චීන ජනාධිපති ෂී ජින්පින් නිල සංචාරයක් සඳහා වියට්නාමයේ හැනොයි අගනුවරට පැමිණියේය. චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ වියට්නාමයට පැමිණියේ වසරහයකට පසුව යැය පැවැසෙයි.
හැනොයි අගනුවරට පැමිණි චීන ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. වියට්නාම් කොමියුනිසිට් පක්ෂ මහ ලේකම් න්ගුවෙන් පූ ත්‍රොංග්, කොමියුනිසිට් පක්ෂ සභාපති වෝ වැංග් තඔන්ග් සහ වියට්නාම අග්‍රාමාත්‍ය පැම් මිං චිං සමඟත් චීන ජනාධිපති ෂී ජින්පින් සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටියේය.
චීනය මෙන්ම වියට්නාමය ද ආසියාව අයත්, කොමියුනිසිට් රටවල්ය. වියට්නාමය සමඟ පවතින මිතුදම් තවත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර ශක්තිමත් සහයෝගයක් පවත්වා ගැනීම මෙම වියට්නාම් සංචාරයේ අරමුණ යැයි චීන ජනාධිපතිවරයා පවසා තිබේ.
වියට්නාමයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා චීන ජනාධිපතිවරයාගේත් චීන රජයේත් අවධානය යොමු වී ඇත. වියට්නාමයේ වරාය, දුම්රිය, මාර්ග සංවර්ධනය ආදී ව්‍යාපෘති රැසකට ද චීනය මැදිහත් වී ආධාර ලබා දීමට උනන්දුවෙන් පසුවෙයි.
මේ අතර, චීන ජනාධිපතිගේ ෂී ජින්පින්ගේ වියට්නාම සංචාරයට එරෙහිව හැනොයි අගනුවර විරෝධතා රැලියක් ද පැවැත්විණ. ඒ, වියට්නාමයේ චීන විරෝධී ක්‍රියාකාරීන් විසිනි.
වියට්නාමය අසල්වැසි කලාපීය රටවල් සමඟ නොව ඇමෙරිකාව ද ඇතුළු බටහිර රටවල් සමඟ ද සමීප මිතුදම් පවත්වාගෙන යයි. මීට මාස කීපයකට පෙර, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද වියට්නාමයේ සංචාරයක නියැලුණි.
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චීන ජනාධිපති වියට්නාමයේ