IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න්  (Shen Yiqin) මහත්මිය ඇතුළු දුත  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

කොළඹ ජනාධිපති ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදු විය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ලබාදෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට සහ රජයට සිය ස්තූතිය පිරිනැමීය.

එසේම සංචාරක, ක්‍රීඩා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය සහ වරාය නගරය මේ වන විට ආයෝජන සඳහා සූදානම්ව පවතින බවද සඳහන් කළේය.

එක් තීරයක් - එක් මාවතක් (Belt & Road) වැඩසටහනේ පාර්ශ්වකරුවන් වූ ශ්‍රි ලංකාව වැනි රටවල් ආර්ථික වශයෙන් වැඩි දායකත්වයක් ලබාදෙන එම වැඩසටහනේ දෙවන අදියරට පිවිසීමට සූදානමින් සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) වෙත ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

චීන විශේෂ නියෝජිතවරිය මෙහිදී පැවසුවේ චීන - මියන්මාර් ආර්ථික කොරිඩෝව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ද චීනයේ අවධානය යොමුව ඇති බවයි. 

චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවකට එළැඹිණි.



අදහස් (1)

චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමු වෙයි

ගමෙ එකලා Tuesday, 21 November 2023 04:16 AM

අයිතිකාර උන්දැලා, නොනා කෙනෙක් එවලා නොවැ තත්වෙ හොයල බලන්න. නොනට හොදට සන්ගරහා කරන්න ඔනෙ යන්න කලියෙන්. නරකද අපෙ විමල් උනදැවත් උදව්වට ගත්තොත් ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 369 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 48 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1303 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 2965 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 129 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 2593 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39520 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25742 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1186 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site