IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


චීන තානාපති කාර්යාලය මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරයි

( තිළිණි ද සිල්වා)

චීන තානාපති කාර්යාලය මහජන බැංකුව අසාදු ගත කර ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය  මෙම පියවර ගෙන ඇති අතර එම කාර්යාලය  අද (29) මේ බව චීන වෙළඳ අමාත්‍යාංශය වෙතද නිල වශයෙක් දන්වා ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

මෑතකදී එම බැංකුව චීන සමාගමකට නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම  හේතුවෙන්තා තානාපති කාර්යාලය මෙම පියවර ගනු ලැබ ඇතැයි සදහන් වේ.

ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශ්‍රී ලංකා මහජන බැංකුව  නිකුත් කරන ලද ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත් චීන තානාපති කාර්යාලය සියලුම චීන ව්‍යවසායකයන්ට දන්වා ඇතැයිද සදහන්වේ.

දැනට මතභේදයකට ලක්වී ඇති චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කරනු ලැබුවේ මහජන බැංකුව හරහා වන අතර ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පවසා තිබුණේ, එම පොහොර සාම්පලවල අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බැවින් එම පොහොර භාරනොගත යුතු බවටය.

මේ සම්බන්ධයෙන් මහජන බැංකුවෙන් කළ විමසිමකදි එහි උසස් නිළධාරියෙක් කියා සිටියේ ණයවර ගෙවීම තහනම් කරමින් කොළඹ වානිජ අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා දි ඇති බවයි. එම තහනම් නියෝගය හේතුවෙන් මුදල් ණයවර නිකුත් කිරීම තාවකාලිකව නතර කළ බව ද එම නිලධාරියා කියා සිටියේය.

 



අදහස් (32)

චීන තානාපති කාර්යාලය මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරයි

ranil Friday, 29 October 2021 12:41 PM

චීනෙ හිටු කියලා දෙනවා නේද සර්...!!!

:       4       81

Gonja Friday, 29 October 2021 12:42 PM

චීන තෑග්ගක් හැටියට අසුචි නැවක්ම එවලා ඇති නේද සර්..?

:       4       77

Nuwan Friday, 29 October 2021 01:06 PM

මේ වෙච්චි වැඩේ මහජන බැංකුවට පාඩුවක් නෙමෙයි.., ලාභයක්. මොකද හැම රජයේ කොමිස් පිට ගහන ව්‍යාපෘතිවලට අතොරක් නැතිව යොදාගත්තු බැංකුවක් තමයි මේ බැංකුව...

:       3       69

හිටං හුටං Friday, 29 October 2021 01:11 PM

අනේ එයාලට බම්බු ගහගන්න කියාපල්ලා...

:       4       48

Sunil Friday, 29 October 2021 01:17 PM

අන්තිමේදී යටකළ මුදලත් නැත. පොහොරත් නැත. ලක්ජනයාට චීන අසූචි ලබාදීමේ ඇමැතිගේ වැඩ පිළවෙළ සාර්ථක වෙමින් පවතියි.

:       0       0

ROYFEDRICKS Friday, 29 October 2021 01:43 PM

මේවා විහිලුවට ගණන් ගතයුතු කාරණා නොවේ. චීනා තමන්ගේ බලය පෙන්වන්න පටන් අරන් එයාට ඕනේ එයාගේ වැසිකිලිවල අශූචි අපට විකුණන්න. හොදින් හෝ නරකින් උන් ඒක කරනවා. රට විකුණපු අයට චීනා හොඳට කොමිස් ගෙවලා තියෙනවා. පාලකයින් පරම්පරා 30කට 40කට හම්බ කරගෙන අවසන්. ඔවුන් තවතවත් හොරකම් කරනවා. ජනතාවට හාමතේ මැරෙන්න සිදුවෙනවා...

:       3       77

ලංකා Friday, 29 October 2021 01:55 PM

චීනේ අපේ පිටිපස්සට බටර් ගාලා ඉවරයි වගේ... දැන් ඉතින් ඊළඟ ස්ටෙප් එක පටන් අරන්...

:       2       57

Nuwan Friday, 29 October 2021 01:57 PM

දැන් ඊළඟ ඡන්දෙදී ජාතියේ අප්පොච්චි පපුවට අත ගහගෙන අපි ලෝකයේ බලවත්ම රටක් වන චීනයට ඔලුව නැව්වේ නැහැ.. හාමුදුරුවනේ... ! මොකද විෂ පෝර මගේ අහිංසක ජනතාවට දෙන්න මම මැරුණත් ඉඩ තියන්නේ නැහැ...! පහුවදාම ඡන්දෙ ගොඩ... කොහොමද ටිකිරි මොලේ?

:       1       63

gamaathi Friday, 29 October 2021 01:59 PM

අදාල සමාගමට මුදල් ගෙවීම් සඳහා මෙය චීනය විසින් ගන්නා ලද උපක්‍රමශීලී පියවරක් විය හැකියි...

:       2       39

සකලබුජං Friday, 29 October 2021 02:05 PM

මෙය ශ්‍රී ලංකාවට හොඳ නැහැ. අගමැතිවරයා කියලා තියෙද්දීත් (චීනය සමග ළඟින්ම සිටි රාජ්‍ය නායකයෙක් ලෙස) මෙහෙම කළා නම් ඔවුන්ගේ බලාපොරොත්තුව මේ රට විනාශ කිරීම කියලා තේරෙන්නේ නැද්ද? එයින් උන්දැලා බලාපොරොත්තු ඇති අයගේ හාල්ටික අපිට විකුණන්න. අපේ තේ වගාව නැති කරන්න... අපි බලමු බමුණයි, රවීන්ද්‍රයි මොකෑ කියන්නේ කියලා...

:       0       22

මැදමුලන අන්දරේSaturday, 30 October 2021 12:19 AM

බමුණා මේ දිනවල මැදමුලන ලොන්ඩරි බළකායේ බරටම වැඩ. මේ දිනවල තොග පිටින් වැඩ එන නිසා විවේකයක් නැතිලු. කෑලි ගාණට කරන්නෙත් නැතිලු. විවේකයකට තියෙන්නේ කවදත් කරන වන්දනාවේ යෙදෙන මොහොත පමණක්ලු.

:       0       0

Nuwa Friday, 29 October 2021 02:06 PM

දැන් දැන් පේන විදියට ලංකාවේ රජයට වඩා චීන තානාපති කාර්යාලය ඉහළින් තියෙන්නේ.. හැබැයි මේකේ දෙකක් තියෙනවා. එකක් තමයි චීනයට මේ තරම් උඩ යන්න අපේ පාදඩ දේශපාලකයින් මොකක්හරි විදියට ඔවුන්ට බැඳිලා ඉන්නවා.. අනිත් එක තමයි අපේ ජරා දේශපාලන නඩයට වඩා චීන තානාපති කාර්යාලයක් හොඳයි එක අතකට..

:       1       31

saman Friday, 29 October 2021 02:12 PM

බල්ලොත් එක්ක ලැග්ගා නම් බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන්නේ මේකයි..

:       0       50

naleen Friday, 29 October 2021 02:13 PM

දැන්වත් මේ කාබනික මගුල නවත්තන්න බැරිද? මිනිස්සුන්ට උදේ ඉඳලා රෑ වෙනකන් කාබනික අහලා ළඟදීම මොලේ ලෙඩක් හැදෙනවා...

:       3       43

Hafeel Friday, 29 October 2021 02:26 PM

කොහොමද චීනුන්ගේ චණ්ඩිකම. දැන්ම මෙහෙම නම්, ඉදිරියට කොහොම වේවිද? ජාත්‍යන්තරයට බය නැති, කෙලින් තීන්දු තීරණ ගන්නා නායකයක් කියලා නේද? දැන් ඉන්න රටේ නායකයාව වර්ණනා කලේ...? චීන, ඉන්දියාව සහ අැමෙරිකාවෙන් කිසිම ආධාරයක් ගන්න හොඳ නැහැ. නමුත් මේ රටේ පාලකයින්ගෙන් මේක බලාපරෛාත්තු වෙන්න බැහැ...

:       2       41

Bandara Friday, 29 October 2021 02:34 PM

චීනා ඔවුන්ගේ මිනිස් අසූචි අපිට කවන්න පුදුම සටනක් කරන්නේ... එහෙන් අපේ පාලකයෝත් චීනේ නම් අසූචි වුණත් කමක් නෑ කියලා පිඟන්වලට හරි බෙදන් කන්න බලාගෙන ඉන්නේ.. මොකද හම්බ වෙන කොමිස් කන්දරාවට පෙරේත වෙලා...

:       1       41

Naushi Friday, 29 October 2021 08:05 PM

අපේ පාලක පවුලේ අය චීන්නුගේ අසුචි කන්ඩ පටන් අරන් ගොඩක් කල්

:       0       0

Mithrasiri Friday, 29 October 2021 02:39 PM

චීනගේ වෙස්මුහුණ ගැලවී ඇත්ත මුහුණු මතුවුණු අවස්ථාව... දැන්වත් දැනගනිල්ලා.

:       0       36

Sagara Friday, 29 October 2021 03:27 PM

උඩුවේ ධම්මාලෝක හිමියන්ට අනුව චීනය කිසිවිටෙක ශ්‍රී ලංකාවට අහිතකර කිසිවක් නොකරනු ඇත.

:       3       27

පිටිගල මිලානෝ Friday, 29 October 2021 03:32 PM

මෙම අසූචි පොර නැව මොන දෙයකටද? නම මාරුකරමින් කොළඹ වටේ කැරකි කැරකී හොරගල් අහුලන්නේ...?

:       0       27

NDF Friday, 29 October 2021 04:06 PM

කෝ විමලේ හෝ අනුර? චීන එම්බසි එක ඉස්සරහ පෙළපාලි යනවාද? ඇමරිකාවට එරෙහි වුණාට චීන අසුචි කාලා හත්පොලේ ගාගත්ත එක වාමාංශිකයෙක්වක් කට අරින්නේ නෑ.

:       3       23

PrasangaWednesday, 03 November 2021 12:21 PM

විමලේ නම් හොයා ගන්න නැහැ .එත් අනුරලා කෑ ගහන නිසා තමයි මේවා මිනිස්සු දැන් ගත්තේ .නැත්නම් මේ පොහොර තොගය දැනටමත් ගෙනැල්ලා පාවිච්චි කරලත් ඉවරයි

:       0       0

අබිලීනු Friday, 29 October 2021 04:20 PM

මම බැලුවේ බමුණු ආරච්චියි මේකේ හැමදාම කොටන රවීන්ද්‍රයි නැත්තේ මොකද කියලා... උන්දැලාට මේවාට උත්තර නැහැ...

:       0       28

fairoosSunday, 31 October 2021 12:54 PM

එක රටක්, එක නීතියක් බලකායට සෙත්පතා පිනක්, දහමක් කරගෙන ඉන්නවලු...

:       0       0

BamunuarachchiTuesday, 02 November 2021 05:22 PM

අබිලිනු මේකයි වැඩේ. අබිලිනුට පාන් ගෙනෙන චුන් පාන් කාරයා එක දවසක් පුස් පාන් දුන්නොත් අබිලිනු ඉන් පස්සේ ඒ චුන් පාන් කාරයාගෙන් පාන් ගන්නේ නැහැ. ගෙදර අයට කියනවා ඒ චුන් පාන් කාරයා ගෙන් පාන් ගන්න එපා කියලා. ඒ කියන්නේ අබිලිනු ඒ පාන් කාරයාව බැලැක් ලිස්ට් කළා .නැතිනම් අසාදු ලේකන ගත කළා. ඒ බ්ලැක් ලිස්ට් උනේ අබිලීනු ගෙන් පමණයි. අනික් මිනිස්සු ඒ පාන් කාරයාගෙන් පාන් ගන්නවා.කවුරුත් අබිලුනුට දොස් කියන්නේ නැහැ. පාන් කාරයා බ්ලැක් ලිස්ට් කලාට ඒක් ඒ දෙගොල්ලගේ ප්‍රශ්නයක් . අබිලෙනු බ්ලැක් ලිස්ට් කළා කියල රටේම ඉන්න මිනිස්සු ඒ පාන් කාරයාව බ්ලැක් ලිස්ට් කරන්නේ නැහැනේ. මේ ප්‍රශ්නෙත් ඒ විදිහට හිතන්න.

:       0       0

dayarathna Friday, 29 October 2021 05:25 PM

රටේ සංවර්ධනයට කරපු දෙයක් නෑ අන්තිමට බලනකොට...

:       0       12

saman Friday, 29 October 2021 06:17 PM

මේ වගේ ලෝකයේ කිසිම රටක් වෙනත් රටකට මෙහෙම බලපෑම් කරලා තියෙනවද? කොන්ද පණ ඇති නායකයෝ ඉදිරියටවත් රටට බිහිවේවා...!

:       0       0

siri Friday, 29 October 2021 06:23 PM

ඔන්න බලන්න... අපේ රටේ ඉඳගෙන අපිව මට්ටු කරන්න එන හැටි... මේකද ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කිව්වේ...? මේ විදිහට ඉදිරියට ගියොත් අපේ දරුවන්ට මොන තර්ජන වලට මුහුණ දෙන්න වෙයිද? 

:       0       0

ruwan Friday, 29 October 2021 07:22 PM

ස්තුතියි චීනය!!! අපේ මහජන බැංකුවට යම් ආරක්ෂාවක් ලැබුණා. කරුණාකර BOC ද අසාදු ලේඛන ගත කරන්න.. අපි සියලුම චීන නිෂ්පාදන ආනයනය කිරීම නවත්වන්නෙමු.

:       0       0

soma dubayi Saturday, 30 October 2021 09:53 AM

මේ පෝර ටික ගත්තානම් ඉවරයිනේ....

:       0       0

ලොක්කා Monday, 01 November 2021 03:32 PM

මේ පුවතින්ම මහජන බැංකුවට හරි මිනිසුන්ගෙන් ගරුත්වය හිමිවෙන්නේ වංචනික සමාගම්වලට මුදල් නොදී හරි තීරණය ගත් නිසයි. හැබැයි පොදුවේ අපේ රටේ දේශපාලකයින් යනු අතයට ගනුදෙනු සහ ජාවාරම්වල පෙරමුණු ගත්අය සහ චීනයද එවන් පාලකයින් සමග සමීප ඇසුරකට මනාප කට්ටිය කියලා අප්‍රිකාවේ සහ අනෙක් රටවලත් බ්ලැක් ලිස්ට් වෙලා හුඟක් කල්...

:       0       0

sampath Tuesday, 02 November 2021 08:45 PM

චීනගේ කුණුගොඩවල් වර්ජනය කරලාම චීනම බ්ලැක්ලිස්ට් කරලා දාමු.. චීනා අපිව බයකරලා ඔය විදිහට ලංකාවම ලියාගනීවි... අපිටත් කොණ්ඩෙ බඳින චීන්නු ඉන්න නිසා පුළුවන් වෙයි. හැබැයි චීනට පාරෙම පාඩමක් ඉගෙන ගන්න ඕනේ... අපෙන් ඉන්දියාව පරිප්පු දාලා තුවක්කු බටෙන් කිව්වා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1412 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 278 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 533 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 756 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 148 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 547 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site