ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජය අතරේ නව සටන් විරාමයක් ලබන සඳුදා (4) ආරම්භ වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
බයිඩන් මෙසේ පැවැසුවේ, නිව්යෝක් නුවර සිය මැතිවරණ කටයුතුවල යෙදෙමින්, අයිස් ක්‍රීම් අවන්හලකට ගොස්, අයිස් ක්‍රීම් රස බලමින් සිටියදී, අවන්හල ඉදිරිපස සිටි මාධ්‍යවේදියකු කෑ ගසමින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මධ්‍යවේදියා බයිඩන්ගෙන් ඇසුවේ, ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් වන්නේ කවදාද යන්නය.
‘දීර්ඝ විස්තරයක් කරන්න මට පුළුවන් කමක් නැහැ. තවමත් හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ සාකච්ඡා පැවැත්වෙනවා. ඒත් මට කියන්න පුළුවන් ලබන සඳුදා වෙද්දී, සටන් විරාමයක් ආරම්භ වේවි.’ යැයි බයිඩන් පැවැසුවේ, අයිස් ක්‍රීම් තොල ගාමිනි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය, මෙම 2024 වසරේ නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අතර, ඩිමොක්‍රටික් පක්ෂයෙන් බයිඩන් ඊට ඉදිරිපත් වෙයි. ඊට පෙර, ජනපද මට්ටමින් ඡන්ද පැවැත්වෙයි. ඒ, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා වීමට ඇති ජනප්‍රියත්වය උරගා බලමිණි.
ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී, බයිඩන් පරිපාලනයේ සහාය හිමිවන්නේ ඊශ්‍රායලයටය. ඊශ්‍රායලය දිගින් දිගටම, ගාසා තීරයට පහර දෙද්දී, පලස්තීන සිවිල් වැසියන් මියයෑම, පලස්තීන වැසියන් සමූල ඝාතනයක් යැයි ඇමෙරිකන් තරුණ ප්‍රජාවගේ අදහසය. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී බයිඩන්ගේ සහාය ඊශ්‍රායල රජයට හිමිවීම එලැඹෙන ජනාධිපතිවරණයේ දී අවාසියක් වනු ඇතැයි ද පැවැසෙයි.
නිව්යෝක් නුවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කර, ධවල මන්දිරයට යෑමෙන් පසු, බයිඩන් සිය ආරක්ෂක අංශ උපදේශකයන් ද හමුවී සාකච්ඡා පවත්වා මාධ්‍ය හමුවක් කැදවීය.
එහිදී ඇමෙරිකන් ජනාධිපතිවරයා ඊශ්‍රායල හමාස් සටන් විරාමය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අනාවරණය කළේය. රාමදාන් මාසය නිමිත්තෙන්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළැකී සිටීමට ඊශ්‍රායල රජය එඟත්වය පළ කළ බව බයිඩන් එම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.
මේ අතර, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව ඊශ්‍රායලය ‘ජනසංහාර’ සිදු කරන්නේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් කොළ එළියක් ලැබී ඇති නිසා බවත්, පලස්තීන වැසියන් කිසි දිනෙක බයිඩන්ට සමාව නොදෙනු ඇති බවත් හමාස් සංවිධානය කියයි. ජෝ බයිඩන් ඉතාමත් නින්දිත ජනාධිපතිවරයකු ලෙස ඇමෙරිකන් ඉතිහාසයට එක්වනු ඇතැයි ද හමාස් සංවිධානය වැඩි දුරටත් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන
මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගාසා සටන් විරාමය ලබන සතියේ - බයිඩන්
චන්දන Tuesday, 27 February 2024 01:47 PM
දැන් පැහැදිළියිනේ ලොකයේ යුද්ධ පවත්වාගෙන යාම තීරණය කරන්නේ කවුද කියලා..!