IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


චෙක් ජනරජයේ වෙඩි තැබීමක්: 15 ක් මරුට

චෙක් ජනරජයේ, ප්‍රාග් නුවර විශ්ව විද්‍යාලයක සිදුවුණු වෙඩි තැබීමකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශක ගණනකට පසු චෙක් ජනරජයේ සිදුවුණු දරුණුතම වෙඩි තැබීමේ සිද්ධිය මෙය බවය.

වෙඩි තැබීම කළේ 24 හැවිරිදි තරුණයකු බවත්, පොලිසිය පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු ද ජීවිතක්ෂයට පත් වුණු බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

වෙඩි තැබීම සිදුවූයේ ප්‍රාග් නුවර, චාල්ස් විශ්ව විද්‍යාලයේ, කලා පීඨයේය. ප්‍රාග් නුවර ප්‍රකට සංචාරක ස්ථාන කීපයක් ද ඇත්තේ මම විශ්ව විද්‍යාලය අවටය. වෙඩි ප්‍රහාරයට ලක් වූයේ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ය. වෙඩි තැබීම කළ තරුණයා ද විශ්ව විද්‍යාලයේ සිසුවකු බව පැවැසෙයි.

වෙඩි තැබීම කර ඇත්තේ දේශනයක් පැවැත්වෙද්දී එම දේශන ශාලාවකට ඇතුළු වෙමිනි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් 24 දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් පොලිස්පති මාටින් වොන්ඞ්රෙස්ක් මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුවූයේ කුමක්දැයි පැහැදිලි කළ අවස්ථාවේදී පැවැසීය. එම 24 දෙනාගෙන් 9 දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීම සැලවීමත් සමඟ තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව චෙක් ජනාධිපති පෙට්‍ර පවෙල් මාධ්‍ය හමුවේ පැවැසුවේය. චෙක් ජනරජයේ මීට පෙර මෙවැනි ආකාරයේ වෙඩි තැබීමක් සිදුවූයේ 1993 වසරේදීය.

චෙක් ජනරජය යුරෝපා රටකි. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇතුළු යුරෝපා රටවල රාජ්‍ය නායකයන් බොහෝ දෙනකු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇත.



අදහස් (0)

චෙක් ජනරජයේ වෙඩි තැබීමක්: 15 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 825 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 17 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 877 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 15 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 516 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 313 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site