(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
අත්අඩංගුවට සැකකරුවන් තිදෙනා ඥාතීන් බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ගෑම් 500 ක් , හොරෙයින් මත්ද්‍රව්‍ය ගෑම් 400 ක් ටි 56 උන්ඩ 10 ක්, නයින් එම් එම් වර්ගයේ පිස්තෝලවලට යොදන උණ්ඩ 15 ක්, රිවොල්වර ගිනි අවිවලට යොදන උණ්ඩ 25 ක්, ගුවන් යානා නාශක උණ්ඩ 25 හා මැගසිනයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
විදේශ ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයකට සහ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් කීප දෙනකු මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව එම නිවස වැටලූ බව පොලිසිය කියයි.
එම නිවස තුළ සිටි පුද්ගලයන් තිදෙනකුට අත්අඩංගුවට ගත් අතර නිවසේ කාමරයක සඟවා තිබූ මත්ද්‍රව්‍ය සහ ජීව උණ්ඩ තොගය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට