( ප්‍රසාද් රුක්මල් )
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පොලුවලින් යකඩ පොල්ලකින් පහරදීමෙන් තුවාල ලැබු සිසුන් තිදෙනකු අද (23) බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අවසන් වසරේ (4 වසරේ ) අධ්‍යාපනය.ලබන කන්තලේ අග්බෝපුර, කඩුවෙල පාර අතුරුගිරිය ,බැද්දේගම ගොතටුවවත්ත යන ප්‍රදේශවල පදිංචි 25 වියේ පසුවෙන සිසුන් තිදෙනකු මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කීය .
බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 9හි ප්‍රතිකාර ලබන මොවුන්ගේ මුහුණට තුවාල සිදු ව ඇති බවත් රෝහල් ප්‍රකාශයකු පැවසීය .
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ඊයේ (22) රාත්‍රි විශ්වවිද්‍යාලය තුලදී ආරවුලක් හටගෙන ඇති බවත් තාක්ෂණ පීඨයේ අවසන් වසරේ මෙම සිසුන් තිදෙනා එම ස්ථානය ට ගිය අතරතුරේ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව මෙසේ පොලුවලින් යකඩ පොලුවලින් පහරදී ඇති බවද පොලිසිය සදහන් කළේය .
පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රිය
වර්තමාන ආණ්ඩුව මීට පෙර පැවැති කිසිඳු ආණ්ඩුවක් නොකළ ආකාරයට අයවැය හරහා වෛද්‍යවරු දැඩි අපහසාත්මක තත්වයකට පත්කර ඇති බවත් වෛද්‍යවරුන්ගේ ද සහය ලැබූ ආණ්ඩුව
නිදන කාමරයේ මෙට්ටය තුල ගිනි අවි උණ්ඩ සහ කඩු සඟවා ගෙන සිටියදි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාව 28 වනදින දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල අතිරේ
හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ තිබිය යුතු නියමිත ගැඹුර තැනින් තැන අඩුවිම හේතුවෙන් එය හෑරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගැනීමට සහ දැකබලා ගැනීමට පැමිණි එංගලන්ත ජාතිකයන් පිරිසකට ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් සහ
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ගැටුමෙන් සරසවි සිසුන් තුනක් රෝහලේ
රම්බොඩ Sunday, 23 February 2025 01:47 PM
ධර්මය නැති බැවින් විශ්ව විද්‍යාල තුළ මනෝවිද්‍යාව ඉගැන්වීම අනිවාර්ය බවක් දැනේ. වර්ථමාන තරුණ පරපුරේ වැඩි ප්‍රතිශතයක් උපරිමයෙන් පිරිහී ඇත. වර්ථමාන කලාව, මාධ්‍ය, තාක්ෂණය සහ හුදෙක් විෂයටම සීමා වූ අධ්‍යාපන ක්‍රමයත්, ධර්මයෙන් ඈත් වීමත් මීට බලපා ඇතැයි සිතමි. අනාගතයේ රට භාරගන්න ඉන්න පරපුර මෙසේ පිරිහුණහොත් සමස්ත සමාජයටම එය සෘණාත්මකව බලපානු ඇත...