ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බව හමාස් සංවිධානයේ නායක ඉස්මේල් හනියේ රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැවසුවේය.
ඇමෙරිකාව සහ තවත් යුරෝපා රටවල් කිහිපයක් සමඟ එකතු වී ඊශ්‍රායලය මෙම ජන සංහාරය සිදු කරන බව හමාස් නායක හනියේ චෝදනා කළේය.
පලස්තීන ජනතාව තම නිවාසවල රැඳී සිටින බවත් ගාසා තීරය අතහැර ඔවුන් ඊජිප්තුවට පළා නොයනු ඇති බවත් හනියේ පෙන්වා දුන්නේය. තම නිවාස අතහැර පළා නොයන පලස්තීන ජනතාවට තම ආචාරය හිමිවන බවද ඔහු පැවසුවේය.
ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායම යුද්ධයක සියලු පැතිකඩ සැලකිල්ලට ගෙන ඇති බවත් හමාස් සංවිධානයට වඩා හිස්බුල්ලා සංවිධානය බලවත් බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් ප්‍රකාශ කර ඇත.
හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානී සයේඩ් හසාන් නසරල්ලා හමුවූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහියන් පැවසුවේය. ඒ හේතුවෙන් ප්‍රමාද වැඩි වීමට පෙර ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නැවැත්විය යුතු බවත් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහර දීමට තීරණය කළහොත් ගැටලුව තවත් නරක අතට හැරෙනු ඇති බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ වන විට බ්‍රිතාන්‍යද ඊශ්‍රායලයට සහාය පළ කර ඇති අතර හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් නැගෙනහිර මධ්‍යධරණී මුහුදට හමුදා යාත්‍රා සහ නිරීක්ෂණ ගුවන් යානා එවීමට බ්‍රිතාන්‍ය තීරණය කළ බව අගමැති රිෂි සුනක් නිවේදනය කළේය.
ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර පසුගිය පැය කිහිපයේදී දැඩි කර ඇති බවත් ආරම්භ වන වේලාව පැවසීමට අපහසු වුවත් ඉතාමත් ඉක්මණින් ඊශ්‍රායල හමුදාව ගොඩබිමින් ගාසා තීරය ආක්‍රමණය කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුද මීළඟ මෙහෙයුම ඉතාමත් ඉක්මණින් ආරම්භ වන බව ගාසා තීරය ආසන්නයේ රැඳී සිටින හමුදාවට දැනුම් දී තිබේ.
එසේම පලස්තීනුවන් වෙනුවෙන් පිහිටුවා ඇති ආරක්ෂිත නවාතැන් තවදුරටත් ආරක්‍ෂිත නොවන බවත් මිලියන 2 කට වැඩි පලස්තීන ජනතාවට ජලය ලබා ගැනීම ගැටළුවක් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.
(විදෙස් මාධ්‍ය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක්දී සැකපිට ප්‍රශ්
ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ.
පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී අද (30)පැවසීය.
ශ්රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව නීතිඥ රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවර
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ගාසා තීරයේ යුද උණුසුම තවත් වැඩි වේ
Bamunuarachchi Sunday, 15 October 2023 06:00 AM
LTTE සමග තිබුන අපේ යුද්දේදීත් දෙමල්ලු කීවේ අපි ජන සංහාරයක් කරන බවයි. ඒකාලේ සියළුම දෙමල්ලු LTTE සාමාජිකයෝ. ඒ නිසා LTTE කාරයින්ට පහර දීම ජන සංහාරයක් කීවාට වරදකුත් නැහැ.
රනේ Sunday, 15 October 2023 06:23 AM
ලෝකයේ ත්‍රස්ත සංවිධාන කෙසේ හෝ වහා ඉවත් කල යුතුය.
චන්දන Sunday, 15 October 2023 07:17 AM
කොහොම නමුත් ලෝකය තවත් ඉතා අවදානම් තත්ත්වයකට පත්වෙමින් තියෙනවා. දැන් සිදු කරන යුද මෙහෙයුම් වලට අනුව අහිංසක වැසියන් දහස් ගණනනක් මිය ගොස් තියෙනවා. ලංකාවෙ තිබුණ තත්ත්වයත් එක්ක මානව හිමිකම් සංවිධාන කෝ...යාපනේට පරිප්පු දාපු අය කො..පලස්තීනයට වතුරත් නැහැ... කෝ බටහිර රටවල් ...ලංකාවට එරෙහිව කතා කරපු අය කෝ...පේනව නේද දැන්...ලෝක දේශපාලනය හැසිරෙන හැටි.... මේක ලාංකිකයන් කී දෙනෙක් අවබෝධ කර ගත්තද? දැන්වත්..
Sandanayake A.D.T. Sunday, 15 October 2023 12:37 PM
ආගම ලෙසින් අන්‍යයන් මරණයට පත් කිරීම අදහන මිනිසුන් ඇති තාක් මෙවැනි යුද්ධ පවතී . මරාදැමීම අදහන ආගම් ප්‍රතික්ෂේප කිරීමට ලෝක නායකයන් ලෝක ජනතාවද පිළිගත් දිනක මෙවැනි යුද්ධ නවතී.