IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ගාසා තීරයේ අලුත්ම තත්වය

(විමුක්ති එස් රුද්‍රිගු)

ලක්ෂ තුනක පමණ ඊශ්‍රායල හමුදා භට පිරිසක් ගාසා තීරය ආසන්නයට ළඟා වෙමින් සිටින බවත් ඔවුන් ගාසා තීරය ගොඩබිමින් ආක්‍රමණය කරනු ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොඇව් ගලාන්ට් ප්‍රකාශ කර ඇත.

හමුදා සංචිතයේ සිටි අතිරේක සොල්දාදුවන් මේ සඳහා කැඳවූ බවත් මෙය ඊශ්‍රායල ඉතිහාසයේ හමුදා සංචිතයේ සිටි අතිරේක සොල්දාදුවන් වැඩිම පිරිසක් කැඳවූ අවස්ථාව වනු ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොඇව් ගලාන්ට් පවසා තිබේ.

හමාස් සංවිධානයට වෙනසක් අවශ්‍ය වූ බවත් එම වෙනස ඊශ්‍රායලය හමාස් සංවිධානයට ලබා දෙනු ඇති බවත් ආරක්ෂක අමාත්‍ය යොඇව් ගලාන්ට් ප්‍රකාශ කර ඇත.ඊශ්‍රායලය තම ප්‍රතිප්‍රහාර අවසන් කරන විට හමාස් සංවිධානය ගාසා තීරයේ තවදුරටත් නොපවතිනු ඇති බව ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේය.

හමුදා සංචිතයේ සිට මේ වනවිට විදෙස්ගත වී සිටින අතිරේක සොල්දාදුවන් නැවත ඊශ්‍රායාලයට ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා යෙදවීමටද ඊශ්‍රායල රජය කටයුතු කර ඇත.

ඊශ්‍රායල පාබල හමුදාව, කාලතුවක්කු බලකාය, තවත් බලකා කීපයක සහ හමුදා සංචිතයේ සිටි අතිරේක සොල්දාදුවන් ලක්ෂ තුනක් පමණ පිරිසක් ගාසා තීරය වෙත ළඟා වෙමින් සිටින බවත් ඔවුන් තම මෙහෙයුම ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටින බවත් ඊශ්‍රායල හමුදා බලධාරීන් පෙන්වා දී තිබේ.

ප්‍රහාරයෙන් දෙවැනි දවසේ සිට ප්‍රහාර එල්ල වූ ප්‍රදේශවල පාලනය ඊශ්‍රායලය සතු වූ බවත් පිළිතුරු වශයෙන් ගුවනින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බවත් ආරක්ෂක අමාත්‍යවරයා ගාසා තීරය ආසන්නයේ රැඳී සිටින හමුදා භටයන් අමතමින් ඊයේ(10) ප්‍රකාශ කළේය.ඉදිරියේදී ගොඩබිමින්ද ඊශ්‍රායල හමුදාවන් ගාසා තීරයේ සිටින හමාස් සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කරනු ඇති බවත් එසේ එල්ල කරන ප්‍රහාර ඉදිරියේදී තවත් ප්‍රබල වනු ඇති බවත් ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේය.

පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර ගැටුම් වලින් මේ වන විට දෙපාර්ශ්වයේ 2150 කට වැඩි පිරිසක් මියගොස් තවත් 8000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව දෙරටේ බලධාරීන් ප්‍රකාශ කර ඇත.

හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල වැසියන් 1200 ක් මියගොස් තවත් 2750 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් ඊශ්‍රායල ප්‍රතිප්‍රහාර හමුවේ පලස්තීනුවන් 950 ක් මියගොස් තවත් 5000 ක් පමණ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගාසා තීරයේ පලස්තීන වැසියන් 263934 ක් මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අවතැන් වී ඇති බවත් ඉන් 175000 ක පමණ පිරිසක් එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ පවතින පාසැල් 88 ක නවාතැන් ගෙන ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.ඊශ්‍රායල ගුවන් ප්‍රහාර පලස්තීන සිවිල් වැසියන් සහ සෞඛ්‍ය සේවකයන් ඉලක්ක කරන බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශය චෝදනා කර ඇත.

අරාබි ලෝකය පුරා අනිද්දා (13) දිනයේදී ඊශ්‍රායල ප්‍රහාරවලට විරුද්ධව විරෝධතා සංවිධානය කරන ලෙස හමාස් සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන කාලෙඩ් මෙෂාල් පටිගත කළ පණිවිඩයක් නිකුත් කරමින් අරාබි රටවලින් ඉල්ලීමක් කර තිබේ.

ගාසා තීරයට ආහාර සහ වෛද්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළ බව පලස්තීන විමුක්ති සංවිධානය පවසා ඇත.හමාස් සංවිධානය ඊශ්‍රායලයේ කුඩා දරුවන් අමානුෂික ලෙස හිස ගසා ඝාතනය කර තිබූ බවත් හමාස් සංවිධානය සිවිල් වැසියන් ඉලක්ක කරන බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණත් කිසිම දිනක හමාස් සංවිධානය කුඩා දරුවන් අමානුෂික ලෙස ඝාතනය නොකරන බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.බටහිර මාධ්‍යයන් එක් පාර්ශ්වයක අරමුණු ඉටු කිරීම සඳහා මෙලෙස වාර්තාකරණයේ යෙදෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය ලෙස එවැනි පටු අරමුණු සඳහා වාර්තාකරණයේ යෙදීම සුදුසු නොවන බවත් හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ වන විට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් නිවාස ඒකක 22600 කට, සෞඛ්‍ය පහසුකම් සපයන මධ්‍යස්ථාන 10 කට සහ පාසල් 48 කට හානි සිදු වී  තිබෙන බව පලස්තීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.එසේම ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ද ඊශ්‍රායාලයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඊශ්‍රායල හමුදාවද ප්‍රතිප්‍රහාර ලෙස ලෙබනන පාලන ප්‍රදේශයකට ප්‍රහාර එල්ල කර තිබේ.

ඊශ්‍රායාලයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය හිමිවන බව පෙන්වීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අද (11) ඊශ්‍රායලයට පැමිණීමට නියමිතව තිබිණ.එසේම ඇමෙරිකාවේ යුද ආධාර රැගත් පළමු ගුවන් යානයද අද (11) ඊශ්‍රායලයට ළඟා විය.



අදහස් (0)

ගාසා තීරයේ අලුත්ම තත්වය

ඔබේ අදහස් එවන්න

දියත

කෙහෙළිය වන්දි නඩුව ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 10 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 208 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 398 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 520 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 964 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 466 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39876 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25891 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 119 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1271 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site