IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගෑස් කඩ අසල දිගු පෝලිම්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්, නයනදුල සෙන්දනායක සහ සුනිල් එස් තන්ත්‍රිආරච්චි)

දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

ලාෆ්ස් ගෑස් දැනට සති කිහිපයක සිට බෙදාහැරීම නැවතී තිබෙන අතර ලිට්රෝ ගෑස් ලැබීමේ ප්‍රමාදයක් ද පවතින බව පාරිභෝගික ජනතාව පවසති.

මාතර කළුතර හොරණ ආදි නගර රැසක හිස් ගෑස් ටැංකි තබා ගත් පිරිස් ගෑස් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු අප වාර්තා කරුවන්ගේ කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.  



අදහස් (33)

ගෑස් කඩ අසල දිගු පෝලිම්

mohomed agarapatana Monday, 09 August 2021 03:31 PM

ගෑස් නැතිනම් කමක් නෑ... මොකද අපේ මුතුන් මිත්තන් උයලා කෑවේ ගෑස්වලින් නෙමෙයිනේ..

:       265       90

mohomed agara patana Monday, 09 August 2021 03:32 PM

අපි තමයි හොඳටම කරන්නේ...!!!

:       971       1356

jayasekaraMonday, 09 August 2021 04:18 PM

ඔව් මතකයි.. හොඳටම කළා. පාස්කු දවසේ ඉරිදාවක...

:       340       971

fairoosMonday, 09 August 2021 06:46 PM

ජයසේකර නම් ඔයාගේ නියම වහලෙක්...

:       355       607

RathnayakeTuesday, 10 August 2021 05:33 AM

අපි දැක්කා මොහොමඩ්ලගෙ, ෆයිරූස්ලගෙ නිවහල්භාවය පාස්කු දවසෙයි, ඊට පස්සෙයි බොහොම හොඳට.

:       0       0

VithanaTuesday, 10 August 2021 08:49 AM

පාස්කු මරණ ගානද වැඩි කොවිඩ් මරණ ගානද? එතකොට කවුද වැඩියෙන්ම හොඳට කරලා තියෙන්නේ?

:       0       0

thusha_ra Monday, 09 August 2021 03:56 PM

ගෑස් නැති බව ඇත්ත. ඒත් මේ ගෑස් හොයන්න සුදුසු වෙලාව නෙමේ. හරි වෙලාව ආවම ගෑස් හොයාගන්න අපිත් උදව් කරන්නම්...

:       331       529

duminda Monday, 09 August 2021 03:56 PM

ගියපාර නැවක් එනකල් බලාහිටියා.... මේ පාර එන එකකුත් නෑ... යන එකකුත් නෑ...

:       2       196

Shalika Monday, 09 August 2021 04:08 PM

ඉවසලා ඉන්න... ටික දවසකින් GMOA එකෙන් කියලා දෙයි ගෙදරදීම ගෑස් හදා ගන්න විදිය...

:       70       407

Ashoka Monday, 09 August 2021 04:09 PM

ගෑස් නැතිවුණාට මොකෝ...? අපිට තියනවනේ සිංහල බෞද්ධ රටක්.. අපේම කියාගන්න පුළුවන් ආණ්ඩුවක්... අපේ මෝඩකමේ හැටියට තවත් පෝලිම් ගණනාවක් බලාගත හැකිවේ..

:       1021       1402

උපතිස්ස Monday, 09 August 2021 04:17 PM

මේක ලංකාව. ඇමරිකාව නෙමෙයි. ගෑස්වලට ඇබ්බැහි වෙලා තියෙන හැටි පේනවනේ... අපේ පාරම්පරික දේශීය දර ලිප් ක්‍රමේට යන්න. තරහා ගන්න එපා. දර ලිපේ කෑමවල රස ගෑස්වලින් ගන්න බෑ...

:       455       30

thusharaMonday, 09 August 2021 04:49 PM

ප්‍රායෝගික නැති සිත නිවන කතා

:       0       0

achiniMonday, 09 August 2021 05:43 PM

උපතිස්ස මහත්තයා.. ලංකාවේ සෑම පළාතකටම ඔබ කියන දේ ප්‍රායෝගික නෑ. මොකද සමහර අය මහල් නිවාසවල ඒ වගේම පොඩි ඉඩක හදපු ගෙවල්වලත් පදිංචි වෙලා ඉන්නවා...

:       2       286

Koka Monday, 09 August 2021 04:37 PM

ජේ.ආර්. එන්න ඉස්සෙල්ල ගෑස් කඩ නෙවෙයි පාන් කඩ අසලත් ඔය වගේ දිග පෝලිම් තිබුණා.

:       124       368

pradeepa Monday, 09 August 2021 04:46 PM

69 ලක්ෂයේ බයියනේ... දැන් කොහොමද? ගෑස්වලින්ද උයන්නේ? ගෑස් තියෙනවද? දැන් සැපද? මහින්ද රාජපක්ෂ දේශපාලන වේදිකාවක කරපු කතාවක්...

:       11       409

සෙනෙවිරත්න Monday, 09 August 2021 04:58 PM

තව පෝලිම් කීපයක් ඉදිරියට සූදානම්. නෙළුම් කුළුණ, මත්තල එයාර්පෝර්ට් එක.., හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, සූරියවැව ක්‍රිකට් පිටිය අපට තියෙනවනේ. තනි සිංහල ආණ්ඩුවක් එක්ක...

:       1674       1963

chandima Monday, 09 August 2021 06:45 PM

එක එක්කෙනා ගෑස් ලිපේ උයනවට වඩා අඩු ගෑස් වියදමකින් මහා පරිමාණයෙන් උයලා සපයන එකෙන් ගෑස් ඉතිරි වෙනවා. වෙනත් රටවල වගේ මහා පරිමාණයෙන් කෑම කඩ ‘‘භෝජනාගාර‘‘ ඇරඹීමට කාලය ඇවිත් කියලා මට හිතෙනවා... ඒ කෑමවල මිල වුණත් ඒ විදිහට මහා පරිමාණයෙන් කරද්දි අඩුවෙනවා...

:       116       22

රමණීTuesday, 10 August 2021 08:10 AM

හොඳ අදහසක්. කාර්ය බහුල අයට විශේෂයෙන් වටිනවා. ඒත් මේ කොරෝනා පැතිරෙන වෙලාවේ කරන්න හොඳ නැහැ. පසුවට හිතන්න.

:       0       0

kasui perera Monday, 09 August 2021 06:59 PM

ගෑස් පොකුරක් එයිද දන්නේ නැහැ...

:       70       82

Nuwan Monday, 09 August 2021 07:32 PM

සෞභාග්‍යය දෝරෙ ගලනවා අපේ හාමුදුරුවනේ...!!!

:       1041       1223

Piyasingha Monday, 09 August 2021 07:34 PM

නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය, හම්බන්තොට ක්‍රීඩාංගණය, හම්බන්තොට අධිවේගය, මත්තල ගුවන් තොටුපළ... නුඹලාට මතක නැතිද? එව්වා තමයි ආයෝජන කියන්නේ... මොට්ටයින්ට තේරෙන්නේ නැහැ...

:       77       81

VithanaTuesday, 10 August 2021 08:58 AM

ඒ අයෝජන වලින් ණය කන්දක් ගහලා, ඒ ණය වලින් කොටසක් හොරකම් කරලා දැන් ඒ ණය ගෙවන්න හිඟා නොකා හිඟා කනවා රටම.

:       0       0

පප්පTuesday, 10 August 2021 12:18 PM

මනුස්සයෝ, ඒ වැඩවලින් ආදායම් ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නැව් නැති වරාය ප්ලේන් නැති එයාර් පෝට් දැන් ගෙවපල්ලා පොලි එක්ක ණය. නෙළුම් කුළුණ අපිට ආදායමක් දෙනවද? දැන් ඉතින් කන්න තියෙන සල්ලිවලින් ණය ගෙවපල්ලා.

:       0       1

Ruwan Monday, 09 August 2021 11:29 PM

ෙම් අයට දර ලිපේ උයනන කියන්න

:       0       0

Sunil Tuesday, 10 August 2021 06:02 AM

ගෑස් ඕන තරම් තියනවා කියූ ලිට්රෝ මෝඩයා කෝ ?

:       0       0

Raveendra Tuesday, 10 August 2021 06:29 AM

බන්දු අයියාගේ අතුරුදහන්වීම "කරනකොට" ගෙන ගෑස් පිලිබදව විමසීමක් කිරීමට නොහැකි බව කාරුණිකව සලකන්න.

:       0       0

Prasad Tuesday, 10 August 2021 07:12 AM

කට්ටිය පෝලිමේ ලස්සනට ඉන්න විදීය බලන්න. ඒ තමයි එතුමා ඇති කල විනය. ඊලගට විනය හදන්නෙ සිමෙන්ති පෝලිමේ. නුදුරේදීම හාල් සහ පාන් වලටත් මේ විනය ගේනවා

:       0       0

Vithana Tuesday, 10 August 2021 08:48 AM

තව සතියක් දෙකක් ගතවෙනකොට තව තව පෝලිම් වර්ග ඇති වෙයි.

:       0       0

Vithana Tuesday, 10 August 2021 08:52 AM

ආදි මුතුන් මිත්තෝ ආවේ ගියේ ගොන් කරත්තවල බක්කි කරත්තවල සහ පයින්. ඇන්දේ පැලැන්දේ අත් යන්ත්‍ර රෙදිපිළි. කෑවේ බිව්වේ අල, කොල, බතල. එතකොට මොබයිල් ෆෝන්, ටී.වී. රෙඊඩියෝ තිබුනෙත් නෑ. අපිව නැවත ඒ යුගයටද ඔබලාගේ ආණ්ඩුව අරන් යන්න හදන්නේ? ඒකද පොරොන්දු උන සෞභාග්‍ය?

:       0       0

hesa Tuesday, 10 August 2021 10:20 AM

මේකත් මේ ගුරුන් මහ පාරේ යැව්ව වගේ තමා..

:       0       0

Rohana Tuesday, 10 August 2021 11:18 AM

අරයට ජනාධිපති වෙන්න ඕනැ කිව්ව. ඒක අරන්දුන්න. ඉන් පස්සෙ කියපි රට හොදට ගෙනියන්න නම් තුනෙන් දෙකක් ඕනැ කියල. තුනෙන් දෙක නෙවෙයි එයටත් වැඩියෙන් දුන්න. ඉන් පස්සෙ කිව්ව රට හොදටම කරන්න නම් 20 පාස් කරල දෙන්න කියල. පස්සෙ සම්මත නොවෙයි කියල බයට විපක්ෂෙත් තුන් හතර දෙනෙක් සල්ලිවලට අරන් ඒකත් සම්මත කරල දුන්න. දැන් කියනව ආණ්ඩුව ගෙනියන එක හරිම අමාරුයි අරකද මේකද කියල. ඒ කරපු පාප කර්මයට පිටරටින් බඩුවක් මූට්ටුවක් ගෙන්න ගන්න ඉගෙන ගන්න ලමයෙකුට සල්ලිටිකක් යවන්න විදිහක් නෑලු ඩොලර් නැත්තටම නැතිවෙලාලු. ඒ මදිවට දැන් ගෑසුත් නෑ. ඒක ගන්න අර සිලින්ඩරයකුත් උස්සගෙන පැය ගනන් පෝලිමෙත් ඉන්න වෙලා. කරගත්ත කරුමයක මහත කියල දැන්නම් හිතෙනවා.

:       0       3

chanuka Tuesday, 10 August 2021 12:07 PM

බයියනේ දැන් සැපද?

:       0       2

බද්රානි Tuesday, 10 August 2021 01:03 PM

විසි එක්වන සියවසේ සංවර්ධනය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස අපේ ජාතියේ ප්‍රෞඪත්වය ලොවට පෙන්වන සුන්දර දර්ශනයක්. මෙවන් මනරම් රටක් අපට දායාද කල පාලකයින්ට අපි වැඳ නමස්කාර කිරීම වරදක්ද?

:       7       21

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 667 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1331 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 393 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 893 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 34 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2210 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35628 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site