IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


ගුරුවරු නැතිව වියළුව පාසලක් වහලා

(නිශාන්ත කුමාර)

බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයට අයත් අති දුෂ්කර පාසලක් වන මීගහකිවුල බෝගහපතන  විද්‍යාලයේ සේවය සඳහා අද (11) දින එකදු ගුරුවරයකු හෝ නොපැමිණීම හේතුවෙන් අද උදැසන පාසලට පැමිණි   දරුවන්ට හිස් අතින්ම ආපසු නිවෙස් බලා යාමට සිදුවූ බව දරුවන්ගේ මව්පියෝ පැවැසූහ.

පාසලට ඇතුළත් වීමේ ප්‍රධාන ගේට්ටුව වසා දමා ඉබේ යතුරු යොදා තිබෙනු දැකගන්නට ලැබිණි.

පාසල් අසලදී හමුවූ දරුවන්ගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඔවුන් පවසා සිටියේ අද දින පාසල නොපැවැත්වෙන්න බැවින් තමුන්ට ආපසු නිවෙස් බලා යෑමට සිදුව ඇති බවකි.

 මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමව්පියන් කියා සිටියේ අද දින පාසලට එකදු ගුරුවරයකු හෝ නොපැමිනෙන බව    දැන ගන්නට ලැබීම නිසා උදැසන පාසල වෙත රැගෙන ආ තම දරුවන් යළිත් නිවෙස් කරා රැගෙන යන බවය.

 මේ සම්බන්ධයෙන් අප  ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක රෝහිත අමරදාස මහතාගෙන් විමසීමට කීප විටක්ම උත්සාහ කළ ද එතුමාගේ දුරකථනය  ක්‍රියා විරහිතව තිබිණි. තවදුරටත් එතුමා සම්බන්ධ කර ගැනීමට ඌව පළාත් අධයාපන දෙපාර්තමේන්තුවට ඇමැතුමක් ලබා ගත්තද අධ්‍යක්ෂකවරයා ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ රැස්වීමකට ගොස් සිටි බව දැනගන්නට ලැබිනි.

  වියළුව කලාපයට අයත් අති දුෂ්කර පාසැලක් වන බෝගහපතන විද්‍යාලයේ සිසු දරු දැරියන් එකොළොස් දෙනෙකු අධ්‍යාපනය ලබන අතර   විදුහල්පතිවරයාද ඇතුළුව    ගුරුවරුන් තිදෙනකු සේවය කරති.

 එහෙත් විදුහල්පතිවරයා මේ වන විට අනතුරකින් තුවාල ලබා   වෙනත් පාසලකට අනුයුක්ත  කර සිටින  අතර එහි සේවය කළ තවත් ගුරුවරියක් ද ප්‍රසූතයට සූදානම් වන බැවින් අද (11) දින සිට  වෙනත් පාසලකට අනුයුක්ත කොට ඇත.

ඉතිරි වූ අනෙත් ගුරුවරයාද අද දින අසනීප නිවාඩුවක් යොදා ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ දෙමව්පියෝ කීහ.

 පාසලේ මුරකරු සිටින බව දැනගන්නට ලැබුණද ඔහුට හමුවීමටද නොහැකි විය.පාසැල ඊයේ (10) දින පැවැති අතර සාමාන්‍ය පරිදි  ගුරුවරු දෙදෙනෙකු සේවය සදහා පැමින සිටියහ.

‘‘ හරිම අමාරුවෙන් ගමට ලැබුනු පාසැල. වැදල කියන්නම් වහන්නනම් එපා‘‘  යැයි පාසැල ඉදිරිපිටට පැමිනි දෙමාපියෝ හා ගුරුවරු පවසන්නට වූහ.



අදහස් (2)

ගුරුවරු නැතිව වියළුව පාසලක් වහලා

අසරණ අපි Tuesday, 11 February 2025 02:34 PM

මේ අවනඩුව අපට කියන්න තියෙන්නෙ ඔබට පමණයි. චාමර මන්ත්‍රීතුමනි ඔබේ අවධානය පිණිසයි !

:       1       0

himal Tuesday, 11 February 2025 03:57 PM

ඉතින් ඔය ලිපිකරු මොකද ගුරුවරු ආවේ නැත්තෙ කියලා හොයාගෙන තියෙනවා, එතකොට අධ්‍යකෂකට කෝල් අරන් වැඩක් නෑනේ. අනික ළමයි 11යි ඉන්නේ කියන්නේ ගමේ අනෙක් ළමයි වෙන ඉස්කෝලවලට යනවා නම් ඒකට හේතු හොයන්න ඕන. එහෙම නැතුව බොරුවට ඉස්කෝල වහලා කියලා වැඩක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දර ලොරියට යට වී සිසුවා මරුට
2025 පෙබරවාරි මස 11 65 0

දර පටවගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට යටවි පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


නොරොච්චෝලේ බලාගාර හදිසියේ නතර කරන්න බෑ
2025 පෙබරවාරි මස 11 377 0

විදුලිබල පද්ධතිය හදිසියේ නරත කිරීමට සිදුවුවද නොරොච්චෝලේ බලාගාරයට හදිසියේ නතරවීමට නොහැකි බවත් එම අවස්ථාවේදී ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ පසුව බලා


පාර්ලිමේන්තුවට බේත් දෙයි
2025 පෙබරවාරි මස 11 247 0

පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය (PASU) විසින් සංවිධානය කළ වෛද්‍ය කඳවුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (11) පැවැත්විණි.


හෙද නිලධාරීන්ගෙන් අයවැයට යෝජනා 14ක්
2025 පෙබරවාරි මස 11 1253 0

අයවැයට යෝජනා 14 ක් ඉදිරිපත් කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබේ.


’’ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ’’
2025 පෙබරවාරි මස 11 121 0

ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් මිල මෙම මාසයේ (පෙබරවාරි) සංශෝධනය නොකරන බවත් ඒ අනුව ජනවාරි මස මිල මෙම මස තුළ ද පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ග


ඩේසි ෆොරස්ට්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය ප්‍රතික්ෂේප කරයි
2025 පෙබරවාරි මස 11 2998 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අයත් හවුල් බැංකු ගිණුමක තිබූ රුපියල් මිලියන 59 ක ප


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 98 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 894 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site