IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


චක්‍රලේඛ පහසු කරන්නට නව කමිටුවක්

(ගාමිණි විතානගේ)
 
පවත්නා රෙගුලාසි හා නීති සරළ කිරීම සඳහා මහජන සුබ සිද්ධිය අරමුණු කරගනිමින් කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් 18 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.
 
ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහතවරුන්ගේ සම සභාපතිත්වයෙන් යුත් කොමිසමේ ලේකම්වරයා විශ්‍රාමික අමාත්‍යංශ්‍ය ලේකම්වරයකු වන ජී එස් විතානගේ මහතා ය. විශ්‍රාමික අමාත්‍යංශ ලේක්මවරු සංස්ථාපිත ආයතනවල ප්‍රධානීන් මෙන්ම පෞද්ගලික ආයතන රැසක අධ්‍යක්ෂවරුන් ද මීට ඇතුලත් වේ. 
 
ආයෝජන හා ඉදිකිරීම් ක්‍ෂෙත්‍ර ඇතුළු සියලු ක්‍ෂෙත්‍රවලට අදාලව අවසර පත් හා බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි රාජ්‍ය මූල්‍ය හාබදු ආදායම් සම්බන්ධ සියලු නීති රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයකට ලක්කිරීම මෙම කොමිසමට පැවරෙනු ඇත.
 
එමෙන්ම විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම හා වරින්වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධි නියාමනයක් ඇති වීම නිසා මූලික අරමුණින් බැහැර වීමක් සිදුවී ඇත්දැයි අධ්‍යයනය කිරීම සහ වඩාත් ඵලදායි නව නියාමන ක්‍රමවේද හඳුනාගැනීම සඳහා ගෝලීය ප්‍රමිතින් තුළ උක්ත නීති රෙගුලාසිවල අදාල බව සහ ශ්‍රී ලංකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගයීම ද කොමිසමට පැවැරෙනු ඇත.
 
මෙකී වගකීම් ඉටු කිරීම සඳහා කොමිසමට දින 90 ක කාලයක් දී ඇති බත් සිය කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාල ආයතන වෙත උපදෙස් දීමේ  බලය ද කොමිසම සතු බව ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් පෙන්වා දෙයි.



අදහස් (13)

චක්‍රලේඛ පහසු කරන්නට නව කමිටුවක්

nuwan Friday, 08 January 2021 12:17 PM

අනේ සර්! කමිටු දාපු තරමට ගිය අවුරුද්දෙ වැඩ කෙරුණානම් අපි සිංගප්පුරුව අපේ කොළනියක් කරගෙන...

:       7       31

nimalSaturday, 09 January 2021 02:49 PM

ජනාධිපතිතුමනි, දුම්රිය සේවය පුද්ගලීකරණය කිරීමට හැකිද කියා සොයාබලන්න.. කමිටුවට උපදෙස් දෙන්න.

:       0       0

Rata Perata Friday, 08 January 2021 01:44 PM

ආයෙත් පවුලට ගේමක් ගහන්න වැඩක් සෙට්වෙලා ඇති. තියෙන නීතිත් එක්ක බැරුව ඇති. අනිත් එක මේක තමයි දැන් තියෙන හදිසිම වැඩේ. මෝඩයෝ රජකළාම විඳින්න වෙන්නේ අපිට.

:       7       34

sirimal Friday, 08 January 2021 01:47 PM

ආයේ මක්කටෙයි මේ කමිටු පත් කරකර මහජනතාවගේ බදු මුදල් නාස්ති කරන්නේ. " චක්‍රලේඛන කියන්නේ මගේ කටවචනය තමයි." කියලනේ එකවතාවක් කීවේ.

:       6       31

Nalaka Friday, 08 January 2021 02:35 PM

හිටන්ට එහා..

:       7       26

ara Friday, 08 January 2021 02:39 PM

කෙහෙල් පැලේටද? පොල් පැලේටද?

:       5       28

විපරමා Friday, 08 January 2021 02:51 PM

ඔය කමිටුවල ඉන්නෙත් තමුන්ගෙ බත්බැලයින්.. රටට කෙසේ වෙතත් පවුලේ උදවියට වැඩක් සිද්ද වෙච්ච් එකයි කවදත් වුනේ...!!!

:       5       30

විජිත් Friday, 08 January 2021 08:19 PM

චා චා ...සර් ට අමතකවෙලාද කොහෙද? අර හරියකට ඉස්කෝලයකටවත් ගිහින් නැති, මිනිස්සුන්ට වැදගත් විදිහට කතාකරන්නවත් නොදන්නා, පැන්ෂන් ගිය, පස්ස බිම ඇනුණ, හමුදාවේ හිටපු, වලපයයි ගොඩපයයි තියාගෙන ඉන්න නාකි ජෙනරාල්ලා ටික...

:       0       0

kamal Saturday, 09 January 2021 12:52 AM

රෙස්පෙක්ට් සර්... කොහොම හරි තියෙන නීතියට එපිටින් බත්බැලයින්ට හම්බකරගන්න ඉඩදෙන්න. නැතිව අපිට සල්ලි තිබේද? ඊළඟ ඡන්දෙට වියදම් කරන්න.

:       0       0

අප්පුහාමි Saturday, 09 January 2021 01:56 AM

හැම එකකටම චක්‍රලේඛ ඉල්ලන පුරුද්දක් තිබීම වෙන්නේ නිකුත් කරන චක්‍රලේඛන ගැන අවබෝධයක් නැති නිලධාරීන් සිටින නිසාය. උදාහරණයකින් කියනවා නම් බොහෝ නිලධාරින් ආයතන සංග්‍රහය පෙරලා බලා එහි මුද්‍රණය කල අවුරුදු දේ තිබූ විධිවිධානම අනුවම අළුත් චක්‍රලේඛ නොසලකා තීරණ ගැනීම කරනවා. පෙර සිටි නිලධාරින් චක්‍රලේඛයන් නිකුත්කළාම එය අදාල පරිදි ආයතන සංග්‍රහයේ හෝ මුදල් රෙගුලාසි සංග්‍රහයේ සටහන් කර කටයුතු කළත් වත්මනේ කිසිවෙකු එසේ කරන බවක් දක්නට නැත්තේ සෑම එකකටම චක්‍රලේඛයක් ඉල්ලන නිසාය. ඒ අතර වත්මනේ සේවයේ නියුතු නිලධාරීන් වරින්වර (වසර 6 කට පෙර විශ්‍රාම ගත්) මා අමතා උපදෙස් ඉල්ලන නිසා මෙය ඉතාම සත්‍ය බව නොපැකිලව කිව හැකියි..

:       0       0

චමින්ද Saturday, 09 January 2021 02:05 AM

බඳවා ගැනීම් කලාටම මදි.. බඳවාගන්නා සියළු දෙනාටම විධිමත් පුහුණුවක් ලබාදී උගත්කමට අමතරව අවශ්‍ය වෙන දැනුම කුසලතා හා යහපත් ආකල්ප වර්ධනය කිරීමක් කලහොත් මෙයට වඩා ප්‍රයෝජනයක් වේවි...

:       0       0

Saman Saturday, 09 January 2021 03:25 AM

චක්‍රලේඛ රිවර්ස් කරන්න තව කමිටුවක් පත් කරන්න...

:       0       0

Somapala Sunday, 10 January 2021 04:38 AM

මෙයා ගැසට් මෑන් කෙනෙක් වගේ.. කරපු දෙයක් නැහැ. රට වටේ යනවා. මිනිස්සුන්ට කන්න නැහැ, අඳින්න නැහැ, රැකියා කරන්න බැහැ, වනාන්තර විනාශ වෙනවා... අනේ රටට ගිය කලක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 501 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1266 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 686 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 618 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 921 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 457 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site