IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී

(ගයාන් සූරියආරච්චි සහ මීරිගම පුෂ්පකුමාර මල්ලවාරච්චි)

මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ නිට්ටඹුව පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය කියයි‍.

නිට්ටඹුව පොලිසියට අනුයුක්තව  ගම්පහ උඩගහ වල්පොළ ඒකාබද්ධ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටියදී මෙම කොස්තාපල්වරයා වගකිවයුතු නිලධාරිකුට දැනුම් නොදී අවසරයකින් තොරව තම භාරයේ තිබූ ටී 56 ගිනි අවිය සහ උණ්ඩ රාජකාරී ස්ථානයේ දමාගොස් තිබූ බව පොලිසිය පවසයි.

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී බී.සී. ප්‍රසාද් මහතා විසින් ඡන්ද රාජකාරි පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම කොස්තාපල්වරයා මෙසේ ගිනි අවිය සහ උණ්ඩ කිසිවකුට නොදන්වා රාජකාරී ස්ථානයේ දමාගොස් ඇති බව අනාවරණය කර ගෙන තිබුණි.

ඒ අනුව එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් පෙරේදා (21) සිට රාජකාරී වැඩ තහනමට ලක්කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.



අදහස් (0)

ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3729 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උඩුනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 33 0


බටහිර කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 52 0


වාරියපොල අනුරට
2024 සැප්තැම්බර් මස 22 95 0


නැගෙනහිර කොළඹ අනුරට
2024 සැප්තැම්බර් මස 22 136 0


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 183 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14675 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site