(සුජිත් හේවාජුලිගේ )
රට පුරා ප්‍රධාන නගරවල හෝටල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා සහ බේකරි 12,000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රධාන වශයෙන් ගෑස් හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ලංකාදීපයට පැවැසීය.
රාජ්‍ය ආයතනවල, පාසල්වල හා විශ්ව විද්‍යාලවල ගෑස් හිඟය නිසා වැසි ගොස් ඇති ආපන ශාලා සංඛ්‍යාව හාර දහසක් පමණ වන බවද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පවත්වාගෙන ගිය වඩේ , කඩල සහ සමෝසා වෙළෙඳසල් 5000ත් 6000ත් අතර සංඛ්‍යාවක්ද ගෑස් හිඟය සහ අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම ඇතුළු හේතු නිසා වැසී ගොස් ඇතැයි පවසන සභාපතිවරයා ගෑස් හිඟයට අමතරව පාන් පිටි, එළවළු, කිරිපිටි, කුළුබඩුවල මිල ඉහළ යෑම නිසාද බොහෝ හෝටල් සහ ආපනශාලා පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි පැවසුවේය.
රටපුරා බේකරි හත් දහසක් පමණ පවතින අතර ඉන් තුන්දහස් පන්සියයක් පමණ ගෑස් සහ අමුද්‍රව්‍ය හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව වැසි ගොස් ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
සහන නොලැබුණහොත් සෙසු බේකරිද ඉදිරියේදී වැසී යා හැකි බව එම සංගමය අනතුරු හඟවයි.
සාමාන්‍යයෙන් ප්‍රධාන නගරයක හෝටලයක තේ පිළියෙල කිරීම සඳහා දිනකට කිරි පිටි කිලෝ පහක් පමණ පාවිච්චි කෙරෙන අතර කිරිපිටි හිඟය කිරි තේ සැපයුම සම්පූර්ණයෙන්ම පාහේ නතරවීම නිසා එම ආදායමද සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි ඒවායේ හිමිකරුවෝ පවසති.
ප්‍රධාන නගරවල හෝටල් බොහොමයක් පවත්වාගෙන යන්නේ කුලී පදනම මත හෙයින් පවතින ආර්ථික තත්වය යටතේ ආදායම අඩුවීම නිසා එම කුලී මුදල් ගෙවා ගැනීමට පවා නොහැකිවීමෙන් ඒ හෝටල් මෙසේ වැසී ගොස් ඇති බව අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය විය.
මේ අතර බේකරි නිෂ්පාදන සඳහා පනවා තිබූ පාලන මිලෙන්ද ඉවත්වූ බව බේකරි හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය දුර්වල වීම නිසාද බොහෝ හෝටල් ආපනශාලා සහ බේකරිවල ආදායම පහළ ගොස් ඇති අතර ඉන්ධන මිල ඉහළ යෑමද හෝටල් සහ ආපනශාලාවල ආදායම කෙරෙහි ඉතා නරක ආකාරයෙන් බලපා ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසේ.
පවතින තත්වය හේතුවෙන් හෝටල් , ආපනශාලා සහ ආහාර ද්‍රව්‍යවල මිලද සැලකිය යුතු ප්‍රමාණයෙන් ඉහළ ගොස් ඇත. සාමාන්‍යයෙන් එළවළු අඩංගු බත් පැකට්ටුවක් රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර පාසල් වල ආපනශාලා දැඩි සෞඛ්‍ය නීති යටතේ පවත්වාගෙන යෑමට සිදුවීම නිසා ඒවායේ ආදායම බෙහෙවින් අඩුවී ඇතැයි ඒ ආපන ශාලා හිමිකරුවෝ පවසති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෑස් නැතිව හෝටල්,ආපනශාලා,බේකරි 12,000ක් වැහිලා
fairoos Wednesday, 22 December 2021 03:34 PM
රට බංකොලොත් කරලයි මෙතුමා යන්නේ.
අසංගThursday, 23 December 2021 08:46 AM
ඊට කලින් ගහල පන්නනව රටේ ජනතාව.
මහසෙන් Wednesday, 22 December 2021 04:12 PM
මේ එක ක්ෂේත්රය ක් පමණයි..මේ අයුරින්ම තවත් ව්‍යාපාර කීයක් නම් වැහිල ද? කාටවත් අත නොපා ස්වෝත්සහයෙන් නැගිටිලා උන්න කී දෙනෙක් අද අසරණයි ද? දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි.
ගමේ එකාලා Wednesday, 22 December 2021 06:26 PM
ආසියාවේ ආශ්චර්යය සහ සෞභාග්‍යයේ දැක්ම...? බලලෝභී බඩගෝස්තරවාදී දූශිත දේශපාලුවන් ජනතාව රවට්ටපු හැටි...
Rohana Wednesday, 22 December 2021 06:30 PM
ආසියාවේ ආශ්චර්ය සහ සෞභාග්‍යයේ දැක්ම?
Demuni Uduwara Wednesday, 22 December 2021 07:07 PM
ස්තුතියි ගෝඨාභය මැතිතුමනි, මරණය තවතවත් ළංවෙනවා...
Sriland Thursday, 23 December 2021 04:00 AM
හැමදේටම ඩොලර් නෑ කියලා ජනතාව කබලෙන් ලිපට දැම්මත් කොහොමද වක්සින් ගේන්නේ ඩොලර් නථ්වුඅ ?ඒවාට දොඅල්ර් ප්‍රශ්නයක් නා?හැමදේම චන්දය දුන්න ජනතාවට
Rasika Thursday, 23 December 2021 05:36 AM
ඔය 12,000න් 8,000ක් විරුවට චන්දෙ දෙන්න ඇතිනේ, ඉතුරු 4,000ගැන තමයි මට දුක.
Rohana Thursday, 23 December 2021 06:13 PM
මැතිවරණයට පෙර දේශපාලකයන් අරක දෙන්නම් මේක දෙන්නම් කියල දෙන බොරු පොරොන්දු කිසිම දවසක විශ්වාස කරන්න එපා. පොහොට්ටුවට පැනල ඡන්දෙ දීපු එකෙන් දැන්නම් හොදටම අමාරුවෙ වැටිල ඉන්නවෙලා.අපිටම කරුමෙ ගෙවන්න සිදුවෙලා.