හිමි අය වෙලා. ඒත් වසර 73 යනකොට ලෝකෙටම ණය වෙලා, ණය ට ගන්න තැනක් නැතිව දඟලන රටක් බවට ලංකාව පත්වෙලා

:       0       22

kamal Thursday, 11 November 2021 03:07 PM

අනේ එපා රත්තරනේ .අපිට දුක දෙන්න එපා .දාලා යන්න එපා .අනේ අපේ මෞබිමට මේ මොනවද වෙන්න යන්නේ ?

:       1       17

ගොවීන් පිරිසක් Thursday, 11 November 2021 03:15 PM

ගෙවල් තුනක් ගැන නම් දන්නෙ නැහැ .කරන වැඩ අනුව නම් මහින්දානන්දට මොළේ අවුලක්ද කියලා හිතෙනවා

:       6       14

Nimal Thursday, 11 November 2021 03:20 PM

අනේ අපොයි ඉල්ලා අස්වෙන්න නම් එපා .අපට දරා ගන්න බැරි වෙයි

:       0       13

fairoos Thursday, 11 November 2021 03:38 PM

මාර ජෝකර්ලා දෙන්නෙක් පාර්ලිමේන්තුවේ ඉන්නේ... මේවා වැඩක් නැහැ..

:       0       16

vikum Thursday, 11 November 2021 03:57 PM

එක මිනිහෙකුට එකපාර ගෙවල් තුනක ඉන්න බැහැනේ..., දුප්පතුන්ගෙන් සැප විඳින පාලකයින්...

:       0       11

gunarathnaThursday, 11 November 2021 08:13 PM

ගෙවල් 3ක ඉන්නවා නෙමෙයි. ගෙවල් 3ක් එකට යා කරලා හදපු ගෙයක්... නමුත් කීවෙ නම් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම උඩට වෙලා සනීපෙන් ඉන්නවා කියලා..

:       0       4

SaththayaSaturday, 13 November 2021 08:27 AM

පොළොන්නරුවට ගොස් වැවක් අයිනට වෙලා ඉන්නවා කිව්වා. ඊට පස්සේ සුජිත්ව මෝඩයාට අන්දවලා ආණ්ඩුව විනාශ කෙරුවා. දැන් සැප ඇති...

:       0       0

සිරිබිරිස් Thursday, 11 November 2021 04:42 PM

එහෙනම් ගෙවල් හතරක් යා කරලා වෙන්න ඇති...

:       0       0

Sunil Thursday, 11 November 2021 04:45 PM

එක වෙලාවක ඉන්නේ එක ගෙදරක විතරයි.

:       0       0

Surain Thursday, 11 November 2021 05:01 PM

ගෙවල් 3ක ඉන්න භාර්යාවෝ 03 දෙනෙක් එහෙම නැහැනේ... කියන්න බලන්න ඔය දෙන්නටම ඉන්නේ එක භාර්යාවක් පමණයිද කියලා...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 917 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 1636 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1197 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 528 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1363 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22985 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18838 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1822 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site