(අංජුල මහික වීරරත්න)
මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් - සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත් එසේම චීනය සෑමවිටම ශ්‍රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත් චීන උප අගමැති තිං ක්ෂ්යෙශං (Ding Xuexiang) මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන උප අගමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බීජිං නුවරදී පැවැත්වුණු අවස්ථාවේදී චීන උප අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා “එක් තීරයක් - එක් මාවතක්” වැඩසටහන යටතේ පූර්ණ සහාය ලබාදෙන බව පැවසූ චීන උප අගමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මෙම ව්‍යාපෘති දෙකම සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූයේ ඉන්දීය සාගර කලාපයේ අනන්‍යතාව සහ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයක් යොමු කරන බවයි.බල අරගලයක ගොදුරක් බවට ඉන්දියන් සාගරය පත් කර ගැනීමට අවකාශ ලබා නොදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
චීන උප අගමැතිගෙනුත් ජනපතිට සහතිකයක්
අරවින්ද මොනරවිල Friday, 20 October 2023 11:06 AM
එක් අතකින් චීන දේශපාලන, ආර්ථීක හා යුද උපායමාර්ගයට රටේ දකුණ දිසාව යටත් කරන ගමන් අනිත් පැත්තෙන් ඇමරිකන්, ඉන්දීය, දේශපාලන ආර්ථික හා යුද උපාය මාර්ගයට රට කරමින් මේ රට එහි සැබෑ හිමිකරුවන්ට අහිමි කරමින් තම මඩිය තරකර ගන්න උත්සහ කරන මේ අය නම් රටේ පාලකයෝ නොවෙයි, ද්‍රෝහියෝ...!
Rata Perata Friday, 20 October 2023 12:23 PM
තවමත් පක්ෂ, පාට බලලා මේ දේශපාලුවන්ට පක්ෂව අදහස් දාන අය ජාති ද්‍රෝහියෝ... හිටපු අය සහ දැන් ඉන්න අය... ඔක්කෝම රටේ ආර්ථිකය, ජනජීවිතය නැතිම කරලා දැම්මා. මේ මනුස්සයා දැන් කරන්නේ රට විකුණන්න වැඩ කරන එක..
බද්රානි Friday, 20 October 2023 03:31 PM
සිංහල මෝඩයින්ව ඇන්දුවාම, ඕනෑ දෙයක් කරගන්න පුළුවන් චීන මහත්තයෝ... ගරු, නම්බු, පුහු තාන්න මාන්න හා වාහන්වලට පුදුම කෑදර කමක් තියන මේ ලෝකේ බදාගෙන ඉන්න බහිරවයින් තමයි ලංකාවේ ඉන්නේ... අනික ලංකාවේ මෝඩයින් රටට වඩා දේශපාලන පක්ෂ වලටයි සේවය කරන්නේ...