IMG-LOGO

2025 අප්‍රේල් මස 14 වන සඳුදා


ගැබිණියක - මවක සමග මෝටර් රථයක් පැහැර ගන්න හදලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාපාරිකයකුගේ ගැබිණි බිරිඳ සහ මව මෝටර් රථයේ සිටියදී එය පැහැරගෙන යමින් සිටි කොල්ලකරුවකු පසුපස හඹා ගිය පොලිසිය මෝටර් රථයට වෙඩි තබා මෝටර් රථය බේරාගෙන ඇතත්  සැකකරු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි.

කොළඹ 3 වේල්ලවීදිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඔහුට අයත් මෝටර් රථයෙන්ම ඔහුගේ බිරිඳ සහ මව සමග කොටහෙන වීදියේ වාසල පාර පිහිටි හෝටලයක් වෙතට පැමිණ බිරිඳ සහ මව මෝටර් රථය තුළ සිටියදී ඔහු හෝටලය තුළට ගොස් ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී නාඳුනන පුද්ගලයකු මෝටර් රථයේ මෝටර් රථය  රැගෙන පලා ගොස් ඇත.

මෙම සිදුවීම වන අවස්ථාවේදී ඒ අසල විමර්ශනයක් සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර නිලධාරියා ඇතුළු කණ්ඩායමක් එම පොලිස් ස්ථානයට අනියුක්ත කැබ්රතයකින් පැමිණ සිට ඇති අතර නිලධාරීන් එම කාර් රථය නැවතීම සඳහා සංඥා කළ ද මෝටර් රථය කොල්ල කෑ පුද්ගලයා ඊට අවනත නොවී රැගෙන පලා යන අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි වාර දෙකක් මෝටර් රථය දෙසට තබා ඇතැයි පොලිසිය කියයි.

ඒ සමඟම පොලිස් නිලධාරින් පලායන මෝටර් රථයේ පසුපස හඹා යාමේදී කොටහේන බ්ලූ මැන්ඩල් රේල් පාර අසලදී මෝටර් රථය නවතා ඇති කොල්ලකරු මෝටර් රථයෙන් පැන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැත.

 



අදහස් (0)

ගැබිණියක - මවක සමග මෝටර් රථයක් පැහැර ගන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වැඩ ඇල්ලීමේ නැකත උදා වෙයි
2025 අප්‍රේල් මස 14 83 0

වැඩ ඇල්ලීමේ සහ ආහාර අනුභව කිරීමේ නැකත උදාවිය. පෙරවරු 06.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනු


ගිනි මෙලවීමේ නැකත උදා වෙයි
2025 අප්‍රේල් මස 14 164 0

අලුයම 04.04 ට ලිප් ගිනි මෙලවීමේ නැකත උදා විය. තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද කිරි සහ විලඳ ද ප


අලුත් අවුරුද්දේ එකම අරමුණකට පෙළ ගැසෙමු
2025 අප්‍රේල් මස 14 172 0

දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙල සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙ



ජනතා සිහිනයට තවත් වීරියෙන් කැපවෙමු
2025 අප්‍රේල් මස 14 172 0

ජනතා සිහිනය යථාවක් කරගැනීමට නව වසරේ දී තව තවත් වීර්‍යෙන් යුතුව සද්-අධිෂ්ඨානයෙන් යුතුව කැප වෙමු යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව අවුරුදු ස


සුභ අලුත් අවුරුද්දක් වේවා
2025 අප්‍රේල් මස 14 258 0

ලක් වාසීන්ට මෙන්ම ලංකාදීප පාඨක ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවායි ලංකාදීප වෙබ් අඩවිය සුභ ප්‍රාර්ථනා කරන්නෙමු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 90 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 812 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site